ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඒම වැළැක්වීමේ සංඝ බලවේගයක් හැදීමට විමල්ගේ නායකත්වයෙන් වැඩසටහනක්


(2009 නොවැම්බර් 10 - W3Lankaජනාධිපතිවරණයට තරග නො කරන්නැයි ජනරාල් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටීමට ඊයේ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රැස් වූ ආණ්ඩුවට සම්බන්ධ ජාතික නිදහස් පෙරමුණ විසින් මෙහෙයවනු ලබන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හා තවත් සංවිධාන අතර රැස්වීමකදී තීරණයක් ගෙන ඇත.



එයට සහභාගි වූ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික භික්ෂුවක වන මැදගම ධම්මානන්ද හිමියන් මෙම ඉල්ලීමට එකඟ නො වන්නේ නම් ජනරාල් ෆොන්සේකාට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන බව හා ජනරාල් සරත් ෆොන්සේකා යනු ජාතික වස්තුවක් බව පැවසූ බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. 

ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට පිවිසීම වළක්වා ගැනීම සඳහා මහා සංඝයා වහන්සේලා 10,000කගේ සහභාගීත්වයෙන් සත්‍යග‍්‍රහයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව එහිමි පැවසූ බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.



නෙත් ගුවන් විදුලිය පවසන පරිදි කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මැදගම ධම්මානන්ද හිමි ජාතික සම්පතක් වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විජාතිකයන්ගේ උගුලකට හසුව ඇති බව හා ඔහු ඉන් මුදා ගත යුතු බව ප‍්‍රකාශ කර ඇත. නෙත් ගුවන් විදුලියට අනුව මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජාතික නිදහස් පෙරමුණ විසිනි.  එහි නායක විමල් වීරවංශ සහ සිංහලයේ මහා සම්මතයේ භූමි පුත‍්‍ර පක්ෂයේ නායක හරිස්චන්ද්‍ර විජේතුංග යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.  .



උඩුවේ ධම්මාලෝක මන්ත්‍රී හිමි සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමි, සිංහලයේ මහා සම්මත භූමිපුත‍්‍ර පක්ෂයේ නායක හරිස්චන්ද්‍ර විජයතුංග, දොස්තර ගුණදාස අමරසේකර,  ඕල්කට් ගුණසේකර, මහාචාර්ය මැන්දිස් රෝහණධීර යන අය ද මෙම වැඩපිළිවෙල පිළිබඳ රැස්වීමට සහභාගි වූහ. 


මෙම රැස්වීම ඇමතූ විමල් වීරවංශ පැවසුවේ ජනරාල් සරත් ෆොන්සේකා පසුගිය සමයේ බෙදුම්වාදය ප්‍රවර්ධනය කළ රූකඩවලට අසු වී සිය ප්‍රතිරූපය විනාශ කර නො ගත යුතු බවයි.



Comments

  1. සංඝ ආඥාවක් නිකුත් කිරීමට බලය ඇත්තේ කාට ද?

    එවැන්නක් නිකුත් කළහොත් එහි ප්‍රතිඵලය කුමක් ද?

    ReplyDelete
  2. එතකොට හාමුදුරුවරුන්ට දේශපාලය කරන්න එපා කියල සංඝ ආඥාවක් නිකුත් කරන්න කවුරුවත් නැද්ද????? අපේ රටේ හාමුදුරුවන්ට කාලා ( වලදල ) තෙලේ වැඩිවෙලා ඉන්නෙ ඒකයි මේ එක එකාට ගොට්ට අල්ල අල්ල අවිදින්නෙ....... සරත් ෆොන්සේක මහත්තයට ඕන්නම් ඡන්දෙ ඉල්ලපුදෙන්, ඒ මහත්තයට කැමති මිනිස්සු ඡන්දෙ දෙයි, අකමැති මිනිස්සුන්ට තියෙන්නෙ වෙනත් අපේක්ශකයෙකුට ඡන්දෙ දෙන්න...... මොකෝ එහෙම කලා කියල පවු සිද්ද වෙන්නෙ නෑනෙ......

    ReplyDelete
  3. ඇයි දෙයියනේ මේ රටේ පුරවැසියෙක් විදියට සරත් පොන්සේකා මහත්තයා මැතිවරණයකට ඉදිරිපත් වෙනවට මේ යක්කු මේ තරම් බය. ඔය හාල්පාරුවන්ට වඩා එතුමන් දේශ හිතෛයිශියෙක් කියල ඔප්පු කරල තියෙනව. මුන් බය වෙලා තියෙන්නෙ දේශපේමය නාමයෙන් හම්බකරන් කන උන්ගෙ රස්සාව නැතිවෙයි කියල. ජනරාල් පොන්සේකා මැතිවරණයට ඉදිරිපත් වුණොත් එතුමන් සිටිය යුතු තැන ජනතාව තීරණය කරයි. උන්මනෙ කියන්නෙ මේ රටේ බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ කියල කොච්චරවත්.

    ReplyDelete
  4. අනේ වාසනාවන් අපේ හාමුදුරුවනේ. මම මේ කල්පනා කරේ, මොන මලදානකින් හරි අර බුදුහාමුදුරුවොද කවුද කියන ගොයීයා ලංකාවෙ එහෙම ඉපදුනානම් අපිට යන කල මොකද්දැයී කියලා. කවුරු කියලා අපිව බේරාගන්නද කියලා. අප්පා එලව එලාවා දුන්න දේශපාලෙන්ටත් පයින් ගැහැවනේ. පර්ලිමේන්තු මන්ත්‍රී නොවෙයී, සක්විති රජවෙන්නනේ තිබුනේ. අනේ ඉතින් මෝඩ කමට බෙහෙත් නැහැහේ. ඒ පරන මෝඩ උන්දෙලාගේ වැරදි නිවරදි කරල, බුද්දාගම මේ මුලු ලොකයටම ආදර්ශයක් කරන රට ජාතිය බෙරාගන්න වැඩ කොරන අපේ සිංහල බෞධ්ද හාමුදුරුවන්ට ජය ශ්‍රී.

    පෙලහර පාන්න බැරි උනාට, අනේ අපේ හාමුදුරුවනේ, එකට හරියන්නත් එක්ක පොලුපාරවල් පානකොට, අලන්කාරේ බැරුවා. හරියට අංගුලිමාල දමනය වාගේ පල්ලිය ඉස්සරහ වගේ. ජාතියේ මහා පිනට පහල වුනු හාමුදුරුවරු, අනේ වාසනාවන්.

    ReplyDelete
  5. නිමල් සිරිපාල ජනතාවගෙ සල්ලි වලින් බාල බෙහෙත් ගෙනත් මිනීම‍රනකොට මෙ චීව‍රදාරියො හිටියෙ කොහෙද? පුලුවන් නම් එතුමාට විරුද්ධව ඔය අණ පනවන්න. ඔබවහන්සෙලට නිවන් යන්න එ පිනම ඇති.

    ReplyDelete
  6. අනේ මූ වීරවන්සයා ඔලුව ක‍රකවල සන්ගයාටත් දෙශනා ක‍රන්නෙ තව අවුරුදු පහක් ඇලඩින්ගෙ පානෙන් එලිය බලන හැට්ද?

    ReplyDelete
  7. Mchn Sam, Budhu hamuduruwanta " Goyya " kiyala apahasa karana eka nam weradi. Aagamika nayakayanta apahasa karanna hoda ne neda ?

    ReplyDelete
  8. white phoenix... මමනම් අපේ සංගං සරනම් ගච්චාමි. අපේ හාමුදුරුවො මෙච්චර තග දාලා දෙශපාලනය කොරලා අපිව රකින්න හදනොකොට, ජාතික ලයීස්තුවෙන් සක්විති රජකමක් දෙන්න හදපුවෙලේ බුදු හාමුදුරුවො මොකද කීවේ, ඕහේගෙදේ ඕහේ කොරන්න, මගේදේ මම කොරන්නම් කියලානේ. ඒයා හිස මුදුනෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රතික්ශේප කරාපු කෙනෙක්නේ. බුද්දාගම ගැන කිසිම කැක්කුමක් තිබුනෙ නැහැනේ. එහෙව් කෙනෙකුට ගරු සරු මොකටද. මම අපේ සංග රත්තනය කියන හැටියට වැඩ ඕන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප