ලංකාවේ ආර්ථික උපදේශක පදවිය ඉඩම් හොරකමකට හිර දඬුවම් ලද තායිලන්ත අගමැතිට


(2009 දෙසැම්බර් 31 -W3Lanka) ශ්‍රී ලංකා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රා පත් කිරීමට නියමිත බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.


ඔහුට කොපමණ වැටුපක් ගෙවීමට ලංකාව එකඟ වී තිබේ ද යන්න හෙළිදරව් වී නොමැත. සිනවත්‍රා දැනට කාම්බෝජ රජයේ සහ එරට අගමැති හුන් සෙන්ගේ ද ආර්ථික උපදේශක පදවිය දරයි.


සිනවත්‍රා අගමැති පදවියෙන් පහ කරනු ලැබූ පසු එරට උසාවියක් විසින් ඉඩම් ගනුදෙනුවකදී කරන ලද වංචාවක් සම්බන්ධයෙන් ඔහු දෙවසරක සිර දඬුවමකට ලක් කළේ ය.


ලංකාවේ ජනාධිපතිගේ ආර්ථික උපදේශක පදවියට ඔහු පත් කරනු ලැබීම සඳහා ඒ සුදුසුකම ද අදාළ වීදැයි තවම දැනගන්නට නැත.


සංස්කරණය: ‍ලංකාව සිනවත්‍රා ආර්ථික උපදේශක ලෙස පත් කරන්නට යන බවට ඇති වාර්තා නිවැරදි නොවන බව ලංකාවේ රජය දෙසැම්බර් 31දා පැවසීය.

Comments

  1. මන් නම් හිතන්නේ මීට වඩ සුදුදු කෙනෙක් රාලලාට හොයා ගන්න බැරිවෙයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා