පමාදෝ මච්චුනෝ පදං! ලංකාවේ මුහුදු සීමාව පුළුල් කිරීමේ ඉල්ලීම පමා වුණේත් කොමිස් නිසා ද?
(2009 නොවැම්බර් 09 - W3Lanka) ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමා බල ප්‍රදේශය ඉදිරි කාලය තුළදී මුහුදු හැතැප්ම 300ක් දක්වා අයිතිය පුළුල් කිරීමට අවශ්‍ය නිල යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීමේදී සිදු වී තිබෙන ප්‍රමාදයක් හේතුවෙන් ලංකාවේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2027 දක්වා කල් දමා තිබේ.
මෙයට හේතුව වී තිබෙන්නේ ලංකාවේ රජය අදාළ ඉල්ලීම නියමිත පරිදි 2009 මැයි මුල යොදා තිබුණු අවසන් දිනයට පෙර ඉදිරිපත් නො කිරීමයි. මෙසේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා දස වසරක කාලයක් ලෝකයේ රටවලට එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටක සීමා පිළිබඳ කොමිෂම හෙවත් Commission on the Limits of the Continental Shelf (CLCS) විසින් ලබා දී තිබිණි. ලංකාවේ ආණ්ඩුව සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගරු කරන ප්‍රතිපත්තියක නො වන අතර, ලංකාවේ යුද්ධය පිළිබඳ කාරණා හේතුවෙන් ලංකාව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමග ප්‍රශ්න ඇති කරගෙන තිබේ.
එක්සත් ජාතීන් විසින් ඇති කරගෙන තිබෙන සම්මුති අනුව, රටක මහාද්වීපික තටකය හෙවත් මුහුදු පතුල හා ගොඩබිම සම්බන්ධ වන බෑවුම් වෙමින් තිබෙන භූමිය අයත් මුහුදු ප්‍රදේශය වර්තමාන නාවික සැතපුම් 200 (නාවික කිලෝ මීටර් 322) බාහිර ආර්ථික කලාපයට පිටින් පිහිටියත් ඒ සඳහා අයිතිවාසිකම් කීමට ඒ රටට පුළුවන.
කල් තබා ඉල්ලීම් ඉදිරිපත් කළ රටවල් අටක් වෙනුවෙන් මුලින් ඉල්ලීම් සලකා බැලීම සිදු වන අතර ඒ සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වේ. රටවල් 50ක් පමණ මෙම ලැයිස්තුවේ සිටින අතර පමා වී පැමිණි ලංකාව සිටින්නේ පොරොත්තු ලේඛනයේ අග හරියේ ය.

ලංකාවේ මුහුදු සීමාව පුළුල් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම පමා වීමට හේතුව ලෙස සඳහන් වන්නේ මුහුදු පත්ල පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා යොදා ගත් නැව හිමි බ්‍රිතාන්‍ය සමාගම ඒ සඳහා අමතර වියදම් ඉල්ලා සිටීම හා එම ඉල්ලීම හා ටෙන්ඩර් කොන්දේසි අතර ගැටුමක් සිදු වීම බව 2009 නොවැම්බර් 09දා ලක්බිම පුවත්පත වාර්තා කළේය. කෙසේ වෙතත් අදාළ යෝජනාව සකස් කර ඉදිරිපත් කිරීමේ වගකීම තිබී ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේයි. මෙම කාර්යයට ධීවර අමාත්‍යංශය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ද සම්බන්ධ වී තිබේ. මෙහිදී අදාළ සමාගම අදාළ ගෙවීම වූ රු. කෝටි 60ට අමතරව තවත් රු.කෝටි 10ක් ඉල්ලා තිබේ. මෙම මුදල ලංකාවේ දේශපාලකයන්ට සැප කාර් 10ක් මිළ දී ගැනීමට යන වියදමටත් වඩා අඩු ය. පසුගිය කාලයේ තෙල් සංස්ථාව එළඹි හෙජිං ගිවිසුම් හේතුවෙන් රටට සිදු වූ පාඩුවෙන් අංශු මාත්‍රයකි. ටෙන්ඩර් ගනුදෙනුවලදී අත යටින් කොමිස් ලබා ගැනීම මහා පරිමාණෙන් සිදු වන බවට චෝදනා එල්ල වන මෙසමයේ රටේ බලයේ සිටින මහා ම දේශප්‍රේමීන් පිරිසක් අතින් මෙවැනි ප්‍රමාදයක් සිදු වී රටට මෙතරම් හානියක් සිදු වීම අතිශය බරපතල සිද්ධියකි.
එක්සත් ජාතීන්ගේ නව සාගර නීති අනුව ලෝකයේ රටවලට තම මහාද්වීපික තටකයේ ඇති ඛනිජ සම්පත් ගවේශනය සඳහා (මසුන් ඇල්ලීම අයත් නොවේ) අයිතිය ලබා ගත හැකිය.
දැනට ශ්‍රී ලංකාව අයත් සාගර කලාපය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන් හත්ගුණයක් වන අතර නව යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් 25 ගුණයක් විශාල සාගර කලාපයක අයිතිය පමා වී ඉල්ලා ඇත.
අලුතින් ඉල්ලා ඇති ප්‍රදේශය ශ්‍රී ලංකාවට අයත් වුවහොත් එම සාගර පතුලේ හා සාගර පතුලට යටින් පවතින සියලු සම්පත් වල අයිතිය ශ්‍රී ලංකාවට ලැබේ. එහෙත් ජාත්‍යන්තර නීතිය අනුව එම ප්‍රදේශයේ ජල කඳෙහි අයිතිය දැනට පවතින ආකාරයෙන් ම ඕනෑම රටකට නිදහස්ව භුක්ති විඳිය හැකි බව පවසයි.

ශ්‍රී ලංකාවට ඊසාන දිගින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කොටසකට ඉන්දියාව හා මියන්මාර් රජයද අයිතිවාසිකම් ඉල්ලා ඇති බවත් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයේ තීන්දුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙතැයි බලාපොරොත්තු වන බවත් භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද සාගර දිනය (ජුනි 08 වැනිදා) නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරයේ දී පැවති සමුළුවකදී සඳහන් කළේය. ඉන්දියාව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ අන්දමන් දූපත් අවට සාගරය සම්බන්ධයෙනි.
ඉන්දියාව වැඩි සද්ද බද්ද නැතිව තම ඉල්ලීම ඉදිරිපත් කළේ එරට මහ මැතිවරණයක් ද පැවැත්වෙමින් තිබෙන අතරතුර ය. ලංකාවේ පළාත් සභා මැතිවරණයක් තිබ්බත් නිලධාරීන් කරන්නේ ඒ සඳහා වැඩ කිරීම මිස තම රාජකාරි නොවේ. ඉන්දියාව විසින් ඉල්ලා ඇති සාගර වපසරිය වර්ග කිලෝ මීටර් ලක්ෂයක් පමණ වේ.
එහෙත් ඉන්දියාව කලට වේලාවට සිය ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ 2010න් පසු සලකා බැලීමට නියමිත බව 2009 ජුනි 12දා ඩේලි මිරර් වෙබ් අඩවියට සම්බන්ධ කර තිබූ වීඩියෝ පටයක කියැවේ. (එය බලන්න මෙතැන ක්ලික් කරන්න) ලංකාවේ මහා දේශප්‍රේමීන් අදාළ ඉල්ලීම ඉදිරිපත් කළේ ප්‍රමාදව හෙයින් එය සලකා බැලෙනු ඇත්තේ 2027දී බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇති බව 2009 නොවැම්බර් 09 ලක්බිම පුවත්පත වාර්තා කරයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.