ලාංකික රිෆ්කා බාරිගේ ඇමරිකාවේ මාධ්‍ය සංදර්ශනය | Sri Lankan born Rifqa Bary's media show in Us

(2010 පෙබරවාරි 25-W3Lanka)  මෙම ඡායාරූපයේ සිටින 17 හැවිරිදි ලාංකික දැරියගේ නම රිෆ්කා බාරි ය. ඇය දැන් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහිය. 


කලින් ඔහියෝහි මව්පියන් සමග ජීවත් වූ උපතින් ඉස්ලාම් ආගම ඇදහූ අයෙකු වූ ඇය පසුව ක්‍රිස්තියානියට හැරී, ඒ හේතුවෙන් තම පවුලේ අය තමන් මරනු ඇතැයි බිය බව පවසමින් නිවසින් පැන ගොස් එක්සත් ජනපද ජනමාධ්‍යයන්හි කතාවක් නිර්මානය කළාය. 


ඇය පිළිබඳ පැවැත්වෙන අධිකරණ කටයුතුවලදී ඇගේ නීතිඥයන් පෙන්වා දුන්නේ ලංකාවට පැමිණීයහොත් ඇය මරා දමනු ඇති බවයි. 


සිය සිහින දේශයන් වන ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලංකාවේ මිනිස්සු ඉතා නිර්මානශීලී ලෙස කටයුතු කරන බවට මෙම සිද්ධිය උදාහරණයක් විය හැකිය. 

Comments

  1. Yes, I do agree with your comment, as Sri Lankans would do anything to get a refuge in developed countries.
    BUT in this case I think there is some genuinenss, as although the likelyhood of her father (or family) killing her is very low, we can imagine the fate of a Muslim girl converted to another religion in Sri Lanka.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා