චම්පිකගෙන් මහින්දට අභියෝගයක්

එකට කෑවත් බොක්ක වෙනස්
(2010 පෙබරවාරි 19-W3Lanka)  "එක පෝස්‌ටරයකට අවම තරමින් රුපියල් 20 ක්‌ වත් වැය වෙනවා. එක්‌ අපේක්‌ෂකයකු පෝස්‌ටර් සඳහා මිලියන 3 1/2 ක පමණ මුදලක්‌ වැය කරනවා. පී. වී. සී. කටවුට්‌ ගහනවා. පොලිතින් සැරසිලි සිදුකරනවා. මෙයින් සිදුවන විනාශය අතිවිශාලයි. මේ අප ගෙවා දමමින් සිටින වසර හය ඉතාමත් තීරණාත්මක කාලයක්‌. මේ දශකයේදී ලෝකය පාරිසරික විනාශයෙන් ගොඩගත නොහැකි වුවහොත්, ඒ වරද අපට නැවත හදන්නට බැහැ. ලෝකයේ විනාශයට එය හේතුවක්‌ වෙනවා. එනිසා මම සියලු පක්‌ෂවල අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිතින් ප්ලාස්‌ටික්‌ වැනි දූෂක මගින් අනාගත දරුවන්ගේ අයිතිය උදුරා නොගන්නා ලෙසයි."


ජාත්‍යන්තර ජෛව විවිධත්ව වසර වෙනුවෙන් පැවති උත්සවයකදී මෙම කාලීන ප්‍රකාශය කළේ පරිසර හා ස්වභාවික සම්පත් ඇමති හා ජාතික හෙළ උරුමයේ සැබෑ නායක චම්පික රණවකයි. දැයේ දරුවන්ගේ අනාගතය විනාශකරමින් ජනතාවගේ ඇසට, කනට, හිතට, මනසට, පරිසරයට පොලිතින් ප්ලාස්‌ටික්‌ දූෂණය සිදුකරන්නාවූ කවර හෝ තරාතිරමක අපේක්‌ෂකයකු මැති සබයට පත්නොකරන්නැයිද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.


ඇමති චම්පික රණවකගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පරිසර හිතකාමී, ධාර්මික මෙන් ම වායු, ජල හා ශබ්ද දූෂණයෙන් පමණක්‌ නොව මත්ද්‍රව්‍ය යනාදියෙන්ද තොර මැතිවරණ ව්‍යාපාරයක්‌ බවට පත්කරන බව ඔහු පවසයි. ජාතික හෙළ උරුමයේ සෙසු අපේක්ෂකයෝ ද තමන් පෝස්ටර්, කටවුට් නොගසන බව කියති. 


ඇමති රණවක අත ගසා ඇත්තේ සැලකිය යුතු අභියෝගාත්මක කාර්යයකටයි. එය සුවිශේෂ අභියෝගයක් වන්නේ නොබෝදා අවසන් වූ ජනාධිපතිවරණයේදී රණවකගේ ස්වාමියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ මෙයට සම්පූර්ණයෙන් ම වෙනස් ප්‍රතිපත්තියක් හෙයිනි. හැකි හැම තැනක ම තම රූපය රැගත් පී.වී.සී. කටවුට් ඉදි කළ රාජපක්ෂ පෝස්ටර්වලින් බිත්ති කැත කිරීම සඳහා රු. කෝටි ගණනක් වැය කළේය.


මේ මහ මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන් ඔහු අනුගමනය කරමින් සිටියි. පරිසරවේදියකු වන චම්පික රණවක මේ අභියෝග කරන්නේ පරිසර දූෂක පාලක පැළැන්තියකට ම එරෙහිවයි. අපි ඔහුට සුබ පතමු!

Comments

  1. මමත් චම්පිකට තමා චන්දෙ දෙන්නෙ.

    ReplyDelete
  2. Chamipika ranawaka methek kal gena prathi paththi desa tikak balanda.
    1.) three wheel neethiya (2 stroke wenuwata 4 stroke)-mokada wune? wedak wunada? dan eka wenawada?
    2.)dum paalaka madyasthaana- Rs 500 dunnama ona test ekak pass.
    3.)rey 10 passe sadda adu kireema - wedak wunada? thaamath eka wenawada? theruma thiyana deyakda?

    boru kaarayo. Lokey gena ochcharama hithanawa nam kochchara dewal karanda puluwanda? sethusamudram eka gana mokakda kaley? arabiye duupath hadana eka gana nikamata wath kathakaranda awada kuwuruwath.
    Mey ratey thiyenne boruwa witharai. inne boru kaarayo witharai...ah...ne ne....eh boru kaarayanta chandey dena buruwo relakuth innawa.

    ReplyDelete
  3. ඩලස් ගොයියත් පොලිතින් ගහන්ණෙ නෑ කියල කිව්ව ඉස්සර මයෙ හිතේ.

    ReplyDelete
  4. I am not with Champika for political idealogies, but I am with him for this issue. We need to try at least whether his proposal will work or not.As stated in one of the comments, this is a simple issue, there are burning issues to be addressed immediately. Garbage problem itself is a big issue, not only in Colombo but in other environmentally sensitive areas, wet land destruction, etc. are main issues that affect our environment.

    ReplyDelete
  5. පෝස්ටර් ගහන එක තහනම් කරානම් හොදයි.දැන් හැම තැනම TV,Radio තියනවනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා