තීරණාත්මක මොහොතක රනිල් ඉන්දියාවේ ලොක්කන් හමු වේ


(2009 නොවැම්බර් 09 - W3Lankaදැන් ඉන්දියාවේ ආරාධනය මත එරට චාරිකාවක යෙදී සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එරට ජාතික ආරක්ෂක උපදේශක ආර්. කේ. නාරායන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි, ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම්, විපක්ෂ නායක ලාල් ක්‍රිෂ්ණ අද්වානි ආදී රජයේ හා විපක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ගණනාවක් හමු වීමට නියමිත ය. 


වික්‍රමසිංහගේ මෙම චාරිකාව යෙදී ඇත්තේ ප්‍රධාන මැතිවරණ ප්‍රකාශයට පත් වීමට නියමිත හා නව සන්ධාන ගොඩනැඟෙමින් පවතින සංදර්භයක් තුළ වීම සුවිශේෂ ය. ඉන්දියාව කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ලංකාවේ රජයට උපකාර කළමුත් ජාතීන්ගේ ප්‍රශ්නයේදී පුළුල් බල‍ය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එයට එරෙහි ලංකාවේ ආණ්ඩුව සමග යම් ඝර්ෂණයක් ඇත. එසේ ම කලාපීය බල තුලනයේදී ලංකාවේ රජයේ චීනයට නැඹුරු ප්‍රතිපත්ති ද ඉන්දියාවේ අමනාපයට හේතු වී තිබේ. 

මේ අතර, මෙම චාරිකාව අතරතුර ආරක්ෂක නිලධාරියකු රැගෙන යාමට විපක්ෂ නායකවරයා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලූ අවසරය ලැබී නැති බව ද වාර්තා වේ. ලංකාවේ ආණ්ඩුව පුද්ගලයන්ට මහජන මුදලින් සපයන ආරක්ෂාව දේශපාලන අවියක් ලෙස පාවිච්චි කරන බවට චෝදනා එල්ල වී තිබේ.



2008 ජනවාරි 01දා කෝවිලක් තුළදී ඝාතනය කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ට හා හිටපු උතුරුමැද පළාත් විපක්ෂ නායක ජානක පෙරේරාට ජීවිත තර්ජන නැතිය යන පදනම මත සපයා තිබුණේ අවම ආරක්ෂාවකි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප