නොවැම්බර් 27දා කේ.පී.ගෙන් කරණමක්?


(2009 නොවැම්බර් 23 - W3Lanka) නොවැම්බර් 27 දිනට යෙදෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහ විරු දිනයේදී අත්අඩංගුවේ සිටින එම සංවිධානයේ නායක කේ.පී. සහ දැනට නිදහස් කර සිටින දයා මාස්ටර්, ජෝර්ජ් ඇතුළු පිරිසක් ඊලාම් අරගලය අත්හැර රජය සමග සම්මුතියකට එළඹෙන බවට ආරංචි පැතිරෙමින් තිබේ. 

මේ පිළිබඳව ඉව වැටී සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන්ගේ ප්‍රකාශ විශ්වාස නො කරන ලෙස විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජාතිකයන්ට අනතුරු අඟවා තිබේ. 


ප්‍රමාණවත් සාක්ෂි නැතිව කොටි නායක ප්‍රභාකරන් මිය ගිය බව කේ.පී. පිළි ගත්තේ ද මෙම 'කුමන්ත්‍රණයේ' කොටසක් ලෙස බව ටැමිල්නෙට් ඉඟි කරයි.


මේ අතර, පසුගියදා ස්විට්සර්ලන්තයේ සුරිච්හි පැවති දෙමළ කතා කරන දේශපාලනයන්ගේ සමුළුව පිටුපස ද ඊලාම් ජාතිකවාදය වෙනුවට පුළුල් බලය බෙදීමක් භාර ගැනීමකට දෙමළ කතා කරන දේශපාලන නායකයන් එකඟ කර ගැනීමේ බටහිර ප්‍රයත්නයක් ඇති බව ද වාර්තා වේ.



ඉදිරි කාලයේදී දේශපාලන විසඳුමකට යාම සඳහා ලංකාවේ පාලකයන්ට දැඩි බලපෑමක් කිරීම සඳහා බටහිර රටවල් මූලික කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වෙමින් තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා