‘ඉ-ශ්‍රි ලංකා’ වැඩපිලිවෙල යටතේ මෙරට සෑම ක්ෂේත්‍රයක්ම ඉක්මනින් සවිබල ගැන්වීමට හැකි වුණා - තිස්ස විතාරණ
(2009 නොවැම්බර් 11 - W3Lanka) කෙටි කාලයක දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සීඝ්‍ර සංවර්ධනයක් මෙරට තුල ඇති කිරීමට ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැක්වු දායකත්වය නිසා ‘ඉ-ශ්‍රි ලංකා’ වැඩපිලිවෙල යටතේ මෙරට සෑම ක්ෂේත්‍රයක්ම ඉක්මනින් සවිබල ගැන්වීමට හැකි වූ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පුර්ණ සංවිධායකත්වය මත පවත්වන ලද ඉ-ස්වාභිමාණී 2009 සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යය තිස්ස විතාරණ මහතා එම අදහස් පල කළේය.
දේශිය ඉ- අන්තර්ගත නිර්මාණකරුවන් ජාතික මට්ටමින් ඇගැයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණ විය.
ඉ -රජය හා ආයතන , ඉ-සෞඛ්‍ය හා පරිසරය, ඉ-අධ්‍යාපනය හා ඉගෙනුම , ඉ - විනෝදාත්මක අංග හා ක්‍රිඩා, ඉ- සංස්කෘතික හා ජාතික උරුම , ඉ- විද්‍යා හා තාක්ෂණ , ඉ- ව්‍යාපාර හා වානිජ්‍ය, ඉ- අන්තර්ග්‍රහණ හා සහභාගිත්වය යන ක්ෂේත්‍ර ඔස්සේ මෙම සම්මාන පිරිනැමිණි.
ඉහත ක්ෂේත්‍ර යටතේ නිර්මාණ 137 ක් පමණ ඉ- ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා ඉදිරිපත් කර තිබු අතර විශේෂ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කරන ලද නිර්මාණ 27ක් සදහා මෙහිදී සම්මාණ පිරිනමන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ(ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා මෙහිදී සම්මාන ප්‍රදානය අමතමින් මෙසේ කීය."තොරතුරු තාක්ෂණ ශිෂ්ටාචාරයට පිවිස සිටින අප සැමගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ අපේ ජීවිත වලට අවශ්‍ය කෙරෙන අන්තර්ගතයන් තොරතුරු තාක්ෂණ උපාංග තුලින් සොයා ගැනීමයි. පරිගණකය ජංගම දුරකතනය අන්තර්ජාලය වැනි විවිධ තොරතුරු තාක්ෂණ උපාංග වල අවශ්‍යතාව තව දුරටත් අපේ ජීවිත වලට දැනෙන්නට ඒවායේ අන්තර්ගතයන් බෙහෙවින් උපකාරී වන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.මේ අතරිනුත් දේශිය අන්තර්ගතයන් සදහා ඇත්තේ දැඩි ඉල්ලුමක්.එවැනි පසුබිමක ඉ - ස්වාභිමානී තුලින් නිර්මාණශිලී දේශිය ඉ -අන්තර්ගතයන් සොයා ගැනීමට අපට හැකිවී තිබෙනවා.අපේ රටේ ඉ- නිර්මාණකරුවන් විශාල පිරිසක් ඉ- ස්වාභිමානී සදහා ඉදිරිපත්වීමෙන් අප රට තුල සිටින මානව සම්පතේ පිරිපුන් බව මෙන්ම නිර්මාණශිලී බවද අපට මැනිය හැකියි."
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ නියෝජිතායතනයේ නීති උපදේශක හා වැඩසටහන් අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු ලෝක බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂිකා නඕකී ඉෂි යන මහත්ම මහත්මීන්ද සම්මාන ප්‍රදානය සදහා සහභාගි විය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.