Posts

Showing posts with the label සෞඛ්‍යය

හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමේ යෝජනාවක් | A proposal to give sex education to the Sri Lankan school children above Grade 6

Image
( 2010 දෙසැම්බර් 28,  W3Lanka )   පාසල්වල හය වසරෙන් ඉහළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති යෝජනාව අපි අගයමු. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම යෝජනාව කරන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් 3000 ක් පමණ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වන බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වීමත් සමගයි. ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන් 385,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා  වන බව ද ඉන් සියයට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් අවුරුදු 20 ට අඩු මවුවරු බව ද. ඒ අතරින් සියයට 10 ක් අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් බව ද සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මාතෘත්වය හමුවේ මතුවන අභියෝග යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවකදී  අනාවරණය කළේය.  අඩු වයසින් ගැබ් ගැනීම ඔහු කියන අන්දමට නම් 'වක්‍රාකාරයෙන් අධ්‍යාපනය හා සම්බන්ධව පවතී. එනම් අධ්‍යාපනය වයස අවුරුදු 16 ට අඩුවෙන් නවතා දැමීමෙන් ඒ දරුවාට කළයුතු වැදගත් කාර්යයක් නොමැතිවීම නිසා ඇය ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවේ. එහිදී...

රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි

Image
( 2010 ඔක්තෝබර් 30,  W3Lanka )  නොවැම්බර් 15 දින සිට, දිවයින පුරා ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත දක්වා විවෘත කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලබන බව නිවේදනය කර තිබේ.  අති විශාල වශයෙන් බදු ගෙවන ලංකාවේ බහුතරයක් දිළිඳු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව හැරුණු විට ලෙඩකදී, දුකකදී අන් පිළිසරණක් නැත. පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය.  දැනට පවතින තත්වය තුළ වැඩ කරන මිනිසෙක් තමන්ට හෝ තම පවුලේ අයෙකුට රෝහලක බාහිර රෝගී අංශයෙන් යම් වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට නම්  එදා දවස නිවාඩු දමා පෝලිම්වල ලැගීමට සිදු වේ.  නැතිනම්, වැඩ ඇරී ගෙදර පැමිණ සවස වෛද්‍ය කඩයකට යා යුතු ය. ඒවායේ ද පෝලිම් නැතුවා නො වේ. පෝලිම්වලට අමතරව ඒවා අධික මිළක් ද අය කරයි.  පැය විසි හතර ම බාහිර රෝගී අංශ විවෘත කර තැබීමට ජනාධිපතිතුමා කළ යෝජනාව ප්‍රායෝගික කර ගැනීම දුෂ්කර ය. එහෙත්, සවස හත දක්වා හෝ බාහිර රෝගී අංශ විවෘත කර තැබීම දිළිඳු ජනයා පැත්තෙන් පැසසිය යුතු පියවරකි.    Bookmark, remember easily and come again   www.w3lanka.com

බෙහෙත් මිළ ප්‍රදර්ශනය කරන තැන්වල රෙද්ද කඩාගෙනත් පෙන්නුවොත් නරක ද?

Image
( 2010 සැප්තැම්බර් 25,  W3Lanka )  ලබන ජනවාරි මස පළමු වැනිදා සිට දිවයිනේ රජයේ රෝහල් ඉදිරිපිට අත්‍යවශ්‍ය ප්‍රධාන බෙහෙත් වර්ගවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. හරි ෂෝක් ය. එවිට, අප කසිප්පු ගසා, බීඩි බී හෝ නො කා නො බී ඉඳ හෝ කඩවලින් කුණු ජරාව කා හෝ මදුරුවන්, බල්ලන් විසින් සපා කනු ලැබ හෝ, පොලිසියෙන් ගුටි කා හෝ අහේතුව හෝ ලෙඩ වූ විට අපේ ආදරණීය, ප්‍රනීත, විනීත ආණ්ඩුව අප වෙනුවෙන් අත දිග හැර කරන වියදම අපට දැන ගත හැකි වනු ඇත. ලෙඩ වුණේ කසිප්පු ගසා නම් ඒ අනුව ගණන් හදා දොස්තර බිල දුන් විට එය ගෙවිය යුතු ය. නැතිනම් මහ උළු ගෙදර ගොස් ආණ්ඩුව ගානේ බතුත් කෑ හැකි ය. මේ රෙද්දවල් පෙන්නන එක හොඳ ය. එහෙත්, මේ වියදම් කරන්නේ ඒ ගැන හූල්ලන ආණ්ඩු පාණ්ඩුවේ උන්නැහේලාගේ බූදලෙන් නො ව අපේ ම බදු සල්ලි හා අපේ හත්මුතු පරම්පරා උගස් තබා ගත් ණය නිසා ඒවා ඇත්ත ම කීවොත් 'මයි කාර් - මයි පෙට්‍රල්' නිසා කාටවත් වැඩක් ද නැත. අනෙක, ලෙඩ වූ මිනිසුන් වෙනුවෙන් නො මිළේ සපයන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්නැයි මේ රටේ ජනතාව ඉල්ලා සිටින බවක් අප නම් දන්නේ නැත.  එහෙත්, මේ රෙද්දවල් පෙන්නන ගමන්...

රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් වන බේබද්දන්ට එරෙහි සෞඛ්‍ය ඇමතිගේ කුණු කතා හෙළා දකිමු!

Image
සුනිල් අයියේ, කතා කරපංකො මඩං (2010 ජුනි 21,  W3Lanka )  බේබදුකම නිසා රෝගාතුරව රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමේ ක්‍රමයක් සැකසීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සැලසුම් කරගෙන යන බව අද දිනමිණ පුවත්පත පවසයි. මේ සිරිසේන නියෝජනය කරන දිස්ත්‍රික්කය පොළොන්නරුවයි. පාසල් පන්ති කාමරයේදී මත්කුඩු හා මත්පැන් පානය කළ බව කියන පොළොන්නරුව තෝපාවැව මහ විදුහලේ උසස් පෙළ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කොට ඇති බව වාර්තා කරන්නේ ආණ්ඩුවේ ම දිනමිණයි. අයියෝ මේ සිරිසේන නම් මාර ම නිර්මානාත්මක පොරකි. ඔහු කියන්නේ මේකලා බීලා ලෙඩ හදාගෙන ආවා ම උන්ට ප්‍රතිකාර කරන්නට වියදම් වන්නේ මහජන මුදල් ය කියා ය. මේ නීතිය ගෙන ආ පසු බේබද්දන්ට සිදු වන්නේ බීලා ම මැරෙන්නයි. මන්ද, ලෙඩේට මුල බේබදුකම යයි දොස්තර තීරණය කළොත් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවන්නට සිදු වන බැවිනි.  සෞඛ්‍ය ඇමතිවරයා නො දන්නා සිම්පල් කාරණය වන්නේ බේබද්දන් යනු මේ රටේ ප්‍රධාන ම බදු ගෙවන්නන් පිරිසක් බවයි. ජනතාවගේ මතට තිත තබන්නට යන මේ සත් ගුණවත් ආණ්ඩුවට කළ හැකි හොඳ ම ක්‍රියාවක් වන්නේ මත්පැනින් බදු මුදල් ඉපයීමෙන් හා අරක්කු ව...

ජාතියට දියවැඩියාව | Sri Lanka; a diabetic nation

Image
(2010 මාර්තු 19- W3Lanka )   ලංකාවේ ජනහනයෙන් සියයට පනහක්‌ 2020 වසර වෙද්දී දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවදානමක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය විසින් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කළේය. මේ වන විට ජනගහනයෙන් සියයට විසිපහක පමණ පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවද පාසල් දරුවන්ගෙන් සියයට පහළොවක්‌ දියවැඩියා පූර්ව අවස්‌ථාවේ ද සියයට පහත්, දහයත් අතර ප්‍රමාණයක්‌ දියවැඩියා දෙවන කාණ්‌ඩ අවස්‌ථාවට ගොදුරුවී ඇතැයි ද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දේ. ජීවන රටාවේ හා ආහාර පරිභෝජන රටාවේ වෙනස්‌ වීම්, අධික ලෙස තෙල්. සීනි සහ ලුණු භාවිතය, කෘත්‍රිම ආහාර පානවලට ඇබ්බැහිවීම, විවේක කාලයේදී ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම සහ මත්පැන්, දුම්වැටි ඇබ්බැහිය මෙම රෝග ඉහළ යැමට හේතු බව වාර්තා වේ. තවමත් ලංකාවේ මිනිස්සු දියවැඩියාව දියුණුවේ අතුරු ඵලයක් ලෙස සලකති. විශේෂයෙන් ම ලංකාවේ මධ්‍යම පංතිය දරුණු ලෙස දියවැඩියාවෙන් පෙළෙති. ලංකාවේ සමාජ දේශපාලනික කාරණාවලදී මෙම මධ්‍යම පංතියට ඇති ආධිපත්‍යය හමුවේ ලංකාවේ සමස්ත සමාජ ආර්ථික දේහයට ම දියවැඩියාව හැදී ඇති බව අපේ විශ්වා...

ජාතික රෝහලේ බෙහෙත් නිකුත් කරන්න කවර නැහැ (අත්‍යවශ්‍ය ඖෂධ 70ක හිගයට අමතරව)

Image
(2010 ජනවාරි 14 -W3Lanka) ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමට අවශ්‍ය කවර හිඟ බව කාර්යමණ්ඩල විසින් මීට සතියකට පමණ පෙර සිට අදාල වගකිව යුත්තන් දැනුවත් කළ නමුදු ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු හෙයින් ඊයේ රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම නතර කළේය. මේ හේතුවෙන් ඊයේ ජාතික රෝහලේ කලබලකාරී තත්වයක් ඇති වූ බව යුනියන්ස් ලංකා පවසයි. සාමාන්‍යයෙන් කොළඹ ජාතික රෝහලට දිනකට කවර 50,000 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන මුත් පසුගිය සඳුදා වන විට කවර තිබුණේ 10,000ක පමණ ප්‍රමාණයක් බවත් ඇය සඳහන් කර සිටියාය.  කෙසේ නමුත් අවසානයේදී රෝහල් පරිපාලනය විසින් කොල කැබලිවල ඔතා ඛෙහෙත් ලබාදෙන ලෙස පවසා තිබිණි. සේනක බිබිලේ අනුස්මරණ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බංඩාර පවසන පරිදි රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක් ඇත. මේ අතර, ශල්‍ය උපකරණ හා හදවත්, වකුගඩු වැනි බරපතල රෝග තත්වයන්ට අවශ්‍ය ඖෂධ හා උපකරණ ද වේ. අලුත් ම තත්වය වන්නේ තිබෙන ඖෂධය හෝ දැමීම සඳහා කවර නැතිකමයි.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක්

(2010 ජනවාරි 12 -W3Lanka) දිවයින පුරා රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 40ක් පමණ හිග බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පිළි ගත් බව අද ඩේලි මිරර් පුවත්පත පවසයි. එම ඖෂධ ආනයනය කරනු ඇති බව එම නිලධාරියා පවසා තිබේ.  සේනක බිබිලේ අනුස්මරණ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බංඩාර පවසන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක් ඇත. මේ අතර, ශල්‍ය උපකරණ හා හදවත්, වකුගඩු වැනි බරපතල රෝග තත්වයන්ට අවශ්‍ය ඖෂධ හා උපකරණ ද වේ.  නිදසුනක් ලෙස හෘද රෝග තත්ත්වයන් හඳුනාගැනීමට සිදු කරනු ලබන අත්‍යවශ්‍ය "ඇන්ජියෝග්‍රෑම්" පරීක්‍ෂණය සඳහා යොදා ගන්නා ඩයි වර්ගය මෙම දිනවල කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හිඟව පැවැතීම නිසා එම රෝගීන්ට රුපියල් 3200 ත් 3500 ත් අතර මුදලක්‌ ගෙවා එම ඩයි වර්ගය පුද්ගලික අංශයෙන් මිලදී ගෙන පරීක්‍ෂණය සිදු කරගැනීමට සිදුව තිබේ. දිළිදු ජනතාවට මෙම තත්වය තුළ සෞඛ්‍යාරක්ෂණය අහිමි වී ගොස් ඇත. විශේෂයෙන් ම මානසික රෝගීන් වැනි දිළිදුම සමාජ කොටස් මෙහිදී මුහුණ දෙන තත්වය අතිශය කණගාටුදායක ය. රජයේ රෝහල්වල ඖෂධ හිගය කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් තිබී දැන් උ...

හොර වෙද්දු යනු මානසික රෝගීහු හා ජාවාරම්කරුවෝ ය

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) රට පුරා රෝගීන් ගසා කමින් අමාරුවේ දමමින් සිටින හොර දොස්තරලා පිළිබඳ කටයුතු කිරීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පවරා තිබේ. රට පුරා හොර දොස්තරවරු 6000ක් පමණ සිටින බව වාර්තා පවසයි. මේ හොර දොස්තරවරු වැඩියෙන් ම සිටින්නේ කොළඹින් දුර ඈත ප්‍රදේශවලයි. මොවුන්ගෙන් ඇතැමෙක් ආයුර්වේද, යුනානි, හෝමියෝපති වැනි වෛද්‍ය සුදුසුකම් ඇති අය වුවත්, ඔවුන් කරන්නේ ඇලපති ප්‍රතිකාර හෙවත් බටහිර වෙදකමයි. තවත් සමහරු වෛද්‍ය ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවල නියුතු ව සිටි අය වෙති. මොන ම සුදුසුකමක්වත් නොමැති අය ද බහුල ය. නිදසුනක් ලෙස පදවි-ශ්‍රීපුර ප්‍රදේශයේ කලක් වෛද්‍ය ප්‍රතිකාර කළ එක් පුද්ගලයකුට තිබුණු සුදුසුකම වූයේ ඔහුගේ අයියා සහකාර වෛද්‍ය නිලධාරියකු වීමයි. මේ අතර, ආයුර්වේදයේ හා දේශීය සම්ප්‍රදායික වෙදකමේ නමින් කෙරෙන ජාවාරම් රැසක් ද රට පුරා තිබේ. මෙම ඊනියා සායන පවත්වන්නන් බොහෝ දෙනෙක් භින්නෝන්මාද රෝගී ලක්ෂණවලින් යුතු අය වෙති. එනම් තමන්ට යම් ගුප්ත බලයක් ඇතැයි සිතන්නෝ වෙති. පිළිකා වැනි මාරාන්තික රෝග පවා සිය ප්‍රතිකාරවලින් සුව කළ හැකි බව ඇතැමෙක් විශ්වාස කරති. සමහරු ඇස්වල සුද නැති ක...

දූෂණයට එරෙහි එන්නතක් සොයා ගන්නා තුරු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවිත්විය යුතු නැත.

Image
(2009 දෙසැම්බර් 27 - W3Lanka ) මාස කීපයක් නවතා තිබුණු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන 2010 ජනවාරි01 සිට යළි ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.  මෙම වැඩසටහන නතර කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබරයේදී වාරියපොළ 12 හැවිරිදි පාසල් සිසුවියක් රුබෙල්ලා එන්නත විදීමෙන් පසු මිය යාමෙන් පසුවයි. ඊට පෙර මාර්තු මාසයේදීද මාතරදී ද මෙවැනි ම මරණයක් සිදු විය.  මෙම සිදුවීම් සමග ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආනයනය කරනු ලබන එන්තත් ප්‍රමිතියෙන් බාල බවට චෝදනාවක් එල්ල විය.  රජයේ සියලු සැපයුම් කොන්ත්‍රාත් පිටුපස මෙන් ම වෛද්‍ය සැපයුම් පිටුපස ද කොමිස් ජාවාරම් ඇති බව රහසක් නොවේ. එහෙත්, ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන නැවැත්වීමට එය හේතුවක් නොවේ. නැවැත්විය යුත්තේ ප්‍රතිශක්තිකරණය නොව දූෂණයයි.  අවාසනාවට මෙන් දූෂණයට එරෙහි ප්‍රතිශක්තිය ලංකාවේ රාජ්‍යයට හා දේශපාලන ප්‍රජාවට නැත. ඒ සඳහා එන්නත් කළ යුතුව තිබෙන්නේ ශිෂඨකරණය, ප්‍රජාතන්ත්‍රකරණය හා දේශපාලන සවිඥානකත්වය යන එන්නත් ය.  සමාජය මේ එන්නත් විද ගන්නේ නම් හොරුන් ජනාධිපතිවරුන්, ඇමතිවරුන් වන්නේ නැත.

ඖෂධ සමාගම්වල උවමනාව මත එන්නත් නැවැත්වීමෙන් ජලභීතිකාව පැතිරේ

Image
(2009 දෙසැම්බර් 06 - W3Lanka ) රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නැවැත්වීමත් සමග ජලභීතිකාව ව්‍යාප්තිය වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ජලභීතිකා රෝගීන් පනස්‌ දෙනකු මේ වසරේ පසුගිය මාස එකොළහ ඇතුළත මියගොස්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පශු සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. එල්. ඒ. හරිස්‌චන්ද්‍ර මහතා කියයි. 2008 වසරේදී ජලභීතිකා රෝගීන් පනස්‌ එක්‌ දෙනකු මියගොස්‌ ඇත. 2009 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජලභීතිකා රෝග මර්දන එන්නත් සුනඛයන් නවලක්‍ෂ පන්සිය තුන්දෙනකු සඳහා ලබාදී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය පසුගියදා සෞඛ්‍ය බලධාරීන්ට චෝදනාවක් එල්ල කරමින් පැවසුවේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යයි සැක බවයි. 

සූකර උණෙන් 25ක් මරුට

Image
(2009 දෙසැම්බර් 03 - W3Lanka ) රටපුරා රෝහල්වලට පැමිණෙන සූකර උණ රෝගී සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් දැනටමත් එම රෝගීන් 25 කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සැලකිල්ලට ගෙන වහාම හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර රෝගය පැතිරීම මර්ධනය කිරීම සඳහා පියවර ගන්නැයි සමස්ත ලංකා සුව සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එම සංගමය විශේෂ මෙහෙයුමක් මගින් රෝගය පාලනය කළ යුතු නිසා සූකර උණ රෝගීන් අනෙකුත් රෝගීන්ගෙන් වෙන්කර ප‍්‍රතිකාර කළ යුතු බැවින් රෝහල්වල විශේෂ ප‍්‍රතිකාර වාට්ටු පිහිටුවීම, ඒවා සඳහා ප‍්‍රමාණවත් පරිදි මුව වැසුම්, ඒප‍්‍රණ (ආවරණ ඇඳුම්) අත්වැසුම්, චූෂණ යන්ත‍්‍ර සහ ECG යන්ත‍්‍ර සැපයිය යුතු බව සංගමය පෙන්වා දෙයි. දැනට රෝගය නිශ්චය කරගැනීම සඳහා කළ යුතු රසායනාගාර පරීක්‍ෂාවන් කොළඹදී පමණක් සිදු කිරීම රෝගීන් හඳුනාගැනීම ප‍්‍රමාදවීමට බෙහෙවින් බලපා ඇති නිසා ඉදිරියේ ඇතිවිය හැකි අවදානනම සැලකිල්ලටගෙන ඉහත පහසුකම් වහා වැඩි කළ යුතු බව සංගමය අවධාරණය කර ඇත. රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීමත් අත්‍යවශ්‍ය බව තවදුරටත් එහි සඳහන් ක...

ඡන්දෙ ඉල්ලන්න ගෙදරට එන අයට නහය වසාගෙන දොර අරින්න; වෙන මුකුත් නිසා නෙමෙයි. සූකර උණ

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) ප්‍රකාශයට පත් කර තිබෙන ජනාධිපතිවරණය රටේ පැතිරී යමින් තිබෙන AH1N1 හෙවත් සූකර උණ වසංගතය තවත් ව්‍යාප්ත කිරීමට දායක විය හැකි බව නම සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.  මේ වන විට මෙම රෝගයේ ලක්ෂණ සහිත රෝගීන් දිවයින පුරා ම හම වෙමින් සිටින අතර විශේෂයෙන් ම මධ්‍යම පළාතේ සූකර උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් සිය ගණන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. අද වන විට මධ්‍යම පළාතේ AH1N1හේතුවෙන් සිදු වී යයි සැක කරන මරණ 13ක් වාර්තා වී ඇති අතර ඉන් හතරක් ඔප්පු වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු පවසති.  රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස රජයේ පාසල් වසා දමන ලද මුත් මේ වන විටත් උසස් පෙළ ඇතුළු වෙනත් ටියුෂන් පන්ති සුපුරුදු පරිදි ම පැවැත්වේ. මෙම පංති සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ වාතාශ්‍රය හා වෙනත් පහසුකම් අවම ශාලාවලයි.  රටේ අතිශය ප්‍රගතිශීලී බුද්ධිමතුන් ලෙස බැබලීමට උත්සාහ කරන නමගිය ටියුෂන් මුදලාලිලා ද මෙසේ පංති පවත්වා ඇත. මේ අතර, ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත අන්දමින් ගමන් බිමන් යාම වැඩි වී තිබේ. ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යාම ර...

සූකර උණෙන් මධ්‍යම පාසල් වැසේ; බලධාරීහු කඹ අදිති; ගුරුවරු රස්තියාදු වෙති

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) සූකර උණ ව්‍යාප්තිය වැළැක්වීමට මධ්‍යම පළාතේ පාසල් වසා දැමුව ද එම පාසල්වල ගුරුවරුන්ට නිවාඩු ලබා නො දීම නිසා ඔවුන් තවමත් පාසල්වලට සේවය සඳහා වාර්තා කරති.  මෙම ගුරුවරුන් වෙතින් ද රෝගය බෝ වීමේ අවදානමක් ඇති බැවින් හා ඔවුන් කිසිදු ඵලදායී කාර්යයකට යොදා නො ගැනෙන නිසා ඔවුන්ට ද නිවාඩු ලබා දෙන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිති.  පාසල් වසා දැමීම සම්බන්ධයෙන් පළාත් හා මධ්‍යම රජයේ බලධාරීන් අතර කඹ ඇදීමක් ඇති බව ද, රෝගය වසංගත තත්වයට පත් වීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ට කිසිදු වැඩපලිවෙළක් නො තිබුණු බව එයින් ම පෙනෙන බව ද ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි.  යම් බෝවන රෝගයක් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතුවිය හැකි කාරණා බොහොමයක් ඇති බව ද. එම තත්ත්වය වැළැක්වීමට පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් මෙන්ම මූලික වශයෙන් මධ්‍යම ආණ්ඩුවද වහා ගත යුතු පියවර රාශියක් තිබියදී එසේ නොමැතිව පළාත් සභාවත්, මධ්‍යම ආණ්ඩුවත් එකිනෙකට පරස්පර තීන්දු ගැනීම තුල තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හා අවුල් වීමට හේතු වන බව හා විසඳුමක් කරා ලඟාවීමට ඇති ඉඩකඩ ද බැහැරවන බව ලංකා ගුරු...

සෞඛ්‍ය සේවකයිනි බිය වන්න! වීදුරු කටු එන්නත් ගෙන්වූ කොමිස් කාක්කෝ ආයතන සංග්‍රහය අතට ගනිති

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka ) පසුගියදා ජනමාධ්‍ය මගින් හෙළිදරව් වූ ජන ජීවිතයට හානිකර ප්‍රමිකියෙන් බාල ඖෂධ ආනයනය කර කොමිස් ගැසීමේ සිද්ධි පිළිබඳව ඔන්න සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නට යයි. ඒ කෙසේ ද යත්, වීදුරු කටු සහිත එන්නත්,  කෙස් ගස් සහිත සිරිංජර, ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් බෝතල් ආදිය ජනමාධ්‍යවලින් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිවයි. ඔවුන් එම භාණ්ඩ සම්බන්ධයෙන් හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයට පටහැණිව කටයුතු කර ඇති බැවින් මෙම පියවර ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අතුල කහඳ ලියනගේ පවසයි. මෙවැනි අවස්ථාවලදී මෙම සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතුව තිබුණේ  එක්කෝ ඇස් වසාගෙන ලෙඩුන් අනතුරට පත් වන පරිදි මේවා පාවිච්චි කිරීමයි. නැතිනම් මුඛයත්, අධෝ මුඛයත්,වසාගෙන අදාළ වෛද්‍ය උපකරණ බලධාරීන් වෙත යොමු කර නිකම් සිටීමයි. එසේ කළා නම් මේ ඕෂධවලින් කොමිස් ගැසූ කාක්කන්ට හා ඒවා මෙරටට ගෙන්වූ සමාගම්වලට කිසිවක් වන්නේ නැත.  මේ සෞඛ්‍ය සේවකයන් විසින් කර තිබෙන 'බලු' වැඩේ නිසා වූයේ ජන ජීවිත ආරක්ෂ...

වීදුරු කටු - කෙස් එන්නත්, ප්ලාස්ටික් සේලයින්, පිස්සු බලු එන්නත් ගැන සෞඛ්‍ය ඇමතිට බනින්නෙ ජේවීපීකාරයෝ

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) තමන්ට එරෙහිව චෝදනා කරන වෛද්‍යවරුන් ජේ.වී.පී.කාරයන් බව ද ජවිපෙ අද පවතින තත්වයට පත් කළේ තමා බව ද, පක්ෂය, අමාත්‍යංශය හා ජනාධිපති වෙනුවෙන් වගකීම් ඇති තමන්ට ජවිපෙ වෙනුවෙන් වැය කිරීමට කාලය නැති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා අද 'දි අයිලන්ඩ්' පුවත්පතට පවසා තිබේ. ඔහු මෙම ප්‍රකාශය කරන අතර රට පුරා රෝහල්වලින් බාල වර්ගයේ ඖෂධ තොග පිටින් හමු වෙමින් තිබේ. ඒ අතර, සර්ප දෂ්ඨනවලදී භාවිතා කරන බාල වර්ගයේ ප්‍රතිවිෂ ඕෂධ,  වීදුරු කටු සහ කෙස් ගස් සහිත එන්නත් හා ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් ආදිය වේ. ඖෂධ ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් බාල ඖෂධ මිළ දී ගෙන දැවැන්ත කොමිස් ලබා ගන්නා බවට වෘත්තීය සමිති හා ජනමාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි. එහෙත් ඖෂධ ගෙන්වන්නේ තමන් නොව වෛද්‍යවරුන් බව ඇමති සිරිපාල පුවත්පත්ට ප්‍රකාශ කර තිබේ.  මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය තවත් චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත...

හාට් ඇටෑක්වලින් වසරකට ලංකාවේ 25,000ක් මරුට

Image
(2009 ඔක්තෝබර්  22 - W3Lanka ) ආඝාතය හෙවත් ස්ට්‍රෝක් නමින් (දන්න සිංහලෙන් හාට් ඇටෑක්) හැඳින්වෙන හදවත් රෝග තත්වය හේතුවෙන් වසරකට ලංකාවේ 25,000ක් දෙනා මිය යන බව හා තවත් විශාල පිරිසක් අංශභාග තත්වයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය ප්‍රධානී එෆ්. ආර්. මේතා පවසයි. ඔක්තෝබර් 29දාට යෙදෙන ලෝක ආඝාත දිනය නිමිත්තෙන් පැවති සම්මන්ත්‍රණයකදී ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ වසරකට ලක්ෂ 55ක් ජනයා මෙමගින් මරණයට පත් වන බවයි. ලංකාවේ සිදු වන මරණවලට හේතු අතරින් ප්‍රමුඛතාව අනුව පස්වන තැන ආඝාතයට හිමි වේ.

බෙහෙත් සඳහා වෙළඳ නම වෙනුවට ඖෂධ නම යොදන්න නව නීති

Image
(2009 ඔක්තෝබර්  06- W3Lanka ) වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නිර්දේශ කිරීමේදී දැන් බොහෝ විට කරන පරිදි වෙළඳ නාම භාවිතා කිරීම අත්හිටුවා ඖෂධ නාමය ම භාවිතා කිරීම අනිවාර්ය කරන ඖෂධ ප්‍රතිපත්තියක් සඳහා සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබේ. ඖෂධ නාමයෙන් බෙහෙත් නියම කිරීම අනිවාර්ය කිරීමට සිල්වා ඇමතිවරයා සුදානම් වීමෙන් පෙනෙන්නේ ඔහු යටතේ සේවය කරන ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් පිළිබඳ ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එහෙත් මෙවැනි කාරණා හුදු නීති මගින් ම විසඳන්නට යාම ප්‍රායෝගික නැත. මහජන මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන්ට ඖෂධ සමාගම්වලට මහජනයා සූරා කෑමට ඉඩ නො දීමේ වගකීමක් ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳ ඇති ප්‍රශ්න හේතුවෙන් තමන් ඇතැම් විට වෙළඳ නාමය භාවිතා කරන බවයි.‍ වෛද්‍යවරයාගේ මූලික කාර්යය ලෙඩා සුවපත් කිරීමයි. එහිදී ඒ සඳහා හොඳම ක්‍රමය තෝරාගැනීම සඳහා වෛද්‍යවරයාට ඇති නිදහස අහෝසි කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවේ සිටින මහදැනමුත්තන්ට තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ට විදේශ චාරිකාවල සිට බෙහෙත් තුණ්ඩු ල...

ලංකාවේ කකුල් හතරේ බල්ලන් ලක්ෂ 25ක්

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) ශ්‍රී ලංකාවේ සිටින බල්ලන් (කකුල් හතරේ අය පමණි) සංඛ්‍යාව ලක්ෂ 25ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු කර තිබේ. වන්ධ්‍යාකරණ සැත්කම් ඔස්සේ මෙම සංඛ්‍යාව 2016 වන විට ලක්ෂ 10 දක්වා අඩු කිරීමට වැඩසටහනක් දියත් වන බව ද පැවසේ. ජාතික සෞඛ්‍ය අය වැයෙන් කෝටි 50 ක මුදලක් වැය කරන්නේ ජලභීතිකා නිවාරණ කටයුතු වෙනුවෙන් බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වසරේ පසුගිය අගෝස්තු මාසය දක්වා ජලභීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35 කි. මෑතදී හීලෑ අලින් දෙදෙනෙකු ද ජලභීතිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා ලදී. රජයේ රෝහල් මගින් ජලභීතිකා නිවාරණය සඳහා ලබා දෙන එන්නතකට සෞඛ්‍ය අමාත්‍යංශය රු. 35,000 ක් වැය කරයි.

වැඩිදුර ඉගෙනගන්න රට ගිය දොස්තරලා 215ක් ගල් වෙලා

Image
(2009 සැප්තැම්බර් 26 - W3Lanka) 1994 සිට වැඩිදුර අධ්‍යපනය සඳහා යයි කියමින් විදේශගත වූ වෛද්‍යවරුන් 1915ක් අතරින් 215ක් ගල් වී හෙවත් ආපසු නොපැමිණ එහි නතර වී ඇති බව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා වසර පහක් පුරා වැය කරන මහජන මුදලට අමතරව මේ හොරුන් සඳහා රජය එකාට මිලියනය ගානේ වැය කර තිබේ. මේ දොස්තර හොරුන්ගෙන් 67දෙනෙක් තවමත් රජයට විදේශගත වීමේදී තැබූ පොලු බේරා නැත. රු. මිලියන 107ක් තවමත් ඔවුන්ගෙන් අය කර ගැනීමට තිබෙන බව සෞඛ්‍ය ඇමති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ මුනිවත රකියි.