අනාගත 'දිනමිණ කර්තෘ' ජනරාල්ගේ ගෙදරදී කසාද බඳී!


(2009 නොවැම්බර් 22 - W3Lanka) පසුගිය සමයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ළංව කටයුතු කළ, ඒ නිසා ම  බස්නාහිර පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල පවුලට අයත් ඉරිදා ලක්බිමෙන් කැපී දිනපතා ලක්බිමට වැටුණු මිහිරි ෆොන්සේකාගේ විවාහ මංගල්‍යය නොබෝදා සරත් ෆොන්සේකා දැනට පදිංචි කොළඹ බුලර්ස් පටු මගේ නිල නිවසෙහි පැවැත්විණි. 

සරත් ෆොන්සේකාගේ ගමන් බිමන් ආරක්ෂක හේතු මත සීමා කර තිබෙන බැවින් මිහිරි ‍ෆොන්සේකාට සිය විවාහය සඳහා සරත් ෆොන්සේකා සාක්ෂිකරුවකු කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදු වී ඇති බව වාර්තා වේ. 


මිහිරිට මිහිරි විවාහ දිවියක් පතන අපි ඔහුගේ සාක්කිකරු අනාගත ජනාධිපති වුවහොත් ඔහුට වඩාත් මිහිරි අනාගතයක් පතමු.

පසුගිය සමයේ මිහිරි ෆොන්සේකාට සරත් ෆොන්සේකා විසින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි.



Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා