සූකර උණ වසංගත තත්වයට පත් වීමේ අවදානමක්!


(2009 ඔක්තෝබර් 16 - W3Lanka) කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවකුට සූකර උණ හෙවත් නව ඉන්ෆ්ලුවන්සා A(H1N1) රෝගය වැළඳීම හා තවත් සිසුන් 10 දෙනෙකුට පමණ රෝගය පැතිරීම සමග සූකර උණ ලංකාවේ වසංගත තත්වයට පත් වීමේ අවදානමක් කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබේ. 
   මේ වන විට ලංකාවේ සූකර උණ රෝගීන් 100කට වඩා හමු වී තිබේ. එහෙත් මෙය ප්‍රජාව අතර ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානම මතු වී තිබෙන්නේ දැන් බව වසංගත විද්‍යා අංශය පෙන්වා දෙයි.
   සූකර උණ රෝගය මුලින් ම දිවයිනේ හඳුනා ගත් අවස්ථාවේදී ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ මුත් ඉන් පසු ඒ කෙරෙහි සෞඛ්‍ය අංශවලත්, මහජනයාගේත් අවධානය අඩු වීම මෙබඳු තත්වයක් ඇති වීමට හේතුව ලෙස හඳුනා ගත හැකි ය.
   මෙම රෝගය රෝගියාගේ කිවිසුම්, කැස්ස, සෙම්, සොටු ආදියෙන් වේගයෙන් ව්‍යාප්ත වන බැවින් ඒවා අන් අයගේ ශරීරගත වීම අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය ය. රෝගීන් සම්පූර්ණයෙන් සුව වන තුරු හුදකලාව රඳවා තැබීම, නිතර දෑත් සේදීම හා ජනයා ගැවසෙන ස්ථානවලට යාම අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් සීමා කිරීම රෝගයෙන් බේරී සිටීම සඳහා ගත හැකි ප්‍රාෙයා්ගික ක්‍රියාමාර්ග වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා