වෙළඳ ශේෂය අඩු වෙලා

(2010 පෙබරවාරි 17-W3Lanka)  ලංකාවේ වෙළඳ ශේෂය 2008 වසරට වඩා 53.5%කින් පහත වැටී ඇති බව මහ බැංකුව පවසයි. 

2008දී ඩොලර් බිලියන 5.9ක් වූ වෙළද ශේෂය 2009දී ඩොලර් බිලියන 2.8ක් දක්වා පහත වැටී ඇත.

මෙය 2005න් පසු අඩු ම වෙළඳ ශේෂයයි. ආර්ථික අර්බුද හේතුවෙන් ආනයන පහත වැටීම වෙළඳ ශේෂය පහත වැටීමට හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 

මේ අතර ලංකාවේ විදේශ සංචිත ද ඇතුළත් දළ නිල සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව නිවේදනය කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණ ණය මෙසේ විදේශ සංචිත ඉහළ යාමට දායක වී තිබේ. 


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා