Posts

Showing posts with the label කැලනිය විශ්වවිද්‍යාලය

සාහිත්‍ය චක්‍රවර්ති මහින්ද රාජපක්ෂ

Image
(2009 නොවැම්බර් 19 - W3Lanka ) හෙට කැලනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට, ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂට, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට, පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සම්මාන ආචාර්ය පදවි පිරිනැමීමට නියමිත ය.  මහින්ද රාජපක්ෂ විසින් ලියන ලද කවියක්, කතාවක්, නාට්‍යයක්, විචාරයක් හෝ අන් කිසිදු සාහිත්‍යමය වටිනාකමක් සහිත ලේඛනයක් පිළිබඳ අප නො දන්නා නමුත් ඔහුට පිරිනැමෙන්නේ සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය උපාධියකි.