බාල මහින්දගෙන් වැඩිමල් මහින්දට
විසැස් කමලාව රස පහස නොවිඳමා දසිස් දුනි පොරණ ඇසු දුටු පමණමා වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා මහිස් එකක් දුනි නම් ඔබ නමට කිමා (දස්කොන් හිස ගැසුමට යන අතර ප්‍රමිලා බිසවට ඇසෙන්නට කියූ කවක් බව ජන සාහිත්‍යයේ සඳහන් වේ.) මේ කවිය කියැවුණේ ප්‍රමිලා බිසව කී මේ කවියට පිළිතුරු ලෙස බව කියැවේ. සක්‌මන් කරන මළුවේදී බැඳි හාද සිත් සන්තොසින් දුන් මුව මී බීවාද ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න