චිරං ජයතු චක්‍රවර්ති


(2009 නොවැම්බර් 21 - W3Lanka 
උන්වහන්සේ පොත් රැසක් ලියූහ. සංස්කරණ අතර දුර්ලභ පාලි ග්‍රන්ථයන්හි සංස්කරණ ද බෙහෙවි. අති විශිෂ්ට ධර්ම ශාස්ත්‍රිය ඥානය, විවිධ භාෂා පරිනත ඥානය මොනවට මෙම ග්‍රන්ථ තුළින් පෙනී යයි.
පාලි බස පිළිබඳව කළේ මහත් සේවාවකි. උන්වහන්සේගේ පාලි භාෂාවතරණය තරම් අන් ග්‍රන්ථයක් පාලි බස ඉගෙනුමෙහිලා තවත් නැත. පාලි පාඨාවලි, පඨම පාඨාවලි, පාලි සන්දේශවලි, පාලි සාහිත්‍ය, The New Pali – Course, Aids to Pali Conversation and Translation, The Higher Pali Course, Concise Pali – English Dictionary ආදි ග්‍රන්ථ මේ අතින් විශේෂය.

ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදි වියතුන් සමග අදහස් හුවමාරු කළේ පාලි භාෂාවෙනි. එංගලන්ත පාලි පොත්සමගම බුද්ධදත්ත මාහිමියන්ගේ දුර්ලභ ග්‍රන්ථ මුද්‍රණය වීම බුදු දහම ජාත්‍යන්තර ලෝකයාට විවර කර දුන්නේ ය.



පාලි භේසජ්ජවෙසනී (බුරුම අකුරු), අභිධාන ස්පදියිකා (බුරුම අකුරු), සාත්ථ ලක්ඛණ අභිදාන (බුරුම – ඉංගී‍්‍රසි), බුධ සොසුවිපත්ති (බුරුම සන්නය සහිත), Moha Vicehedani  (රෝම අකුරින්), Jinakalamali  (රෝම අකුරෙන්) ආදි ග්‍රන්ථ මෙන්ම තවත් ග්‍රන්ථ රාශියක් ලියැවුණු අතර එම නාම ලේඛනය ඉතා දීර්ඝ වෙයි. ඒ සා පොත් සංඛ්‍යාවක් ලියූ වෙනත් පැවිදි හිමි නමක් නැතැයි කීම නිවැරදි යයි හගිමි. පුවත්පත් සඟරා ආදියට ලියන ලද ලිපි ලේඛන සංඛ්‍යාව අතිමහත් ය. (2009 නොවැම්බර් 9දා දිනමිණ)


උන් වහන්සේ නම් දැන් කැලනිය විශ්වවිද්‍යාලය නම් වන විද්‍යාලංකාරයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ලද දේශ දේශාන්තර පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියෝය. 

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය ද මේ වසරේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධි දෙකක් පිරිනමන ලදී. දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල දී සිය කාලය, ශ්‍රමය කැපකරමින් චිරාත් කාලයක සිට ඒ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රකාශන පළ කිරීම වෙනුවෙන් සිංගප්පූරුවේ වැඩ වෙසෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශවවිද්‍යාලයට අනුබද්ධිත බෞද්ධ හා පාලි සිංගප්පූරු කොලීජියේ ආයතනාධිපති පූජ්‍ය ආචාර්ය පාතෙගම ඥානාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා එමෙන් ම හෙළ බසට මෙන් ම පාලි, සංස්කෘත භාෂා පෝෂණයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් ඒ තුළින් විශාල උගතුන් පිරිසක් බිහිකිරීමට නැණ පහන් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විමල් ජී.බලගල්ල මැතිඳුන්ට මෙසේ සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන උපාධි පිරිනමන ලදී. 


මෑත ම ඉතිහාසයේදී නම් වඩාත් ම ප්‍රසිද්ධියට පත් චක්‍රවර්ති වන්නේ සක්විති රණසිංහයි. සක්විති යනු සංස්කෘත චක්‍රවර්ති යන වදන හෙළ බසට පෙරළෙන ආකාරයයි. විදු සක්විති යයි සුනිල් ශාන්තයන්ගේ ලංකා ලංකා පෙම්බර ලංකා ගීයේ කියැවෙන්නේ බුත්සරණ ලියූ විද්‍යා චක්‍රවර්ති ගැනයි. 


එල්ලාවල මේධානන්ද හිමි පුරාවිද්‍යා චක්‍රවර්ති ය. එම්. එස්. ප්‍රනාන්දු බයිලා චක්‍රවර්ති ය.


අපේ රටේ ජනාධිපති සාහිත්‍ය චක්‍රවර්ති මහින්ද රාජපක්ෂයෝ ය.

චක්කවත්ති (චක්‍රවර්ති) සීහනාද සූත්‍රය රාජ්‍ය පරිපාලනය දුරාචාර ප්‍රභවයට හා ප්‍රවර්ධනයට බලපාන ආකාරය පිළිබඳ විස්තර කරන බුදු බණකි.


Comments

  1. හික් හික්. කාරණේ ඇත්ත වුණත් වෙන බ්ලොග් එකක කලින් ගිය ලිපියක් මැලේ අච්චාරු කරලා නේද මේක ලිව්වෙ. මේවට පඩිත් ගන්නවද? හික් හික් හික්. මේ තියෙන්නෙ

    http://webalochana.blogspot.com/2009/11/blog-post_20.html

    සාහිත්‍ය චක්‍රවර්ති
    අපේ රටට සක්විතිලාගෙන්, ඒ කියන්නෙ චක්‍රවර්තිලාගෙන් නම් අඩුවක් නෑ. පුරාවිද්‍යා චක්‍රවර්තිලාගේ සිට බයිලා චක්‍රවර්තිලා දක්වාත්, බුත්සරන කතුවර විද්‍යා චක්‍රවර්තීන්ගේ සිට නිකම් සක්විතිලා දුසිම් බාගයක් පමන දක්වාත් විහිද යන සක්විති පරපුරක් බිහි කරමින් මේ පින් බිම ලොව පෙරමුනේ වැජඹෙනවා. චක්‍රවර්ති කියන පදයට සරල සමකාලීන තේරුමක් දෙන්න අවශ්‍ය නම් අධිරාජයා කියන පදය හොඳයි. ඉංග්‍රීසියෙන් emperor කියන්නෙත් මේකට සමාන පදයක්. දැන් සමහරු කියන්නාක් මෙන් මේ දේශයේ ම ඉපදුනු ගෞතම බුදුරජානන් වහන්සේත් චක්කවත්ති සිහනාද සූත්‍රය දේශනා කරමින් මේ පදයේ අරුත් තවත් සංකීර්න හා බරසාර කොට තිබෙනවා. රජවරුන් බිහි වන උදාර ලකුනු පහල ව ඇති මෙවන් යුගයක චක්‍රවර්ති යන වෙසෙසුම වඩ වඩාත් අදාල බවක් කෙනෙකුට පෙනුනොත් ඒකත් පුදුමයක් නෙමෙයි.

    විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය නමින් කලින් ප්‍රකට ව තිබූ දැන් කැලනිය විශ්ව විද්‍යාලය නමින් දන්නා ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අද දහවල් විවිධ සමකාලීන පඬිවරුන්ට සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් තව නානා පන්නයේ උපාධිත් ප්‍රදානය කෙරුනු බව වාර්තා වුනා.

    මේ ස්ථානයෙන් යටගිය දවස සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ලද පඬි රුවනක් තමයි අග්ගමහා පන්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ. බුද්ධදත්ත හාමුදුරුවන් ගැන විස්තර හොයද්දී ලැබුනා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියපු සටහනක්. ඒ උන්වහන්සේගේ භාශා සාහිත්‍ය ප්‍රවීනත්වය හා ශික්ශනය ගැන.

    “පොල්වත්තේ බුද්ධදත්ත නායක හිමියෝ පඩිවරයෙකු හා ධර්මධරයෙකු වශයෙන් අනිත් පැවිදි පඩිවරයන්ට හා ධර්මධරයන්ට අහිමි සංකීර්ණ චරිත ඇත්තෙකි. පාලි භාෂාවෙහි අභිධර්මයෙහි හා ශාසන වංශයෙහි ද පැතිරි ඇති දැනුම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තිය, බහුශ්‍රැත භාවය, නිර්ව්‍යාජත්වය තම වැටහීම, නිර්භයව කීම, පොත පත උගැන්මෙන් හා ලිවීමෙන් ලබන අත්‍යන්තර සන්තෝෂය යන මේ ගුණාංගයන් ගෙන් සංකීර්ණ වූවකි. උන්වහන්සේගේ උගත්කම ලේඛකයෙකුට අවශ්‍ය ව්‍යුත්පත්තියත්, ලිවීමෙන් අත්‍යන්ත සන්තෝෂයත් ඇති පැවිදි පඬිවරයෙකු දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.... ලිවීම උන්වහන්සේට භාවනා විශේෂයක් විය. උදේ සිට රෑ වනතුරු ලිවීමෙන් වුවද උන්වහන්සේට වෙහෙසක් නොදැනුණි.”

    සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංග්‍රීසි ආදී භාශා ගනනාවක් දැන සිටි උන්වහන්සේ ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදී ලොව වටා වියතුන් සමග ලිපි හුවමාරුවේ යෙදුනේ පාලි බසින් බවත් කියැවෙනවා.

    තවත් විස්තර බලන්න මෙතැනට යන්න.

    ඉතින් මෙවැනි පඬිවරුන්ට සම වෙමින් බැබලෙන අග්‍රතර සාහිත්‍ය චක්‍රවර්තීන්ගේ පහස යලි යලිත් ලබන්නට මේ ලංකා ධරනී තලය මොන තරම් පින් කර ඇද්ද? එහි වෙසෙන ජනතාව මොනතරම් භාග්‍යවන්තයෝ ද? අර ප්‍රසිද්ධ ගීතයකත් තියෙන්නෙ

    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා

    හ්ම්. කාටද ආඩම්බර?

    ReplyDelete
  2. නොවැම්බර් මාසය තුළ පමණක් අපි බ්ලොග් සටහන් 118ක් ලියා ඇත. මේ සටහන අච්චාරුවක් යයි කියන ඔබ ඉතිරි සටහන් 117ත් බලන්න.

    අප බ්ලොග් ලියන්නේ පඩි තකා, පට්ටං තකා නොව විකල්ප දැක්මක් පාඨකයන් අතර ගොඩනැඟීම සඳහා ය. අප මේ වෙනුවෙන් වන වෙහෙස වෙනුවෙන් අපට වැටුපක් හිමි විය යුතු බව අපගේ ද විශ්වාසයයි. එහෙත්, අපගේ කාර්යයෙන් ඵල ලබන අය හෝ අපට වැටුප් තබා වියදම් පියවා ගැනීමටවත් උපකාරයක් නො කරති.

    අප බ්ලොග් ගියන්නේ කුමන අමාරුවකටදැයි සියල්ල ලාභය සඳහා ම කරන මේ සමාජයට තේරුම් කර දෙන්නට අමාරු හෙයින් ඒ සඳහා වෙහෙසීමට අපට අවශ්‍යතාවක් නැත.

    අපගේ ලිපිය ලියද්දී වෙබ් ආලෝචනා ලිපිය, එයට පාදක වූ මුලාශ්‍ර හා තවත් මූලාශ්‍ර භාවිතා කළෙමු. මෙය කවුරුත් කරන දෙයක් මිස අප පමණක් කරන දෙයක් නො වේ. අපි ධනේශ්වර කොපිරයිට්ස් සංකල්ප පිළි ගන්නේ නැත.

    එම බ්ලොග් සටහන ලිවීමෙන් වෙබ් ආලෝචනා අරමුණු කළ දෙය අපගේ ද අරමුණ වේ යයි අපි සිතමු. එක ම බොරුව අධිපති මාධ්‍ය රැසකින් පුන පුනා කියද්දී ඇත්තක් යළි යළි කීමේ ඇති වරද කුමක්දැයි අපට නො තේරේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා