ජනරාල්ගේ කට්ටියට දිගට ම කැපිල්ල



(2009 නොවැම්බර් 15 - W3Lanka) මීළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇති ජනරාල් සරත් ෆොන්සේකාට සම්බන්ධ පුද්ගලයන් හා බලවේග දේශපාලනික මර්මස්ථානවලින් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ අලුත් ම පියවර ලෙස ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකාගේ අයියා වන ඒ.එස්.කේ. මුණසිංහ ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර වෙනත් තනතුරකට මාරු කර තිබේ. 

දස වසරකට අධික කාලයක් ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි මුණසිංහව මාරු කර ඇත්තේ එතරම් බලවත් අංශයක් නො වන සංචාරක පොලිස් අංශයටයි. 

ජනරාල් සරත් ෆොන්සේකා අයත්ව සිටි සිංහ රෙජිමේන්තුව යුද හමුදා මූලස්ථානයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක රාජකාරිවලින් ඉවත් කරනු ලැබුවේ ෆොන්සේකා එක්සත් ජනපදයේ චාරිකාවක නියැලී සිටියදී ය. මේ පිළිබඳව ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපියෙහි ද අප්‍රසාදය පළ කර තිබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා