සන්ධානයේ ප්‍රතිශත බසියි: අඩු ම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්


(2009 ඔක්තෝබර්  11 - W3Lanka) දකුණු පළාත් සභාවේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 69.24% කි. මෙයින් 97%ක් වලංගු ඡන්ද වේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය වලංගු ඡන්ද අතරින් 67.88%ක් ලබා ගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය 25.09%ක් ද ජනතා විමුක්ති පෙරමුණ 6.11%ක් ද ලබා ගෙන තිබේ. 

මීට පෙර අවසාන වරට පැවති ඌව පළාත් ඡන්දයේදී සන්ධානය 72.39%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේය.


දකුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සොයුරන්ගේත්, ඩලස් අලහප්පෙරුම ඇතුළ තවත් කෙරුමන් රැසකගේත් ගම් ප්‍රදේශය වුණ ද, රජය දකුණට දැවැන්ත සංවර්ධනයක් කළ ද දකුණෙන් සන්ධානය ලබා ගත් ප්‍රතිශතය මේ වසරේ යුද ජයග්‍රහණයට පෙර වයඹින් ලබා ගත් 69.43% ප්‍රතිශතයටත් වඩා අඩු එකකි.


දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට අඩු ම ඡන්ද ප්‍රතිශතය ලැබී තිබෙන්නේ රාජපක්ෂලා මුළු රටේ ම කළ සංවර්ධනය වැනි සංවර්ධනයක් කරන බව වාර්තා වන හම්බන්තොටිනි. එය 66.95%කි.



එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණු පළාතෙන් 80%ක ඡන්ද ප්‍රතිශතයක් බලාපොරොත්තු විය. එහෙත් එජාපය කීවේ 60%කට වඩා එක ඡන්දයක්වත් සන්ධානයට නොලැබෙන බවයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?