ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කරයි

(2009 නොවැම්බර් 16 - W3Lanka) කලින් අදහස් කළ ආකාරයට කඩිනම් ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ආණ්ඩුවට සමීප විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි. 


සිය ප්‍රථම ධුර කාලයේ මුල් වසර හතර අවසන් වූ පසු ජනාධිපතිවරණයක් පවත්වා වසර අටකින් තම ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කලින් අදහස් කළ අතර ඊයේ පවත්වන ලද දැවැන්ත ශ්‍රීලනිප සමුළුවේ මූලික අරමුණ වූයේ ද ඒ පිළිබඳ නිවේදනය කිරීමයි. 


එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කරන බව තහවුරු වීමත් සමග ම ජනාධිපතිවරණය එක් අශ්වයකුගේ ධාවන තරගයක් නො වන බව වටහා ගත් ජනාධිපතිවරයා සිය පළමු ධුර කාලයෙන් ද වසර දෙකක් අහිමි කර ගැනීමේ අනතුරට මුහුණ දීමට අකැමැත්තක් දක්වන බව වාර්තා වේ.


ජනාධිපතිවරයා මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට අදහස් කළ තවත් හේතුවක් වන්නේ මහ මැතිවරණයෙන් පසු තම පක්ෂ සංවිධායකයන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා පූර්ණ ලෙස අනුග්‍රහය නො දක්වනු ඇතැයි සැක කිරීමයි.


Comments

  1. Well one other reason would be according to constitution government MUST have parlimentary election on or before 2010 April.
    Jeppas seems forgot that.

    By doing that Jeppas, Muslim Congress and Mangala will loose their current seats and power will be distributed amound two main parties.
    Some people seems bit worried here :P

    ReplyDelete
  2. ඔන්න එහෙනම් ජනාධිපති තුමා ඊයෙ කියපු දේ අද වෙනස් කොරලා...
    ඊයෙ කෝටි ගානක් වියදම් ක‍රලා මොකක්ද සම්මේලනයක් තිබුනේ එතන නිකක් වේදිකා නාට්ටියක් පෙන්නුවා මතකනේ, ඒකෙදී රැස්වෙලා හිටිය අයගෙන් ඊලගට මහ මැතිව‍රණෙ ඕනද ජනාධිපතිව‍රණෙ ඕනද කියල අහපු එතුමා මිනිස්සු කීවම ජනාධිපතිව‍රණෙ ඕන කියල (එහේනං නිකං සෙල්ලමට ඕක අහල මිනිස්සුන්ගෙ හිත රවට්ටන්නැතිව) දැං මහ මැතිව‍රණෙ තියන්න හදන්නේ............අනේ මංදා මෙව (කාලෙකිං W3Lanka ට මගෙන් හොදක්)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා