මහ නායක හිමිවරු එක එකාට බයේ ලියුං අස්සං කරනවා ද?

(2010 පෙබරවාරි 14-W3Lanka)   මහා සංඝයාවහන්සේලා ප්‍රමුඛ ප්‍රධාන නාහිමිවරුන්ගේ ද අත්සන් බලහත්කාරයෙන් හෝ ලබාගෙන, සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටින ව්‍යාජ සංදේශයක්‌ සැකසීම සඳහා පිරිසක්‌ ක්‍රියාකරන බව රජයට වාර්තා වී ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළ බව ද මෙම සංදේශයට අත්සන් කිරීම සඳහා ප්‍රධාන පෙළේ නායක ස්‌වාමීන් වහන්සේලා 15 නමක්‌ පමණ තෝරා ගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි ද ඊයේ දිවයනි පුවත්පත වාර්තා කළේ ය.


එම වාර්තාව අනුව සඟ සසුනේ මුදුන් මල්කඩ වන් මහනායක හිමිවරු වනාහි එක එක බල්ලන්ට බයේ ලියුං අස්සං කරන පිරිසකි. මෙසේ කියන සහ ලියන බල්ලන් ගැන මහනායක හිමිවරුන් සහ බෞද්ධයන්ට කියන්නට ඇත්තේ කුමක්දැයි අපට නො තේරේ.


පහත පළ වන්නේ එසේ බයේ අස්සං කළ ලියුමයි. සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වවලත්, අමරපුර හා රාමඤ්ඤ යන සිව් නිකායේ මහනායක හිමිවරු මෙම ලිපියට බය නිසා අත්සන් කර ඇත.
















Comments

  1. හාමුදුරුවරු මෙ ඇත්ත දකිනවා. මම හිතන්නෙ නැහැ මෙ මහනායක හමුදුරු වරුන්ට පක්ෂ පාට බෙදයක් තියනවා කියලා. පැහැදිලිව පෙනවා රටෙ කැලේ නිතිය රජ කරවන්න උපදෙස් දුන් මිනිස්සු රජයෙ ඉහල තනතුරුවලට පත් වෙලා, ඔවුන්ට විරුද්දව චොදනා එල්ල කරන විට මෙ ජාතික විරයෙකුට කරන නින්දා. මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදි අමතක වන දෙයක් තිබෙ. මෙම ක්‍රියාවලින් ශක්තිමත් වනුයෙ ජෙනරාල් මහතාය.

    ReplyDelete
  2. ආපෝ... බලන්න මේ මහානායකලත් දැන් නරක් වෙලානේ. අපේ මැතිවරන කොමසාරිස්තුමා වගේ එක එකාට බයේ දෙන ඕනෙම document එකකට sign කරනවනේ..:)

    ReplyDelete
  3. දේශද්‍රෝහීනට ඍජුව සහ වක්‍රව උදව්කිරීම යටතේ අපි ඔය මහානායකල ටිකත් අල්ලා හිරේ දාමුද. අපි කොහොම හරි අපේ සිංහල බෞද්ධ රට මේ වාගේ දේශදෝහීන්ගේන් බේරාගන්න ඕනේනේ. ඇමරිකාව. බටහිර. ධනවාදය. විදේශ කුමන්ත්‍රණ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා