මැරයන්, පොලිසිය දායක වී ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම කෙරෙහි ඇති විරෝධය ජාත්‍යන්තරයට ගෙන යයි

(2010 පෙබරවාරි 10-W3Lankaවිපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විපක්ෂය විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහයේ අරමුණ ඉටු වී ඇති බව පෙනේ. 


ආණ්ඩුව මැරයන් යොදා ගැටුම් ඇති කිරීම හා පොලිසිය කඳුළු ගෑස් ගැසීම නිසා උණුසුම් තත්වයක් ඇති වූ අතර එය මාධ්‍ය ඔස්සේ දෙස් විදෙස් පතළ වීමෙන් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳ රටේ දැවැන්ත විරෝධයක් ඇති බව පෙන්නුම් කෙරිණි. 


මෙමගින් විරෝධතාවාදීන් දිරි ගැන්වීම ද සිදු වී ඇති අතර සවස් වන විට උද්ඝෝෂණ ගාල්ල, මාතර, අම්පාර වැනි ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වී තිබිණි.


(පොලිසිය සමග මැරයන් එක්ව සිටින මෙම ඡායාරූපය ලංකා ටෲත් වෙබ් අඩවියේ පළ වූවකි.) 

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.