පොදුම පොදු අපේක්‍ෂකයා මං - ජනාධිපති; රනිල්ගේ අනා ගත් අභියෝගයටත් හිනා වෙයි


(2009 නොවැම්බර් 27 - W3Lanka) සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නම් තමන්පොදුම පොදු අපේක්‍ෂකයා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති හමුවේදී පැවසීය.

තවද, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය ම ඉදිරිපත් කෙරෙන බව ද ඔහු පැවසී ය. 


"මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ කරුණු 611 න් 450 ක්‌ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබෙනවා. අනෙක්‌ කරුණුත් ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කර තිබෙනවා," යි පැවසූ ජනාධිපතිවරයා එය සකස්‌ කළේත් මුද්‍රණය කළේත් රාජ්‍ය නොවන සංවිධාන නොව තමන් ම බව කියමින් රනිල් වික්‍රමසිංහ විසින් මෑතදී පළ කරන ලද 'අනාගත අභියෝග' පොත නම නො කියා උපහාසයට ලක කළේ ය.  

'අනාගත අභියෝග' නම් පිටු 32ක පොතෙහි පිටපත් දස ලක්ෂයක් මුද්‍රණය කර තිබෙන අතර, එහි බරපැන දරා ඇත්තේ ෆ්‍රෙඩ්රික් නියුමාන් පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයක් බව හෙළිදරව් වී තිබේ.

ඒ සමග ම රනිල්ගේ 'අනාගත අභියෝග' සුපුරුදු ලෙස ම අනා ගත් අභියෝගයක් බවට පත් වී තිබේ.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ග්‍රාම්‍ය ළාබාල ධනේශ්වර කදවුරු දෙකම ප්‍රතික්ශේප කරන අතරම එන්.ජී.ඕ. සම්බන්ධයෙන් පවතින පුහු බිය ද හාස්‍යට කරුණකි.

    එන්.ජී.ඕ. සම්බන්ධතා ඇත්තන් සම්ච්චලයට පත් කරන්නන්ම විදේශ ආධාර මත ආණ්ඩු කරවති. එන්.ජී.ඕ. සල්ලි නරකය. විදේශ ආධාර හොදය. මේ නම් අපූරු තර්කයකි.

    රනිල්ට මෙන්ම මහින්දට ද විදේශ ධනපතියන්ගේ සල්ලි නැත්නම් පස්සා හොදා ගැනීමටවත් නොහැකි බව කවුරුත් තේරුම් ගත යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා