ප්‍රඃශයේ කොටි නායක ඇතුළු 20ක් සිර ගෙට

(2009 නොවැම්බර් 24 - W3Lanka) ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගල සඳහා උපකාර කිරීමට ප්‍රංශයේ විදෙස්ගත දෙමළ ප්‍රජාවෙන් ඩොලර් මිලියන් ගණනින් මුදල් එකතු කළේ යයි චෝදනා ලද කොටි සාමාජිකයන් යයි කියන 20කට ප්‍රංශ අධිකරණයක් විසින් නොවැම්බර් 23දා සිර දඬුවම් නියම කරන ලදී. 


සිර දඬුවම් ලද පුද්ගලයන් අතර ප්‍රංශයේ කොටි නායකයා බව කියන නඩරාජා මතින්තිරන් ද වේ. ඩොලර් මිලියන් 7.4ක් එකතු කළේ ය යන චෝදනාව මත ඔහුට සත් වසරක සිර දඬුවමක් නියම කර තිබේ. සෙසු අයට සය මස සිට සය වසර දක්වා විවිධ දඬුවම් නියම කර ඇත.


එක් සැකකරුවකු චෝදනාවලින් නිදහස ලැබී ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා