අම්මලා දරුවන් මරන්නේ ඇයි?
ඡායාරූපයේ සිටින්නේ ග්‍රීස් යකකු යයි හංවඩු ගසා පසුගිය සමයේ ජනතාව විසින් පහර දී මරා දමන ලද දුප්පතකුගේ බිරිඳ හා දරුවෝ ය. ලංකාවේ මෑත වකවානුවේදී මව්වරුන් විසින් දරුවන් මරා දැමීම් රැසක් වාර්තා විය. අද පුවත්පත්වල වාර්තා වන එක සිද්ධියක මව සිය අලුත උපන් දරුවා පණ පිටින් වළ දමා ඇත. අනෙක් සිද්ධියේ මව අලුත උපන් දරුවා අල්මාරි ලාච්චුවක දමා මරා දමා ඇත. මෙම අපරාධකාරී කාන්තාවන් බහුතරය අතිශය දිළිඳු කාන්තාවෝ වෙති. ලංකාවේ මෙවැනි සිද්ධි සුලබ වන්නේ ඇයි? එක් හේතුවක් නම් දැඩි ආර්ථික පීඩනයයි. ආණ්ඩුව ගිය සතියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට අලුත් ආනයන බදු පනවා තිබේ. වැඩි වන ජීවන වියදමට එරෙහිව ජනතා උද්ඝෝෂණ මතු වන්නේ නැත. එහෙයින් ජනතාව ආර්ථික දුෂ්කරතාවලට ඉක්මණින් හැඩ ගැසෙන බවක් ආණ්ඩුව සිතනවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී මහජන උද්ඝෝෂණ ඇති වන්නේ දියුණු සමාජයන් තුළ ය. අද වන විට ලංකාව සමාජමය වශයෙන් පිරිහී ඇති මට්ටම අනුව සිදු වන්නේ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම නොව, ම්ලේච්ඡ හා ස්වයං නාශක අන්දමින් ප්‍රතිචාර දැක්වීමයි. මව්වරුන් දරුවන් මරා දැමීම යුරෝපය, ඇමරිකාව වැනි රටවල වහල...