2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහතට


(2009 නොවැම්බර් 18 - W3Lanka) 2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහත වැටෙන නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. 


රජය මේ වසරේ රු. බිලියන 855ක ආදායමක් අපේක්ෂා කළ මුත් එය රු. බිලියන 115කින් අඩු වන බව ඔහු පවසයි.

මෙම තත්වය ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන ආකාරයට මේ වසරේ අයවය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක් දක්වා අඩු කිරීමේ කාර්යයට ද අහිතකර ලෙස බලපායි.



එකී ඉලක්කය සපුරා ගැනීමට නම් තව තවත් බදු ඉහළ නැංවීමට රජයට සිදු වේ. ඒ සමග ජීවන වියදම තවත් ඉහළ යා හැකි ය. ලංකාවේ ආණ්ඩුව ප්‍රධාන මැතිවරණවලට සූදානම් වෙමින් සිටියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා