රවි ජයවර්ධන දූෂණ විමසුමෙන් දේශපාලනයට


(2009 නොවැම්බර් 23 - W3Lanka) වර්තමාන රජයේ පවතින බරපතල දූෂණ හා වංචා හෙළිදරව් කිරීම සඳහා පිහිටුවන ලද 'දූෂණ විමසුම' සංවිධානයේ නායකයකු වන නීතිඥ රවි ජයවර්ධන කලුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කර ඇත.

රවි ජයවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේයේ හිටපු සභාපතිවරයෙකි.

මහාචාර්ය ජී.එල්. පීරිස් පොදු පෙරමුණේ ඇමති ධුරයක් දරද්දී අධිකරණ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු, මුදල්, කර්මාන්ත සංවර්ධන වැනි අමාත්‍යංශවල රාජකාරී කර ඇති ඔහු බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ ලාබාලතම තැනැත්තා විය. පසුව රනිල් වික‍්‍රමසිංහ රජයේ සාම කි‍්‍රයාවලියට සම්බන්ධ වූ ඔහු සාමය ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කරන ලදී. 

රවි ජයවර්ධන හෙජින් ගිවිසුමට එරෙහිව හා 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනනය ක‍්‍රියාත්මක කර ගැනීමට ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට මුල්ව කටයුතු කළේ ය.  


ඔහු අගලවත්ත ආසනයේ පැලවත්ත ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා, මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් හා කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇත.


Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා