Posts

Showing posts with the label සූකර උණ

සූකර උණෙන් 25ක් මරුට

Image
(2009 දෙසැම්බර් 03 - W3Lanka ) රටපුරා රෝහල්වලට පැමිණෙන සූකර උණ රෝගී සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් දැනටමත් එම රෝගීන් 25 කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සැලකිල්ලට ගෙන වහාම හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර රෝගය පැතිරීම මර්ධනය කිරීම සඳහා පියවර ගන්නැයි සමස්ත ලංකා සුව සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එම සංගමය විශේෂ මෙහෙයුමක් මගින් රෝගය පාලනය කළ යුතු නිසා සූකර උණ රෝගීන් අනෙකුත් රෝගීන්ගෙන් වෙන්කර ප‍්‍රතිකාර කළ යුතු බැවින් රෝහල්වල විශේෂ ප‍්‍රතිකාර වාට්ටු පිහිටුවීම, ඒවා සඳහා ප‍්‍රමාණවත් පරිදි මුව වැසුම්, ඒප‍්‍රණ (ආවරණ ඇඳුම්) අත්වැසුම්, චූෂණ යන්ත‍්‍ර සහ ECG යන්ත‍්‍ර සැපයිය යුතු බව සංගමය පෙන්වා දෙයි. දැනට රෝගය නිශ්චය කරගැනීම සඳහා කළ යුතු රසායනාගාර පරීක්‍ෂාවන් කොළඹදී පමණක් සිදු කිරීම රෝගීන් හඳුනාගැනීම ප‍්‍රමාදවීමට බෙහෙවින් බලපා ඇති නිසා ඉදිරියේ ඇතිවිය හැකි අවදානනම සැලකිල්ලටගෙන ඉහත පහසුකම් වහා වැඩි කළ යුතු බව සංගමය අවධාරණය කර ඇත. රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීමත් අත්‍යවශ්‍ය බව තවදුරටත් එහි සඳහන් ක...

ඡන්දෙ ඉල්ලන්න ගෙදරට එන අයට නහය වසාගෙන දොර අරින්න; වෙන මුකුත් නිසා නෙමෙයි. සූකර උණ

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) ප්‍රකාශයට පත් කර තිබෙන ජනාධිපතිවරණය රටේ පැතිරී යමින් තිබෙන AH1N1 හෙවත් සූකර උණ වසංගතය තවත් ව්‍යාප්ත කිරීමට දායක විය හැකි බව නම සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.  මේ වන විට මෙම රෝගයේ ලක්ෂණ සහිත රෝගීන් දිවයින පුරා ම හම වෙමින් සිටින අතර විශේෂයෙන් ම මධ්‍යම පළාතේ සූකර උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් සිය ගණන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. අද වන විට මධ්‍යම පළාතේ AH1N1හේතුවෙන් සිදු වී යයි සැක කරන මරණ 13ක් වාර්තා වී ඇති අතර ඉන් හතරක් ඔප්පු වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු පවසති.  රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස රජයේ පාසල් වසා දමන ලද මුත් මේ වන විටත් උසස් පෙළ ඇතුළු වෙනත් ටියුෂන් පන්ති සුපුරුදු පරිදි ම පැවැත්වේ. මෙම පංති සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ වාතාශ්‍රය හා වෙනත් පහසුකම් අවම ශාලාවලයි.  රටේ අතිශය ප්‍රගතිශීලී බුද්ධිමතුන් ලෙස බැබලීමට උත්සාහ කරන නමගිය ටියුෂන් මුදලාලිලා ද මෙසේ පංති පවත්වා ඇත. මේ අතර, ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත අන්දමින් ගමන් බිමන් යාම වැඩි වී තිබේ. ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යාම ර...

සූකර උණෙන් මධ්‍යම පාසල් වැසේ; බලධාරීහු කඹ අදිති; ගුරුවරු රස්තියාදු වෙති

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) සූකර උණ ව්‍යාප්තිය වැළැක්වීමට මධ්‍යම පළාතේ පාසල් වසා දැමුව ද එම පාසල්වල ගුරුවරුන්ට නිවාඩු ලබා නො දීම නිසා ඔවුන් තවමත් පාසල්වලට සේවය සඳහා වාර්තා කරති.  මෙම ගුරුවරුන් වෙතින් ද රෝගය බෝ වීමේ අවදානමක් ඇති බැවින් හා ඔවුන් කිසිදු ඵලදායී කාර්යයකට යොදා නො ගැනෙන නිසා ඔවුන්ට ද නිවාඩු ලබා දෙන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිති.  පාසල් වසා දැමීම සම්බන්ධයෙන් පළාත් හා මධ්‍යම රජයේ බලධාරීන් අතර කඹ ඇදීමක් ඇති බව ද, රෝගය වසංගත තත්වයට පත් වීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ට කිසිදු වැඩපලිවෙළක් නො තිබුණු බව එයින් ම පෙනෙන බව ද ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි.  යම් බෝවන රෝගයක් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතුවිය හැකි කාරණා බොහොමයක් ඇති බව ද. එම තත්ත්වය වැළැක්වීමට පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් මෙන්ම මූලික වශයෙන් මධ්‍යම ආණ්ඩුවද වහා ගත යුතු පියවර රාශියක් තිබියදී එසේ නොමැතිව පළාත් සභාවත්, මධ්‍යම ආණ්ඩුවත් එකිනෙකට පරස්පර තීන්දු ගැනීම තුල තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හා අවුල් වීමට හේතු වන බව හා විසඳුමක් කරා ලඟාවීමට ඇති ඉඩකඩ ද බැහැරවන බව ලංකා ගුරු...

සූකරයෝ බලයට පොර කති; උණ වසංගතය පැතිරේ

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka ) ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරුන් නවදෙනෙක් සිටියත් පාලනය කර ගන්නට බැරි වූ සූකර උණ හෙවත් AH1N1 මධ්‍යම පළාතේ වේගයෙන් පැතිරෙමින් තිබෙන අතර එය මැඬලීම සඳහා යයි කියමින් ගනු ලබමින් තිබෙන ක්‍රියාමාර්ග ඇමතිවරුන්ගේ බල පොරයක් හා බලය බෙදීම පිළිබඳ ගැටළුවක් බවට පත් වී තිබේ. රෝගය පැතිරීම වැළැක්වීමට මධ්‍යම පළාතේ පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමට පළාත් මහ ඇමති සරත් ඒකනායක ගත් තීරණයට මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වන සුසිල් ප්‍රේම ජයන්ත විරුද්ධ ය. ඔහුට ඇති ප්‍රශ්නය සූකර උණ නොව පාසල් වසන්නට පෙර ඔහුගෙන් නො ඇසීමයි. පළාතේ තිබෙන ජාතික පාසල් අයත් වන්නේ ඔහුගේ අමාත්‍යංශයටයි. සියලු පාසල් සිකුරාදා දක්වා වසා තබා දිගට ම වසා තබන්නේ ද යන්න එදිනට තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.  මේ අතර පළාතේ ‍අධ්‍යාපන මෙන් ම සෞඛ්‍ය ඇමති ද වන මහ ඇමති සරත් ඒකනායක පවසන්නේ පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමට ගත් තම තීරණයේ වෙනසක් නැති බවයි.

සූකර උණෙන් පළමු මරණය නුවරින්

(2009 නොවැම්බර් 08 - W3Lanka ) දැනට රට පුරා පැතිර යමින් තිබෙන H1N1 හෙවත් සූකර උණ වසංගතයෙන් පළමු මරණය සිදු වී තිබේ.මරණයට හේතුව සූකර උණ බව වෛද්‍ය පර්යේෂණ විසින් සනාථ කරගෙන තිබේ. මිය ගොස් තිබෙන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පුතකු වන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහුට පෙණහළු හා කශේරුකාවල යම් ආබාධ තිබී ඇත. රෝගය උත්සන්න වී ඇත්තේ ඒ හේතුවෙන් යයි සෞඛ්‍ය බලධාරීහ් පවසති.  වෙනත් ඉන්ෆ්ලුවන්සා රෝගවල ලක්ෂණ වන උණ, කැස්ස, උගුරේ වේදනාව, මස්පිඬු වේදනා, හිසරදය, සීතල, වෙහෙස දක්වන H1N1 වෛරස් රෝගය වාතයෙන් හා ස්පර්ශයෙන් බෝ වන අතර රෝග ලක්ෂණ ඇතොත්වෙහා ම රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දෙයි.

සූකර උණ වසංගත තත්වයට පත් වීමේ අවදානමක්!

Image
(2009 ඔක්තෝබර් 16 - W3Lanka ) කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවකුට සූකර උණ හෙවත් නව ඉන්ෆ්ලුවන්සා A(H1N1) රෝගය වැළඳීම හා තවත් සිසුන් 10 දෙනෙකුට පමණ රෝගය පැතිරීම සමග සූකර උණ ලංකාවේ වසංගත තත්වයට පත් වීමේ අවදානමක් කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබේ.     මේ වන විට ලංකාවේ සූකර උණ රෝගීන් 100කට වඩා හමු වී තිබේ. එහෙත් මෙය ප්‍රජාව අතර ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානම මතු වී තිබෙන්නේ දැන් බව වසංගත විද්‍යා අංශය පෙන්වා දෙයි.    සූකර උණ රෝගය මුලින් ම දිවයිනේ හඳුනා ගත් අවස්ථාවේදී ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ මුත් ඉන් පසු ඒ කෙරෙහි සෞඛ්‍ය අංශවලත්, මහජනයාගේත් අවධානය අඩු වීම මෙබඳු තත්වයක් ඇති වීමට හේතුව ලෙස හඳුනා ගත හැකි ය.    මෙම රෝගය රෝගියාගේ කිවිසුම්, කැස්ස, සෙම්, සොටු ආදියෙන් වේගයෙන් ව්‍යාප්ත වන බැවින් ඒවා අන් අයගේ ශරීරගත වීම අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය ය. රෝගීන් සම්පූර්ණයෙන් සුව වන තුරු හුදකලාව රඳවා තැබීම, නිතර දෑත් සේදීම හා ජනයා ගැවසෙන ස්ථානවලට යාම අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් සීමා කිරීම රෝගයෙන් බේරී සිටීම සඳහා ගත හැකි ප්‍රාෙයා්ගික ක්‍රියාමාර්ග වේ.