ඖෂධ සමාගම්වල උවමනාව මත එන්නත් නැවැත්වීමෙන් ජලභීතිකාව පැතිරේ
(2009 දෙසැම්බර් 06 - W3Lanka) රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නැවැත්වීමත් සමග ජලභීතිකාව ව්‍යාප්තිය වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජලභීතිකා රෝගීන් පනස් දෙනකු මේ වසරේ පසුගිය මාස එකොළහ ඇතුළත මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පශු සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. එල්. ඒ. හරිස්‌චන්ද්‍ර මහතා කියයි.
2008 වසරේදී ජලභීතිකා රෝගීන් පනස් එක් දෙනකු මියගොස් ඇත. 2009 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජලභීතිකා රෝග මර්දන එන්නත් සුනඛයන් නවලක්‍ෂ පන්සිය තුන්දෙනකු සඳහා ලබාදී ඇත.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.