Posts

Showing posts with the label ඊලාම් පාරජාතික පාලනය

ප්‍රංශයේ ඊලාම් මැතිවරණයක්

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) ලංකාවේ පාලකයන් යුද්ධය දිනුව ද සාමය සඳහා අවශ්‍ය ජනවාර්ගික සමගිය ගොඩනැඟීම සඳහා පියවර නො ගැනීම හා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට උනන්දු නො වීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ඊලාම්වාදය නැවත වරක් වෙනස් මුහුණුවරකින් සාර්ථක ලෙස හිස ඔසවමින් තිබෙනු දක්නට ලැබේ.  වෙන ම දෙමළ ඊලාම් රාජ්‍යයකට කැමති ද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් දෙමළ ජාතිකවාදීන් විසින් ප්‍රංශයේ දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර පවත්වන ලද ජනමත විචාරණයකදී 99%ක්දෙනා ඊලමට පක්ෂව ඡන්දය දී ඇති බව ටැමිල්නෙට් වාර්තා කරයි.  වයස 18ට වැඩි ලාංකික දෙමළ 31,148ක් මෙම ඡන්දයට සහභාගි වී ඇත. කොටි සංවිධානයේ පරාජයත් සමග දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ඊලාම්වාදීන්ගේ උපාය මාර්ගය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ඊලාම් අරගලය ඉදිරියට ගෙන යාමයි. මේ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරි වී සිටින කොටස් විසින් යෝජනා කර ඇති ඊලාම් පාරජාතික පාලනයට එතරම් ප්‍රතිචාරයක් ලැබී නැති වුව ද, දෙමළ ඊලමක් පිහිටුවීම සඳහා 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෛ යෝජනාව යළි වලංගු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග මේ වන...

නොවැම්බර් 27දා කේ.පී.ගෙන් කරණමක්?

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) නොවැම්බර් 27 දිනට යෙදෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහ විරු දිනයේදී අත්අඩංගුවේ සිටින එම සංවිධානයේ නායක කේ.පී. සහ දැනට නිදහස් කර සිටින දයා මාස්ටර්, ජෝර්ජ් ඇතුළු පිරිසක් ඊලාම් අරගලය අත්හැර රජය සමග සම්මුතියකට එළඹෙන බවට ආරංචි පැතිරෙමින් තිබේ.  මේ පිළිබඳව ඉව වැටී සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන්ගේ ප්‍රකාශ විශ්වාස නො කරන ලෙස විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජාතිකයන්ට අනතුරු අඟවා තිබේ.  ප්‍රමාණවත් සාක්ෂි නැතිව කොටි නායක ප්‍රභාකරන් මිය ගිය බව කේ.පී. පිළි ගත්තේ ද මෙම 'කුමන්ත්‍රණයේ' කොටසක් ලෙස බව ටැමිල්නෙට් ඉඟි කරයි. මේ අතර, පසුගියදා ස්විට්සර්ලන්තයේ සුරිච්හි පැවති දෙමළ කතා කරන දේශපාලනයන්ගේ සමුළුව පිටුපස ද ඊලාම් ජාතිකවාදය වෙනුවට පුළුල් බලය බෙදීමක් භාර ගැනීමකට දෙමළ කතා කරන දේශපාලන නායකයන් එකඟ කර ගැනීමේ බටහිර ප්‍රයත්නයක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි කාලයේදී දේශපාලන විසඳුමකට යාම සඳහා ලංකාවේ පාලකයන්ට දැඩි බලපෑමක් කිරීම සඳහා බටහිර රටවල් මූලික කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වෙමින් තිබේ.

ඊලාම් පාරජාතික පාලනයට නෝර්වේහි ඡන්දයක්

Image
(2009 නොවැම්බර් 19 - W3Lanka ) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඊලාම් පාරජාතික පාලනයක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පළමු ඡන්ද විමසීම නෝර්වේහි මධ්‍යස්ථාන 16කදී පවත්වා තිබේ. මෙම ඡන්ද විමසීමෙහිදී පුද්ගලයන් 2767දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබේ.  ප්‍රමාණවත් ඡන්දදායකයන් සංඛ්‍යාවක් ආකර්ශනය කර ගැනීමට නෝර්වීජියානු ඊලාම් දෙමළ සභාව සමත් වූ බව ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි. එහෙත් මේ පිළිබඳව දි අයිලන්ඩ් පුවත්පතට ලියන නෝර්වේ තානාපති කාර්යාලයේ හිටපු නිලධාරියකු වන සුගීශ්වර සේනාධීර පවසන්නේ මෙම ප්‍රමාණය නෝර්වේහි වාසය කරන දෙමළ ජාතිකයන් ප්‍රමාණය වන 27,000කින් 10%ක් පමණක් බවයි.  ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසන්නේ නෝර්වේ රජයෙන් ලබා ගත් දත්ත අනුව එරට වෙසෙන  සිංහලයන් ද ඇතුළු එරට වෙසෙන ලාංකිකයන් සංඛ්‍යාව 8772ක් බවයි. අදාළ ව්‍යවස්ථාව අනුව 30%ක ඡන්ද අවශ්‍ය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම 43%ක් බව ද එය පවසයි. පසුගිය මැයි මාසයේදී ඡන්දදායකයන් 5574ක් වෙනම රාජ්‍යයක් පිහිටුවීම අනුමත කළ වඩුක්කොඩෛ ප්‍රකාශයට පක්ෂව ඡන්දය දුන් බව ද, නෝර්වීජියානු ඊලාම් දෙමළ සභාව පිහිටුවා ඇත්තේ ඒ අනුව බව ද ටැමිල්නෙට් පවසයි. කෙසේ...