ප්‍රභාකරන්ගේ දරුවන්ගේ මළසිරුරු ඡායාරූප අන්තර්ජාලයේ


(2009 දෙසැම්බර් 18 - W3Lanka) කොටි නායක ප්‍රභාකරන්ගේ දියණියගේ යයි කියන ඡායාරූප කීපයක් අන්තර්ජාලයේ පළ වී තිබේ. 

මෙම ඡායාරූපය ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකාගේ යයි තහවුරු වී නැතත් ඒ පිළිබඳව ආරක්ෂක හමුදා සමග ළඟ සම්බන්ධකම් ඇති දිවයින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු කීර්ති වරණකුලසූරිය පවසන්නේ මෙසේ ය. 


ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකාව අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවට ඇඟවීමේ අරමුණින් ඇයගේ ඡායාරූපයක්‌ කොටි වෙබ් අඩවි මගින් ඊයේ (17 දා) ලොව පුරා විකාශය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනයන් අරඹා ඇත.

සයවැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීම සිදුවීමට පැය පහකට පෙර කොටි ජාත්‍යන්තර ජාලය විසින් මෙකී ඡායාරූප විකාශය කර ඇතැයි මේ වන විට හෙළිවී තිබේ.

මෙය ඉතාම සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.



මීට පෙර ප්‍රභාකරන්ගේ පුතුන් දෙදෙනාගේ යයි සැක කෙරෙන ඡායාරූප කීපයක් ද අන්තර්ජාලයේ තිබී අපට හමු විය. මේවා කලකට ඉහතදී ප්‍රචාරය වූ ඒවා ය. ඒවායේ සත්‍යතාව ද තහවුරු වී නැත.

  





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා