සූකර උණෙන් පළමු මරණය නුවරින්
(2009 නොවැම්බර් 08 - W3Lanka) දැනට රට පුරා පැතිර යමින් තිබෙන H1N1 හෙවත් සූකර උණ වසංගතයෙන් පළමු මරණය සිදු වී තිබේ.මරණයට හේතුව සූකර උණ බව වෛද්‍ය පර්යේෂණ විසින් සනාථ කරගෙන තිබේ. මිය ගොස් තිබෙන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පුතකු වන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහුට පෙණහළු හා කශේරුකාවල යම් ආබාධ තිබී ඇත. රෝගය උත්සන්න වී ඇත්තේ ඒ හේතුවෙන් යයි සෞඛ්‍ය බලධාරීහ් පවසති.
වෙනත් ඉන්ෆ්ලුවන්සා රෝගවල ලක්ෂණ වන උණ, කැස්ස, උගුරේ වේදනාව, මස්පිඬු වේදනා, හිසරදය, සීතල, වෙහෙස දක්වන H1N1 වෛරස් රෝගය වාතයෙන් හා ස්පර්ශයෙන් බෝ වන අතර රෝග ලක්ෂණ ඇතොත්වෙහා ම රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දෙයි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.