සාහිත්‍ය චක්‍රවර්ති මහින්ද රාජපක්ෂ


(2009 නොවැම්බර් 19 - W3Lanka) හෙට කැලනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට, ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂට, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට, පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සම්මාන ආචාර්ය පදවි පිරිනැමීමට නියමිත ය. 


මහින්ද රාජපක්ෂ විසින් ලියන ලද කවියක්, කතාවක්, නාට්‍යයක්, විචාරයක් හෝ අන් කිසිදු සාහිත්‍යමය වටිනාකමක් සහිත ලේඛනයක් පිළිබඳ අප නො දන්නා නමුත් ඔහුට පිරිනැමෙන්නේ සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය උපාධියකි.

Comments

  1. මෙවැනි ක්‍රියාවන් මගින් පෙනෙන්නේ විශ්ව විද්‍යාල ස්වකීය ශාස්ත්‍රීය සේවාවෙන් බැහැර වී, දේශපාලන අසුචි ගොහොරු බවට පත් වී ඇති ආකාරය යි. දේශපාලනය මගින් පත් කරන උපකුලපති වරු වෙන කවුරුන් සඳහා කඩේ යම් ද? ගොට්ටු අල්ලම් ද? මේ උපාධි සඳහා ත්‍රිවිධ හමුදා පතිවරු හෝ ඒයට අදාළ කිසිවෙක් නැත. එයින් පෙනෙන්නේ හමුදාව යුධ ජයග්‍රහණයෙන් කොන් කර ඇති සේ ය. "සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක" කළ ක්‍රියාව කුමක් ද? ආගම්වාදී ලෙස ක්‍රියා කිරීම හැර, යුද්ධය සඳහා ත්‍රිවිධ හමුදාවට වඩා කළ මහගු සේවයක් මා නොදනිමි.

    මෙයින් පෙනෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතියේ වූ ආකාර්යෂමතාව හා දුර්වල පරිපාලන හා ශාස්ත්‍රිය මට්ටම් වසා ගැනීමට දේශපාලකයන්ට අල්ලස් දී, හොඳ හිත වර්ධනය කිරීමකි. වැඩ කරන්නන්ට මෙසේ වන්දිබට්ටකම් කරන්නට අවශ්‍ය නැත. වැඩ බැරි දුර්වලයෝ මෙසේ දේශපාලකයන්ගේ සරණ යති. අද විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් රටට වැඩදායක හා සංවර්ධනය සඳහා හේතු වන ක්‍රියාකාරී දායාදයක් ලැබෙන්නේ නැත. මේ සම්බන්ධයෙන් කැළණි විශ්ව විද්‍යාල සනාතන මණ්ඩලය නිහඬ ව සිටීම මගේ ද විශ්මයට කරුණ කි.

    ReplyDelete
  2. දැන්නම් ආචාර්යවරයෙක් කිව්වම කිසිම ගෞරවයක් දැනෙන්නෙ නෑ. මොකද කුඩු මුදලාලිල, පාතාල ලොක්කො, කාලකණ්ණි දේශපාඵවො ඔක්කොම ආචාර්ය උපාධිධාරියො. මහ විශාල නිබන්ධන කරල උගත්කම් ලබල ආචාර්යවරු වන අය ‍මෝඩයෝ කියල හිතෙන්නෙ. මොකද එච්චර මහන්සිවෙලා අන්තිමේ වැටෙන්නෙ අර අපතයෝ ගොඩටනෙ.

    ReplyDelete
  3. කොහෙ තියෙන විශ්වවිද්‍යාල ගැනද මේ කතා කරන්නේ... ලංකාවේ විශ්වවිද්‍යාල නැහ.

    ReplyDelete
  4. ලංකාවේ විශ්ව විද්‍යාල තියෙනවා කියලා මහින්ද චින්තනයේ සඳහන් වෙනවා.ඒවා දියුණු කරන්න ගන්න ක්‍රියා මාර්ග රැසකුත් අඩංගුයි.දුක අද වන තුරු එකක්වත් නොකෙරුන එකයි.මොන ආචාර්ය පටිටම් දුන්නත් කමක් නෑ මේ විශ්ව විද්‍යාල වික සල්ලි කන ආයතන කරන්නේ නැතුව රටට වැඩදායි පුද්ගලයො බිහි කරන තැනක් කෙරුවනම්,
    මුකුත් නොකරම මේවා ලැබෙද්දි මහ්නද මහත්තයා මොකටද විශ්ව විද්‍යාල ගැන ආයෙ බලන්නේ?

    ReplyDelete
  5. I am glad that I gave up my PhD thesis after 4 years and 150+ pages.

    ReplyDelete
  6. විශ්වවිද්‍යාලවලට නිදහස නැතිකොට, නිදහස් අධ්‍යාපනය නැතිවෙන, උපකුලපතිවරු පත් කිරීමේ බලතල ගත්තේ 77 වි‍යවස්ථාවෙන්, ජෙ. ආර්. ජයවර්ධනය. ලොකයෙ පිලිගත් විශ්ව්විද්‍යාල වල සහ පිළිගත් ආයතන වල වැඩකරන ආචාර්යවරු ගැන දන්නෙ නැතුව ඇති. ඒ අය රැකිය ලබගෙන තිබෙන්නේ ආචර්ය උපාදියෙන්. උපදියෙදි ලබා ගන්න දැනුමයි වතින්නෙ. උපාධියේ දි ලබන උපධිය ලබාගත් ආකරය මතයි රඳාපවතින්නේ. නම අගට Ph.D. දානින පුලුවන් කටද කියල හොයල බලන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා