අහෝ නන්දන දකියි මොක් පුර; 108වන ඇමති නන්දන


(2009 නොවැම්බර් 27 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වීම නිසා ඇමති ශීර්ෂය අචල සුරංග ජාගොඩට දන් දෙන්නට සිදු වූ නන්දන ගුණතිලක කෙරෙහි කරුණා පෙරදැරිව ඔහුට ගොඩපිටියේ බෝම්බයෙන් බරපතල තුවාල ලැබ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින ඇමති මහින්ද විජේසේකරගේ අමාත්‍යංශ‍යේ වැඩ බැලීම පැවරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. 


ඒ අනුව දැන් නන්දන වැඩ බලන තැපැල් හා විදුලි සංදේශ ඇමති ය. ඒ අනුව දැන් ඇමති සංඛ්‍යාව මෙසේයි:


කැබිනට් අමතිවරු 50යි
වැඩබලන ඇමතිවරු 01යි
කැබිනට් නො වන ඇමතිවරු 38යි
නියෝජ්‍ය ඇමතිවරු 19යි
එකතුව 108යි


 නන්දන ගුණතිලක හා ඔහුගේ හිටපු මිතුරා වන විමල් වීරවංහ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මෙවැනි විශාල ඇමති මණ්ඩල පිළිබඳව ගැඹුරින් අදහස් ඉදිරිපත් කළ අය වෙති. .


Comments

  1. Nandana as a man why you accept this kind of portfolio. Good example for policyless politician.

    Dayaratne
    Ratmalana

    ReplyDelete
  2. උෘරන්ට සෙෘක්‍යය පිළිබද පාඩම් කියා දීමෙන් වැඩක් නොවන බව නැවත නැවතත් තහවුරැ වෙමින් පවතියි.

    කොහොමද විමල්ගේ සුබ පැතිල්ල....

    -අපි නන්දනට සුබ පතනවා, විමල් වීරවංශ-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා