දෙමළ ජනයා වෙනම ජනතාවක් බව ඡන්දෙන් කීවා -සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

(2010 පෙබරවාරි 01-W3Lankaදෙමළ ජනයා මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන බව පවසා ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. 


තමන් වෙන ම ජනතාවක් බව හා තමන්ට දේශපාලන විසදුමක් අවශ්‍ය බව මෙම ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පවසා ඇති බව ද ඔවුන් සමග බලය බෙදා ගැනීම අවශ්‍ය බව ද ප්‍රේමචන්ද්‍රන් පවසයි.


ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයෙන් පසු අවධිය දක්වා කල් දමා තිබේ. 


එහෙත් සිංහල සමාජයේ පවතින තත්වය අනුව කිසිදු ආකාරයක බලය බෙදා ගැනීමකට සිංහල ජාතිකවාදී බලවේග ඉඩ නො දීමට හැකි ය.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප