ෆොන්සේකාට එරෙහි මාධ්‍ය මෙහෙයුම දෙමළ මාධ්‍යවේදීන් හරහා ඇරඹේ


(2009 නොවැම්බර් 23 - W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂට තියුණු අභියෝගයක් වී තිබෙන සරත් ෆොන්සේකාට එරෙහි මාධ්‍ය ප්‍රහාරය ඉතා සියුම් ලෙස සැලසුම් කෙරෙමින් ඇති අතර එහි පළමු අදියර ලෙස මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන හා වෙබ් අඩවි පවත්වාගෙන යන මාධ්‍යවේදීන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා දැඩිව විවේචනය කරන ලිපි පළ කරමින් සිටිති. 


ඩී.බී.එස්. ජෙයරාජ් විසින් සරත් ෆොන්සේකාට පළමු ප්‍රහාරය එල්ල කරන ලද අතර, දෙවන ප්‍රහාරය ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ කර්තෘ කේ.ටී.රාජසිංහම් විසින් දියත් කර තිබේ. 


ලංකාවේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු හතළිස් වසරක දූෂණයෙන් තොර හමුදා මෙහෙයකින් පසු ඉන්නට හිටින්නට ගෙයක් නොමැතිව විශ්‍රාම යන අයකු ලෙස විශේෂයෙන් ම ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍ය විසින් හුවා දක්වමින් තිබියදී ඉහත සඳහන් ලේඛකයන් දෙදෙනා ම එකී කරුණ අභියෝගයට ලක් වන කරුණු ඉදිරිපත් කර ඇත. 

මෙහිදී විශේෂයෙන් ම සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුෂයා හා හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුතු වන දනුන තිලකරත්න ලංකාවේ හමුදාව සමග කරන අවි ගනුදෙනුවල අතරමැදියකු ලෙස කටයුතු කරමින් දැවැන්ත කොමිස් ලබා ගන්නා බව සඳහන් කර තිබේ. 


ජෙයරාජ්ගේ ලිපිය පසුගිය සති අන්තයේ පුවත්පත් කීපයක් ම සිංහලට පරිවර්තනය කර පළ කර තිබිණි.


කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී රජයට දැඩි ලෙස පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් කටයුතු කල ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සරත් ෆොන්සේකාගේ බෑණා පිළිබඳ ලියන ලද ලිපියේ මාතෘකාවෙන් කියැවෙන්නේ අහිංසක දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව පත්තු කරන ලද සෑම උණ්ඩයකින් ම ජනරාල් ෆොන්සේකාගේ පවුලට වාසි ලැබුණු බවයි.

Every bullet fired at innocent Tamil civilians fetched kickbacks to Gen Fonseka family 

ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී විපක්ෂය විසින් ආණ්ඩුවේ දූෂණ හෙළිදරව් කිරීමට පළමුවෙන් විශේෂයෙන් ම දෙමළ පාර්ශ්ව හරහා මෙම කරුණු හෙළිදරව් කිරීමෙන් ඒවායේ වගකීමෙන් ගැලවීම හා ෆොන්සේකාට දෙමළ ජන සහයෝගය ලැබීම වළක්වා ගැනීම අදාළ බලධාරීන්ගේ අරමුණ වේ.

(ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ පළ වූ මෙම ඡායාරූපයේ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටින්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, ඔහුගේ බිරිඳ, බාල දියණිය හා වැඩිමල් දියණියගේ සැමියා වන දනුන තිලකරත්නයි.)

Comments

  1. එදා ඔව්වා කවුරුත් ලිව්වේ නැත්තේ ඇයිද මන්දා! ලිව්වා නම් හතරවෙනි තට්ටුව තමා, ඒත් දැන් ලියලා අරලිය ගහ මන්දිරේ රාත්‍රි භෝජන ෂුවර්.
    ළඟදී අපේ බිලොග් සහෘදයෙකුත් ඒවා පළ කර දෙන්න කාරුණික වුණා.

    අහෝ අපේ ලංකීකයන්ටයි මාධ්‍යවේදීන්ටයි දෙන්න ඕනේ වෙනම සම්මානයක්!

    ReplyDelete
  2. යුද්ධයේ සියළු ගෙුරවය එහි සේනා්‍යිනායකයා වන මහින්ද රාජපක්ෂ ජනපතිට හිමිවන බව පවසන සියළු දෙනා මතකයේ තබා ගත යුත= කරැණක් ඇත.

    එනම් යුද්ධයේදී සිදුවූවායයි කියන මෙම චෝදනා වලට සෘජුවම ජනපති වගකිව යුත=ය.

    මක්නිසාද යත් ජනපති වශයෙන් ආචාර්ය (දුන් විදිය දන්නේ දුන්න අයම තමයි) මර්වින් සිල්වාගේ වැඩ වලට වගකිව යුත=වා සේම සේනාධිනායක ලෙස ජනරාල් සරත් ගේ වැඩ වලට වගකිව යුත=යි.

    නූතන විහාරමහාදේවිය චෙූර රැජිණ වන්නට ගියේ සුළු කාලයකි. එහෙව් රටේ සරත්ට මොනවා වෙයිද?

    උදා- දේශදෝහියා, අධිරාජ්‍යවාදී ක=මන්තණකාරයා, මෙකී නොකී සියළු දේශපාලනයේදී භාවිත වන පර්යාය පද

    සමහරවිට පිරිබාහරන් ....කෙන් හිනාවෙයි.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා