නාවික හමුදාව සමග ගැටුණ තරුණයාගේ මරණය ගැන විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක්

(2009 නොවැම්බර් 30 - W3Lanka) ත්‍රිකුණාමලය කොඩ් බේ ධීවර වරාය නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු හිටිවනම අතුරුදහන් වූ සිංහල තරුණයකුගේ මිනිය වෙරළට ගොඩගැසීමේ සිද්ධිය පිළිබඳ විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

මෙම තරුණයා සමග ගැටුණු නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු මේ වන විට ‍මෙම තරුණයා මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. 


බහුදින යාත්‍රා මුරකරුවකු වන කේ.එච්. සමන්ත කුමාර නම් වන මෙම තරුණයා කොඩ් බේ ධීවර වරායේ බහු දින යාත්‍රා මුරකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන්ප්‍රදේශයේ ජනතාව නාවික හමුදාවට එරෙහිව උද්ඝෝෂණය කරයි. 






Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election