සූකරයෝ බලයට පොර කති; උණ වසංගතය පැතිරේ


(2009 නොවැම්බර් 22 - W3Lanka) ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරුන් නවදෙනෙක් සිටියත් පාලනය කර ගන්නට බැරි වූ සූකර උණ හෙවත් AH1N1 මධ්‍යම පළාතේ වේගයෙන් පැතිරෙමින් තිබෙන අතර එය මැඬලීම සඳහා යයි කියමින් ගනු ලබමින් තිබෙන ක්‍රියාමාර්ග ඇමතිවරුන්ගේ බල පොරයක් හා බලය බෙදීම පිළිබඳ ගැටළුවක් බවට පත් වී තිබේ.


රෝගය පැතිරීම වැළැක්වීමට මධ්‍යම පළාතේ පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමට පළාත් මහ ඇමති සරත් ඒකනායක ගත් තීරණයට මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වන සුසිල් ප්‍රේම ජයන්ත විරුද්ධ ය. ඔහුට ඇති ප්‍රශ්නය සූකර උණ නොව පාසල් වසන්නට පෙර ඔහුගෙන් නො ඇසීමයි. පළාතේ තිබෙන ජාතික පාසල් අයත් වන්නේ ඔහුගේ අමාත්‍යංශයටයි.



සියලු පාසල් සිකුරාදා දක්වා වසා තබා දිගට ම වසා තබන්නේ ද යන්න එදිනට තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

මේ අතර පළාතේ ‍අධ්‍යාපන මෙන් ම සෞඛ්‍ය ඇමති ද වන මහ ඇමති සරත් ඒකනායක පවසන්නේ පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමට ගත් තම තීරණයේ වෙනසක් නැති බවයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා