Posts

Showing posts with the label අකුරට වැඩ

රජයේ පොරොන්දු වෘත්තීය සමිති පිළි නො ගනිති. අකුරට වැඩ අද සිට

(2009 නොවැම්බර් 11 - W3Lanka ) 2009 වසරේදී තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල හා වරාය සේවකයන්ට ලබා දීමට නියමිතව තිබූ වැටුප් වැඩි වීම් මේ වසරේ නොවැම්බර් මාසයේ සිට බලපාන පරිදි ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය ගෙන තිබෙන තීරණය එම ආයතනවල වෘත්තීය සමිති විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.  ඒ අනුව සැලසුම් කළ පරිදි අකුරට වැඩ ව්‍යාපාරය අද සිට අරඹෙන බව වෘත්තීය සමිති පවසති.  ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සියයට 22ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ද. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට ද ඔවුන්ට නියමිත වැටුප් වැඩි කිරීමටත් තීරණය කර ඇති බව ද අද දිනමිණ වාර්තා කළේය. එහෙත් අකුරට වැඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹී සිටින ජල සම්පාදන මණ්ඩල සේවකයන් පිළිබඳ එහි කිසිවක් සඳහන් වන්නේ නැත.  මේ පිළිබඳව අදහස් දක්වන වෘත්තීය සමිති නායකයන් පවසන්නේ අදාළ වැටුප් වැඩි වීම් 2009 ජනවාර් සිට හිඟ වැටුප් සමග වහා ලබා දිය යුතු බවයි.  මේ අතර, ඛනිජ තෙල් හිඟයක් ඇති වේ ය යන බිය නිසා ඊයේ සිට ම ඉන්ධනහල් ඉදිරිපිට දිග පෝලිම් දක්නට ලැබිණි.

ආණ්ඩුවේ බල බිඳින තෙල්, විදුලිය, වරාය, ජල සම්පාදන අකුරට වැඩ ව්‍යාපාරය ළඟ ළඟ

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka ) තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය හා ජග සම්පාදන මණ්ඩලය යන ආයතනවල සේවකයන් නොවැම්බර් මස 11,12, 13 දිනවල දියත් කිරීමට සැලසුම් කර තිබෙන අකුරට වැඩ ව්‍යාපාරය කඩාකප්පලු කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිම්න් තිබේ.  මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දර අද සවස තෙල් සංස්ථා ‍වෘත්තීය සමිතිවලට පමණක් සාකච්ඡාවක් ලබා දී ඇතත්, ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ මෙම ආයතන හතරේම සේවකයින්ට ඇත්තේ පොදු වැටුප් ප්‍රශ්ණයක් වන 2009 ජනවාරි වැටුප් වැඩිවීම තවම නොලැබීම බැවින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පමණක් මුදල් ලේකම් පී.බී. ජයසුන්දර සමග සාකච්ඡාවක් ලබා දී තිඛෙන සාකච්ඡාවට සහභාගී වුණත් තමන් ඉල්ලන්නේ මෙම ආයතන හතරේම සේවකයින්ට හිමි වැටුප් වැඩිවීම ලෙස බවයි. වෘත්තීය සමිති භේද භින්න කිරීමේ අරමුණින් කැඳවා ඇති බව පෙනෙන මෙම සාකච්ඡාවට සහභාගි වීම ජවිපෙට හා එජාපයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ‍වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධ ආයතනවල ජවිපෙ හා එජාප වෘත්තීය සමිති ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ක...