60%ක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙන්න කිට්ටුයි

(2010 පෙබරවාරි 15-W3Lanka)  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ක්ෂණික සහනයක් ලබා නොදුනහොත් 60%ක් පමණ කර්මාන්ත කඩා වැටීමේ අවදානමක ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඇලෝයි ජයවර්ධන මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති උපදේශන කමිටුව හමුවේ පෙබරවාරි 11දා ප්‍රකාශ කර තිබේ. 


මෙම කර්මාන්තකරුවන් මේ වන විට සියලු දේපල බැංකුවලට ඇප ලෙස තබා හෙවත් hypothecate කර ඇති බැවින් රජය බැංකු පොළී අඩු කර තිබියදී පවා මෙම කර්මාන්තවලට අලුතෙන් ණය ලබා ගැනීම දුෂ්කර වී තිබේ. මේ වන විට කලින් ලබා ගත් ණය ආපසු ගෙවීමට අසමත් වීම නිසා බොහෝ කර්මාන්තයන්ගේ දේපල බැංකු විසින් පවරා ගැනීමේ තත්වයක් ඇති වි තිබේ. 


ඇලෝයි ජයවර්ධන පෙන්වා දී ඇති පරිදි ඉදිරි දෙවසරක කාලයක් සඳහා ණය ආපසු ගෙවීම් නැවැත්විය හැකි පරිදි හා කම්කරු නීති නො තකා සේවකයන් රැකියාවලින් අස් කළ හැකි පරිදි රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දිය යුතු ය. 


සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලංකාවේ ආර්ථිකයෙන් 70%ක් නියෝජනය කරයි. 



Comments

  1. එක්තරා ආකාරයට මෙහි විහිලුවක් ද ඇත. ලංකාවේ මධ්‍ය හා සුළු පරිමාණ කර්මාන්ත අති බහුතරයක් යනු බැංකු ණය ලබාගැනීමේ උපකරණ මිස නිෂ්පාදන හෝ වෙළද ව්‍යපාර නොවේ. ‍නිෂ්පාදන හෝ වෙළද ව්‍යාපාර බවට යන්තමින් හෝ පත්වන කණ්ඩායම් සදහා මේ ආර්ථික රටාවන් හා දේශපාලනික රටාවන් කිසිසේත්ම ඕරොත්තු දෙන්නේ නැත. ඒ අනුව බලන විට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටීමේ අනිවාර්ය අවධානමක් ඇත. මේ සදහා මෙම කර්මාන්තකරුවන් දේශපාලනිකව පෙලගැසිය යුතු නමුත් මේ වැනි සවිඥානිකත්වයක් ඇති එවැනි කර්මාන්තකරුවන් නොමැතිවීමම ඔවුන්ගේ අවාසනාව වේ. ඒ පැත්තෙන් බැලූ විට එවැනි කර්මාන්තකරුවන් වැටුනත් කමක් නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා