හැට දෙක


(2010 පෙබරවාරි 04-W3Lanka)  අද ලංකාවේ හැට දෙවන නිදහස් සමරු දිනයයි. 


ඇතැම් කොළඹ වැසියන් හයන්න උසුරුවන්නේ අයන්න ලෙසයි. 


1948දී ලංකාව නිදහස ලබන විට නො තිබුණු බොහෝ දේ අද තිබේ. 


එහෙත්, 1948 වන විට ලංකාව ආසියානු කලාපයේ දියුණු ම ආර්ථිකයන් අතරින් එකකි. එහෙත් දැන් මාලදිවයින පවා බොහෝ සාධක අතින් ලංකාව පසු කර ඉදිරියට ගොස් තිබේ. 


1948 වන විට ලංකාව 17 වසරක් සර්ව ජන ඡන්ද බලය අත්දැක තිබුණු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයකි. එහෙත් 2010 වන විට, බලයේ සිටින පක්ෂය සිය ජයග්‍රහණය උදෙසා සියලු මහජන දේපල භාවිතා කිරීම හා විරුද්ධවාදීනට සම අවස්ථා නොදෙනවාට අමතරව මුළු බලය ම යොදා ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල යයි ලංකාවේ දේශපාලන ප්‍රජාව සිතති. 


1947 මහ මැතිවරණ ප්‍රතිඵලය අසාධාරණ යයි කිසිවෙක් නො සිතූහ. 2010දී තත්වය ගැන කිව යුතු නැත. 


1948 වන විට මෙරට වැසියන් කිසිවෙක් මර බිය නිසා මෙරටින් පළා ගොස් එතෙර ජීවත් වූයේ නැත. 2010 වන විට ලක්ෂ ගණනක් පළා ගොසිනි. ආණ්ඩුවෙන් පොලිසියෙන් තර්ජන ඇතැයි කියා බටහිර රටවල රැකවරණ ලබා ගත් සමහරු දැන් මාර දේශප්‍රේමියෝ ය. ඒ නිසා ඔවුන් මෙම ලක්ෂ ගණනට අයත් වේ ද යන්න සැක සහිත ය. 


1948දී නිදහස් උළෙලට එරෙහිව යාපනයේ ‍කළු කොඩි ඔසවන්නට හැකි තරම් විරුද්ධ මත ඉවසන තත්වයක් තිබිණි. 2010දී නිදහස සමරන විට තත්වය ලියන්නට මේ පිටුව ඉඩ මදි ය. 


1948 වන විට ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාව අනුව මෙරට ජීවත් වන සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ට එරෙහිව නීති සම්පාදනය කළ නො හැකි විය. 2010 වන විට මෙරට සුළුතර ප්‍රජාවන් ජීවත් වන්නේ අතීතය පිළිබඳ වේදනාවකින් හා අනාගතය පිළිබද අවිනිශ්ච්තභාවයකිනි. 


1948 වන විට මෙරට සියලු පුරවැසියෝ නීතිය ඉදිරියේ සමාන වූහ. දැන් එක්කෙනෙක් තමන් එසේ නො වන බවට උදම් අනයි. 


1948 වන විට නීති සම්පාදකයන් හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් කළේ නීති සම්පාදනය පිළිබඳ වාද විවාද කිරීමයි. අද වන විට එය හැර වෙනත් බොහෝ දේ ඔවුහු කරති. 


එදා මන්ත්‍රීවරු ‍පාර්ලිමේන්තු ගියේ කෝච්චියෙනි. අද ඔවුන් පාරේ යන විට බස්, කෝච්චි සියල්ල පාරෙන් ඉවත් කරනු ලැබේ. 


එදා ඇමතිවරුන් සිටියේ අතේ ඇඟිලි ගානටයි. අද හැකරැල්ලකුගේ කකුල් ගානට ඇමතිවරු සිටිති. ඔවුන් නඩත්තු කිරීම සඳහා මහජනතාව දිවා රෑ කඹුරා බදු ගෙවිය යුතු ය. 


එදා කලාකරුවෝ කලාව කළ හ. දැන් කලාකරුවන් ද කරන්නේ දේශපාලනයයි. නො කරන්නේ කලාවයි. 


එදා භික්ෂූන් කළේ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම ය. දැන් භික්ෂූහු ඍජුව ම දේශපාලනය කරති. 


එදා ඉර නැ‍‍ඟෙනහිරින් පායා බස්නාහිරින් බැස ගියේ ය. දැන් ඉර පායන්නේ ද බැස යන්නේ ද අරලියගහ මන්දිරයෙනි. 

Comments

  1. ලංකාව නිදහස දිනාගත් එකක් නොව බන්දේසියක තබා ලබා දුන් එකකි. එම නිසා ඒ ගැන කැක්කුමක් නොමැති කමින්, අද මේ සමරන හැට දෙවෙනි නිදහස් සමරුව හයන්න වෙනුවට අයන්න යොදාගත් හැට දෙවෙනි නිදහස් සමරුවක් ලෙසින් අවඥ්ඥාවට ලක් කිරීමට මෙම ලිපියේ කතුවරයා උත්සාහ දරා ඇති බව පෙනේ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු මේ සමරන නිදහස් සමරුවට කුහක කම අමතක කර සැම දෙනාටම එක් විය හැකිනම්, මේ ලිපියේ දක්වා ඇති ප්‍රශ්න ජය ගත හැකි වනු ඇත.

    ReplyDelete
  2. Ref: Black falgs in Jaffna in 1948.

    Unthinkable now as you have written.

    However, even in 1978 - the situation was draconian.

    Dr. VBK who hoisted a black falg in his residence at Peradeniya was suspended and interdicted from the University service.

    He has not yet been re-instated depite winning at the labour courts and the University being ordered to re-instate him by the HRC.

    Anewasika

    ReplyDelete
  3. කුහක කම යනු කුමක්ද...? මෙක ලියපු මනුස්සයා එ මනුස්සයා දැක්ක දෙවල් ලියලා තියන්නෙ. එතන ලොකු ඇත්තක් තියනවා. රජයෙ මාධ්‍ය නින්දිතව හැසුරුවු නිසා මහ ජනතාවගෙන් ඇත්ත වසන් කරලා, බොරුව රජ කරවලා ගත්තු ජයක් මෙක. එ ජය ගත්තට කමක් නැහැ ඉට පස්සෙවත් හරියට කරපන්කො. තිස්සමහාරාම ප්‍රදෙශීය සභාව. එක යම් හෙතුවකින් වහන්න වෙනවා නම් මුලු ලංකාවෙම තියන රජයෙ ආයතන වහන්න වෙනවා. ජෙ වි පි එකෙ ඉහලම සෙට් එක ටිකක් දුෂිත වෙන්න පුලුවන් , නමුත් මැද පෙළ, පහල පෙළ මිනිස්සු දුෂිත කියලා කොහොමවත් කියන්න බැහැ.
    ප්‍රශ්න ජයගන්න කලින් ඇත්ත ජයගන්න ඔනා, බොරුව රජයන සමාජයෙ ඇත්ත වසන් කරන සමාජයෙ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. මහින්ද, ෆොන්සෙකා, වික්‍රමබාහු කවුරු ආවත් මිනිස්සු හොරකම් කර කර, මිනිස්සු මොඩ විදියට චන්දය පාවිච්චි කර කර,

    ReplyDelete
  4. මා කුහක කම ලෙස දැක්වූයේ තම මවුබිමේ නිදහස් සමරුව ඇයන්නක් මුලට දමා අහවල් එකේ නිදහසක් ලෙස අර්ථ දැක්වීමට මෙම ලිපියේ මුලින්ම වැකියක් ඉදිරිපත් කිරීමයි. තම දේශපාලන මතය කුමක් වුවත්, තම මවුබිමේ නිදහස් සමරුව ගැනවත් කුහක නොවී කතා කිරීමට එහි පුරවැසියන් වන අපට හැකි විය යුතුය. ලිපියේ අඩංගු අනෙක් කරුණු එහි ලේඛකයාගේ ස්වාධීන මතවාදය බැවින් එසේ ලිවීමට ඔහුට හෝ ඇයට ඇති අයිතිය මම පිලිගනිමි. නිදහසින් පසු අප රට කුමන මාවතකට ගමන් කර ඇති දැයි අනිවාර්ය්‍යයෙන්ම අප සොයා බැලිය යුතුය. ඒ පිළිබඳව ඵලදායී සංවාදයක් රටේ ඇතිවිය යුතුය. නමුත් ප්‍රශ්නය වන්නේ, බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව මතක් වෙන්නේ නිදහස් දිනට පමණක්ම වීමය.

    ReplyDelete
  5. Man I cant read, I came here looking for "Ata Deka" (I must be from Colombo), but ended up learning something!

    ReplyDelete
  6. Sri Lanka has the highest GDP and the highest HDI in (Maldives apart for obvious reasons) South Asia. We are also rated very highly in the Gender Equality Index and the HPI.

    http://en.wikipedia.org/wiki/Happy_Planet_Index

    Our economy is undergoing a massive expansion, and the stock market is performing exceptionally well. There is no more war or terrorism, and a strong, committed leader has been re-elected by a landslide vote.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා