ආණ්ඩුවේ බල බිඳින තෙල්, විදුලිය, වරාය, ජල සම්පාදන අකුරට වැඩ ව්‍යාපාරය ළඟ ළඟ


(2009 නොවැම්බර් 09 - W3Lanka) තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය හා ජග සම්පාදන මණ්ඩලය යන ආයතනවල සේවකයන් නොවැම්බර් මස 11,12, 13 දිනවල දියත් කිරීමට සැලසුම් කර තිබෙන අකුරට වැඩ ව්‍යාපාරය කඩාකප්පලු කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිම්න් තිබේ. 

මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දර අද සවස තෙල් සංස්ථා ‍වෘත්තීය සමිතිවලට පමණක් සාකච්ඡාවක් ලබා දී ඇතත්, ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ මෙම ආයතන හතරේම සේවකයින්ට ඇත්තේ පොදු වැටුප් ප්‍රශ්ණයක් වන 2009 ජනවාරි වැටුප් වැඩිවීම තවම නොලැබීම බැවින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පමණක් මුදල් ලේකම් පී.බී. ජයසුන්දර සමග සාකච්ඡාවක් ලබා දී තිඛෙන සාකච්ඡාවට සහභාගී වුණත් තමන් ඉල්ලන්නේ මෙම ආයතන හතරේම සේවකයින්ට හිමි වැටුප් වැඩිවීම ලෙස බවයි.


වෘත්තීය සමිති භේද භින්න කිරීමේ අරමුණින් කැඳවා ඇති බව පෙනෙන මෙම සාකච්ඡාවට සහභාගි වීම ජවිපෙට හා එජාපයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

‍වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධ ආයතනවල ජවිපෙ හා එජාප වෘත්තීය සමිති ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්  පැවසුවේ තම ඉල්ලීම ලබා නො දුනහොත් ආණ්ඩුව දණ ගස්වන බවයි. 


පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලංකාවට මුදා හරින ලද අතර, රජය සේවකයන්ට දිය යුතු වැටුප් වැඩි වීම් ලබා නො දෙන්නේ රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කිරීමේ කොන්දේසියකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී සිටින බැවිනි.



මේ අතර ආණ්ඩුව වර්ජකයන්ට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.පටු දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමේ අරමුණෙන් කෙරෙන උද්ඝෝෂණ වැඩවර්ජන ඇතුළු කුමන්ත්‍රණ පරාජය කිරීමේ මුල් අදියර වශයෙන් වෘත්තීය සමිති 40ක නියෝජිතයෝ 25,000ක් හෙට (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක නියැළෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ‘දිනමිණ’ ට පැවැසීය.


Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප