ඊලාම් පාරජාතික පාලනයට නෝර්වේහි ඡන්දයක්


(2009 නොවැම්බර් 19 - W3Lanka) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඊලාම් පාරජාතික පාලනයක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පළමු ඡන්ද විමසීම නෝර්වේහි මධ්‍යස්ථාන 16කදී පවත්වා තිබේ. මෙම ඡන්ද විමසීමෙහිදී පුද්ගලයන් 2767දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබේ. 

ප්‍රමාණවත් ඡන්දදායකයන් සංඛ්‍යාවක් ආකර්ශනය කර ගැනීමට නෝර්වීජියානු ඊලාම් දෙමළ සභාව සමත් වූ බව ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි. එහෙත් මේ පිළිබඳව දි අයිලන්ඩ් පුවත්පතට ලියන නෝර්වේ තානාපති කාර්යාලයේ හිටපු නිලධාරියකු වන සුගීශ්වර සේනාධීර පවසන්නේ මෙම ප්‍රමාණය නෝර්වේහි වාසය කරන දෙමළ ජාතිකයන් ප්‍රමාණය වන 27,000කින් 10%ක් පමණක් බවයි. 

ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසන්නේ නෝර්වේ රජයෙන් ලබා ගත් දත්ත අනුව එරට වෙසෙන  සිංහලයන් ද ඇතුළු එරට වෙසෙන ලාංකිකයන් සංඛ්‍යාව 8772ක් බවයි. අදාළ ව්‍යවස්ථාව අනුව 30%ක ඡන්ද අවශ්‍ය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම 43%ක් බව ද එය පවසයි.


පසුගිය මැයි මාසයේදී ඡන්දදායකයන් 5574ක් වෙනම රාජ්‍යයක් පිහිටුවීම අනුමත කළ වඩුක්කොඩෛ ප්‍රකාශයට පක්ෂව ඡන්දය දුන් බව ද, නෝර්වීජියානු ඊලාම් දෙමළ සභාව පිහිටුවා ඇත්තේ ඒ අනුව බව ද ටැමිල්නෙට් පවසයි.


කෙසේ වෙතත්, මෙම මැතිවරණයට ලංකාවේ විදේශ අමාත්‍යංශය විරෝධය දක්වා තිබේ. 


මේ අතර, ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය පසුගිය සමයේදී සටන් විරාම කමිටුව විසින් භාවිතා කරන ලද වාහන 14ක් ඊයේ රජයට භාර දුන්නේ ය.



නෝර්වේජියානු රජය මේ වසර තුළ මෙරටට ඇමරිකන් ඩොලර් මිලියන 13.5 ක්‌ වටිනා විවිධ ආධාර සපයා ඇත.

කේ.පී.ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූයේ යයි කියන නෙදියවන් ද ජීවත් වන්නේ නෝර්වේහි යයි විශ්වාස කෙරේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා