සෞඛ්‍ය සේවකයිනි බිය වන්න! වීදුරු කටු එන්නත් ගෙන්වූ කොමිස් කාක්කෝ ආයතන සංග්‍රහය අතට ගනිති


(2009 නොවැම්බර් 09 - W3Lanka) පසුගියදා ජනමාධ්‍ය මගින් හෙළිදරව් වූ ජන ජීවිතයට හානිකර ප්‍රමිකියෙන් බාල ඖෂධ ආනයනය කර කොමිස් ගැසීමේ සිද්ධි පිළිබඳව ඔන්න සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නට යයි.


ඒ කෙසේ ද යත්, වීදුරු කටු සහිත එන්නත්,  කෙස් ගස් සහිත සිරිංජර, ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් බෝතල් ආදිය ජනමාධ්‍යවලින් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිවයි. ඔවුන් එම භාණ්ඩ සම්බන්ධයෙන් හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයට පටහැණිව කටයුතු කර ඇති බැවින් මෙම පියවර ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අතුල කහඳ ලියනගේ පවසයි.

මෙවැනි අවස්ථාවලදී මෙම සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතුව තිබුණේ  එක්කෝ ඇස් වසාගෙන ලෙඩුන් අනතුරට පත් වන පරිදි මේවා පාවිච්චි කිරීමයි. නැතිනම් මුඛයත්, අධෝ මුඛයත්,වසාගෙන අදාළ වෛද්‍ය උපකරණ බලධාරීන් වෙත යොමු කර නිකම් සිටීමයි. එසේ කළා නම් මේ ඕෂධවලින් කොමිස් ගැසූ කාක්කන්ට හා ඒවා මෙරටට ගෙන්වූ සමාගම්වලට කිසිවක් වන්නේ නැත. 


මේ සෞඛ්‍ය සේවකයන් විසින් කර තිබෙන 'බලු' වැඩේ නිසා වූයේ ජන ජීවිත ආරක්ෂා වීමකි. එහෙත් එයින් ඇමතිට හා නිලධාරීන්ට වූ හානිය හේතුවෙන් දැන් එම හෙළිදරව් කළ අය අනතුරුදායක තත්වයකට පත් වී සිටිති. මෙවැනි හෙළිදරව්කිරීම් කළ පසුගිය යුද සමයේ යුද මුක්ත කලාපයේ සේවය කළ රජයේ වෛද්‍යවරුන්ට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිරේ තපින්නත් සිදු විය.

මේ රටේ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන රජයක වගකිව යුතු ඇමතිවරයකුට එරෙහිව මෙවැනි 'ඇත්ත කීම්' ත්‍රස්තවාදයට උදව් කිරීමක් ලෙස රජය සලකන බැවින් මෙහිදී පවා එවැන්නක් සිදු නො විය හැකි නොවේ. 



එහෙත්, මෙම පියවර හරහා අමාත්‍යංශය බලාපොරොත්තු වන්නේ මෙවැනි එඩිතර සේවකයන් බිය වැද්දීමයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප