ධාවන පථය ඉඩ දෙන්න! හංසයා එනවා!


හංසයා තරගයට එයි ද?
(2010 පෙබරවාරි 14-W3Lankaවිපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම මහ මැතිවරණයේදී බෙදී වෙන් වි තරග කිරීමට සූදානමින් සිටි විපක්ෂය සමගි කිරීමට හේතු වෙමින් ඇති බව දේශපාලන නිරීක්ෂණ පෙන්වා දෙයි. 


එජාපය අලියා ලකුණින් එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කළ යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩඩලය තීරණය කර ඇතත් අවසන් තීරණය ගැනීමේ බලය එජාප නායක රනිල් වික්‍රමසිංහට පවරා තිබේ. 

මේ වන විට රාජපක්ෂ පාලනයට එරෙහිව මතු වී තිබෙන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව තරගයක් දිය හැකි බවට විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ තුළ ඇති වෙමින් තිබෙන බව ද, ඒ අනුව, ඒකාබද්ධ විපක්ෂය ලෙස තරග කිරීමේ කැමැත්තක් ඇති වෙමින් තිබෙන බව ද දැන ගන්නට තිබේ. 

මේ පිළිබඳව කෙරෙන සාකච්ඡාවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති අපේක්ෂක සංඛ්‍යාව ද, අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ පිළි ගැනීමට කැමැත්තක් දැක්වීම ද, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මූලික සටන් පාඨය ලෙස ඉදිරිපත් කිරීම ද ජවිපෙ හා එජාපය අතර සන්ධානයක් බිහි වීම පහසු කර තිබේ. 

මේ අතර, එජාපය සන්ධානයකට එකඟ නො වුණහොත්, සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන්, ඔහු නිදහස් නො කළහොත් අනෝමා ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් කරමින් වෙන ම සන්ධානයක් ලෙස තරග කිරීමට ජවිපෙ සහ විපක්ෂයේ තවත් පක්ෂ කීපයක් එකඟ වී තිබේ. එසේ තරග කළහොත් එජාපයට එය මහත් සේ අවාසිදායක වීමට ඉඩ ඇති වීම එජාප නායකත්වයේ සැලකිල්ලට ලක් වී ඇත. 

මේ වන විට එජාපයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු දුර්වල මට්ටමක පවතී. විපක්ෂ සන්ධානයක් ලෙස තරග කිරීමේ කැමැත්තක් බිම් මට්ටමේ සාමාජිකයන් අතර ඇති මුත් එජාප නායකත්වය කල් තබා ම පරාජය පිළි ගෙන ජාමෙ බේරා ගැනීමට උපරිම උත්සාහ කරන තැනකට තල්ලු වීම එජාප සාමාජිකයන්ගේ කලකිරීමට හේතු වී තිබේ. 

කෙසේ වෙතත්, අපගේ නිරීක්ෂණ විසින් පෙන්නුම් කරන්නේ වඩා පුළුල් පොදු විපක්ෂ සන්ධානයක් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමේ පදනමින්, බොහෝ විට හංසයා ලකුණින් ම තරග කිරීමට ඉඩ ඇති බවයි. එහෙත් නාම යෝජනා භාර දීම ආසන්න වන තෙක් ම මෙම සන්ධානය එළි දැකීම පමා වීමට ඉඩ ඇති බව දැන ගන්නට තිබේ. 

Comments

  1. හරියන්නෑ බොස් හැමදාම නානව!!! චව් චව් වහනව කට!!! හරියන්නෑ බොස් හරියන්නෙම නෑ. හරී ෂෝක් වතුර ටික නේද බෝස්!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා