නවක වධය නැති කරන නව ක්‍රමයක් සොයා ගත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට නොබෙල් සාම තෑග්ග?


(2010 පෙබරවාරි 09-W3Lanka) ලංකාවේ සිටින 'ලෝක ප්‍රකට' විද්වතකු වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක නවක වධය නැති කිරීම සඳහා නව න්‍යායක් ඉදිරිපත් කර තිබේ.


එම න්‍යාය අනුව නවක සිසුන් සිය විශ්වවිද්‍යාල කාලය අවසන්වන තෙක් නවක වදයට සම්බන්ධ නොවන බවට ගිවිසුමක් අස්සන් කළ යුතු ය. නැතිනම් සරසවියට ඇතුළත් කර ගන්නේ නැත. එවිට නවක වධය නැති වේ.


හිංසනය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි. නවක වධය වැලැක්වීමේ පනත යයි පනතක් ද ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරගෙන තිබේ. සාමාන්‍යයෙන් නම් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගනු ලැබූ නීතිවලට ලංකාවේ සියලු පුරවැසියන් අවනත විය යුතු අතර වෙන වෙන ම එම නීතිවලට අවනත වන බවට ගිවිසුම් අත්සන් කිරීමක් සිදු වන්නේ නැත. 


එහෙත් ලංකාවේ මිනිසුන් නීති කඩන්නේ එක් එක් නීතිය සඳහා ගිවිසුම් නැතිකමින් විය හැකි ය. එබැවින් මහාචාර්ය ගාමිනී සමරනායකගේ මෙම සොයාගැනීම ඇත්ත වශයෙන් ම 'මාර' ම එකකි. කොච්චර 'මාර 'ද යත් නොබෙල් සාම තෑග්ග දීමට පවා සුදුසු යයි අපි යෝජනා කරමු. 


ගාමිනී සමරනායකගේ නවක වධ න්‍යාය සෙසු බොහෝ කටයුතුවලදී ද යොදා ගැනීමට පුළුවන. උදාහරණයක් ලෙස, මේ වන විට බරපතල ප්‍රශ්නයක් වී ඇති දූෂණය නැති කිරීමට යම් පුද්ගලයෙකු තනතුරකට පත් කරන්නට පෙර අල්ලස් නො ගන්නා බවට ගිවිසුමක් අත්සන් කරවා ගත හැකි ය. අත්සන් නො කළොත් පත්වීම නැත.

කොහොමද ටිකිරි මොළේ?

Comments

  1. ඔහොම ගිවිසුමක් අත්සන් කළා ලාවට වගෙ මතකයි..

    ReplyDelete
  2. අපි ගංජා ගහලද මුං ගංජා ගහලද?

    මහ මැතිවරණයට කළින් ආයෙත් ආතතියට පත්වෙන්නේ නෑ කියලා මැ.කො. ලොක්කටත් කියමු ගිවිසුමක් අත්සන් කරන්න කියලා.

    ReplyDelete
  3. ‍සිංහල භාෂාවට අළුත් ප්‍රස්තාවපිරුලක් එකතු වෙයිද දවන්නේ නෑ "මහාචාර්යතුමා නවක වධය නැවැත්තුවා වගේ" කියල.

    ReplyDelete
  4. මූ කොහේ නවක වදය නවත්වන්නද ඡන්දේට ඉස්සෙල්ලා මහින්දට ඡන්දේ දිපං,මහින්දට ඡන්දේ දිපං,කියලා මේකා කිව්වේ මුව මොකා ‍රැග් කරලාද?රජාට කඩේ යන එක තරං තව කොහේද ‍රැග් තියෙන්නේ,[ඇත්තටම] මහාචාර්ය ගමිණි සමරනායකව ‍රැග් කරන්නේ මහින්ද.වෙන්න පුළුවන් දේ මුන් දෙන්නා ඒකතු වෙලා විශ්ව විද්‍යාලයේ කොල්ලෝ කෙල්ලෝ ටික මරලා දායි,එහෙම කරලා කියයි ඕන්න අපි එක් විලා ‍රැග් එක නැවැත්තුවා කයලා.

    ReplyDelete
  5. Onna ape rata adyaapane hadanna inna un hithana heti....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා