නො ගෙවූ ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩි වීම් ඉල්ලා රජයේ සේවකයෝ වීදි බසිති

(2009 නොවැම්බර් 18 - W3Lanka) පසුගිය කාලයේ රජය විසින් නො ගෙවා ඇති රු. 3157ක ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් රැසක් පෙරදැරි කරගෙන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

එහි පළමු පියවර ලෙස අද සවස 3ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පිකටිං ව්‍යාපාරයක් පැවැත්වේ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙයවන රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වෘත්තීය සමිති කමිටුව රාජ්‍ය සේවයේ දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන හා මුද්‍රණ ඇතුළු අංශ රැසක වෘත්තීය සමිති එකතුවකි.

Comments

  1. කොච්චර දුන්නත්‍ව් මෙයාලාට මදිනෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.