Posts

Showing posts with the label ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු ම ද?

Image
ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා වහා එය වෙනස් කර පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ඇති කළ යුතු යයි අදහසක් ප්‍රවර්ධනය වෙමින් තිබේ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට එරෙහිව තර්කයක් නැත. එහෙත්, තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විප්ලවීය ලෙස වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා මූලිකව ම කළ යුතුව තිබෙන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගැස්වීමයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. එහෙත්, ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එතරම් දුරට දැනුවත් ද යන්න ගැටලුවකි. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වූ මැර බලය, දූෂණය හා මැතිවරණ වංචා ඉහවහා ගිය සමයකි. ලංකාවේ පාලකයන් මෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ද කරන්නේ ජනතාව දැනුවත් කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඡන්ද දිනන්නට උත්සාහ කිරීම නො වේ. ඔවුන් කරන්නේ ඡන්දය උපයෝගී කර ගැනීමයි. ආණ්ඩු පක්ෂය නම් මෙය ඉතා විවෘතව ම කරයි. ඒ විවිධ අල්ලස් ඔස්සේ ඡන්ද මිළ දී ගැනීමෙනි. මෙවන් සංදර්භයක් තුළ ඇත්තෙන් ම, ලංකාවේ තිබෙන ලොකු ම ප්‍රශ්නය විධායක ජන...

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය. ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත. පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද? පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද?  කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද? දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකා...

පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

Image
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි. හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා. දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි ...

ඔන්න ඒ පාර චීනෙත් ..........

Image
ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය. මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි. ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය. චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය. මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙම...

අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය. මේ අට වසර ලංකාවේ දැවැන්ත ‍පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ. ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, ‍පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය. බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පො...

ලංකාවේ පැවැත්වෙන මැතිවරණ ප්‍රජාතාන්ත්‍රික ද?

Image
ලංකාවේ නිතර, නිතර මැතිවරණ පැවැත්වේ. එමගින් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් යන අදහස පාලකයන් විසින් ප්‍රවර්ධනය කරමින් තිබේ. ඇත්තෙන් ම, ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ද? මෙහිදී මේ පිළිබඳව තිබෙන ජාත්‍යන්තර සම්මුතිවල තත්වය විමසා බැලීම වැදගත් ය. විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයේ 21 (3) වගන්තිය මෙසේ පවසයි. ”ජනතාවගේ කැමැත්ත රාජ්‍ය බලාධිකාරයේ පදනම වේ. නියමිත කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී නිදහස් හා සමාන අන්දමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රම හා රහස් ඡන්දය හරහා සර්ව ජන ඡන්ද බලයෙන් මෙම කැමැත්ත ප‍්‍රකාශ වේ.” සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 25 වගන්තිය මෙසේ පවසයි. සෑම පුරවැසියකුට ම පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් හිමිකම හා අවස්ථාව හිමි වේ. (අ) ඍජුව හෝ නිදහස් අන්දමින් තෝරා ගන්නා ලද නියෝජිතයන් හරහා පොදු කටයුතු මෙහෙයවීමට සම්බන්ධ වීමේ හැකියාවෙන් (ආ) කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී සමාන හා සර්ව ජන ඡන්ද බලයෙන් හා රහස් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් හා තෝරා පත් කර ගන්නාගේ කැමැත්ත නිදහස් අන්දමින් ප‍්‍රකාශ වන පරිදි තේරී පත් වීමෙන් (ඇ) සමානාත්මතාවේ සාමාන්‍ය කොන්දේසි මත ...

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ

Image
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දරුණු විවේචනයට හේතු වී තිබේ.  "A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war. These elections provided a starting point for that process. Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live with peace and dignity that they deserve." එයින් කියවෙන්නේ මෙයයි: "උතුරු පළාතේ වඩා හොඳ පුරවැසි පරිපාලනයක් පිහිටුවීම සඳහාත්, යුද්ධය නිමාවෙන් වසර හතරකට පසුව සංහිඳියා ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, ප්‍රචණ්ඩත්වයෙන් හා බලපෑම්වලින් තොර ක්‍රියාවලියක් අවශ්‍ය ය. මෙම මැතිවරණ එම ක්‍රියාවලිය සඳහා ආරම්භක පියවරකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ. සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් වීම තහවුරු කරනු පිණිස තව බොහ...

බලය නැති දේශපාලකයන්ට මළ ගෙදරකවත් යන්න බැරි රටක්

Image
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස  එජාපයෙන් බිඳී දෑත් ශක්තිමත් කරන්නට ආ අයුරු මිනීමැරුමක් සම්බන්ධයෙන් පසුගියදා මරණීය දණ්ඩනයට නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිවරයාගේ විත්ති වාචකයේ ඒ තැනක තමන් දේශපාලනයට එන්නට පෙර කසිප්පු විකිණූ බව සඳහන් කරයි.  අද වන විට බොහෝ පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා මන්ත්‍රීවරු මෙවැනි අයයි. ලජ්ජා විරහිත ඉතිහාසයට දේශපාලන බලය හා උන්නතිකාමය එක් වූ විට මේ පාදඩයෝ වැඩි දෙනෙක් තමන් කරන දේ නො දනිති. පළාත් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔවුන්ට ග්‍රීක් වැනි වේ. මෙවැනි පාදඩයන් දේශපාලන නායකත්වයට ගෙන ඒමේ 'ගෞරවය' හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහට බලපිටියේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රහාරය ඇත්තෙන් ම දෛවයේ සරදමකි. බලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න ද සිල්වා කලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම පදවිය දැරූවෙකි. මෙවැනි පාදඩයන්ගේ දේශපාලන බලය කූටප්‍රාප්තියට පත් කළ වත්මන් පාලක රෙජිමට මුහුණ දෙන්නට සිදු වන අත්දැකීම් මීටත් වඩා කෲර වනු ඇත.  දේශපාලකයන් විසින් නිර්මානය කර තිබෙන රට වනාහි පාලන බලය නැතිනම් උන්ට ම...

මුසල්මානයන් දනගැස්වීම හා ප්‍රජාතන්ත්‍රවාදය

Image
හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීම හෝ මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. වෙළඳපොළේ ඇති භාණ්ඩ හලාල්ද නැද්ද යන්න විමසීමේ අයිතියක් මුස්ලිම් ජනයාට තිබේ. හලාල් අධීක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබිණි. එහි යම් ගැටලු තිබිණි. හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීම හේතුවෙන් හලාල් සහතිකය අවශ්‍ය නොවන අයටත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම මෙහිදී ප්‍රශ්න කෙරිණි. මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, මුස්ලිම් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ හලාල්ද නැද්ද යන්න දැනගැනීමට ඇති අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් කියනවානම් නිර්මාංශාහාර පමණක් පරිභෝජනය කරන අයට තමන් පරිභෝජනය කරන කෑමවල සත්ව කොටස් අඩංගුද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අයිතියද මෙවැනි එකකි. දැන් ජමියතුල් උලමා සංවිධානය ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලින් හලාල් ලකුණ ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගැනීමේදී හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිම් ජනතාවට තිබෙන අයිතියට ඔවුන් කෙතරම් ගරු කර තිබේද යන්න අපට සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයේ අභිප්‍රායන් පිළිබඳ අප මුල සිටම මතු කළ සැක සංක...

අපට එරෙහිව අපි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය එක්ක නැවතත් සිංහල ජාතියට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකෙරෙන්න පටන් අරන්. අපට ඕනෑනම් මුළු ලෝකයම ඉන්නේ අපට කෙළවන්නය කියා සිතාගෙන ඉන්න පුළුවන්. ඒත්, ලෝකයට එතරම් අමාරුවක් තිබෙන්නේ ඇයිද කියා ගැඹුරින් සිතුවොත් එම සිතුවිල්ලේ හිස්කම පෙනේවි. ලෝකයේ වැඩිදෙනෙක් ඇත්තම කීවොත් ලංකාව කියා රටක් තිබෙනවාද කියාවත් දන්නේ නැහැ. දැන් නිකම් හිතන්නකෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගැන. සමහරු හිතනවා මේ එක් රටක්ය කියා. අපි වැඩිදෙනෙක් දන්නේ නැහැ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තිබෙන රාජ්‍ය මොනවාද කියා. ලංකාව ගැන ලෝකයේ දැනුමත් ඔය වගේ තමයි. අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් මේ කරදිය වළල්ල තරණය කරලා නැහැනේ. ඒ නිසා හරි ලේසියි හිතන්න මේ රටේ මාර දේවල් තිබෙනවා, ලෝකෙම මේක කන්න බලා ඉන්නේ ඒ නිසා කියලා. ලංකාව හොඳ රටක් බව ඇත්ත. ඒත් ඉතින් හොඳම රට වෙන්නනම් තව බොහෝ දේ අවශ්‍යයිනේ. ඒ වුණාට අපි ඉතින් අපේ රටට ආදරය කිරීමේත් වරදක් නැහැ. අපි පුංචි රටක්. සිංහලයෝ ප්‍රමාණාත්මකව පුංචි ජන කොට්ඨාසයක්. නූතන ලෝකය කියන්නේ සෑහෙන්න එකට බැඳුණු තැනක්. එහි හුදකලා වෙන්න අමාරුයි. අපි නම් වසර දහස් ගණනක ස...

ෆොන්සේකාට ආණ්ඩුවෙන් නිදහස නො ලැබෙනු ඇත.

Image
මේ දිනවල නැවතත් සරක් ෆොන්සේකා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.  ඔහු සිරගත කර වසර දෙකක් ගත වීමත් සමග ම ආණ්ඩුව ඔහු නිදහස් කරනු ඇතැයි ජනමාධ්‍ය විසින් බලාපොරොත්තු, සංවාද ඇති කෙරෙමින් තිබේ.  ජනවාරි පළමුවෙනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද, ඉන්පසු පෙබරවාරි සිව්වැනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද කියැවෙමින් තිබී, ඒවා ඉටු නො වූ තැන දැන් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඔහු නිදහස් කෙරෙනු ඇතැයි කියැවෙමින් තිබේ.  අපේ නිරීක්ෂණය අනුව නම්, මෙසේ කියැවෙමින් තව සිංහල අවුරුදු බොහෝ ගණනක් ගත වනු ඇත.  ෆොන්සේකා නිදහස් කිරීම ද ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සේ හැමදාමත් කතා කරමින් සිටින, එහෙත් කිසිදා සිදු නො වන දෙයකි.  මේවා ගැන බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන්නෝ එල්ලී පැද්දෙන එළුවාගේ වෘෂණ කෝෂ කන්නට එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරි වැනි ය. මේ අතර, තවත් නඩු දෙකකින් ද ෆොන්සේකාගේ සිර දඬුවම් තවත් දීර්ඝ කර දීමට ආණ්ඩුව වග බලා ගන්නා බව සිකුරු ය.  ෆොන්සේකාට නිදහස ලබා ගැනීමට නම් ඔහු ලිඛිතව සමාව ඉල්ලිය යුතු බව ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ අද දිවයිනට පවසා තිබේ.  ලිඛිතව සමාව ඉල්ලුවත්, නිදහස ස්...

අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් බූරුවෝ / Sri Lanka MP Arundika Fernando and Puttlam donkeys

Image
පුත්තලම කලක් පුත්තලම් බූරුවන්ට ප්‍රසිද්ධ වී තිබිණි. අරුන්දික ප්‍රනාන්දු වනාහි පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු දිවයින පුවත්පතට මෙසේ කියා ඇත. පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා. සිද්ධිය දිවයින පුවත්පතේ විස්තර කර ඇති ආකාරය මෙසේ ය. ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක්‌ ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ගැනත්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැනත් කතා කළේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු රංගේ බණ්‌ඩාර මහතාට දිගින් දිගටම බාධා කළ අතර සිය කතාව අවසන් කළ බණ්‌ඩාර මහතා සභාවෙන් පිටව යැමට දොරටුව වෙත ගියේය. ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මහතාද එදෙසට වේගයෙන් දි...

මුළු රට ම ප්‍රජාතන්ත්‍රවාදයේ වැලිකන්දක් කරමු / Let us make entire Sri Lanka a Welikanda of democracy

(2011 ජුලි 25,   W3Lanka )  ජනතාවනි, ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය හදමු. මුළු රට ම වැලිකන්දක් කරමු. වැලි කමු. ගල් රෙමු. වැලිකන්දට විපක්‍ෂයක්‌ නෑ අජිත් අලහකෝන් (දිවයින) ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට විපක්‍ෂයක්‌ නොමැති පළාත් පාලන ආයතනයක්‌ පෙරේදා පැවැති ඡන්දය නිසා බිහිවූ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීය. ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාව විපක්‍ෂයක්‌ නොමැති පළමු ප්‍රාදේශීය සභාව බවට පත්වන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීය. වැලිsකන්ද ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී ධුර නවයක්‌ හිමිව ඇතැයිද ඉන් මන්ත්‍රී ධුර අටක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හා එක්‌ මන්ත්‍රී ධුරයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට බව ද කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම මන්ත්‍රී ධුරයද එජනිසයට සහාය දක්‌වන බව කීය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

Image
(2011 පෙබරවාරි 18,  W3Lanka )  ලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර තිබේ. එහෙත්, අලුත් ම තත්වය වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුව දක්වා ම විහිදීමයි. වඩා නිවැරදිව කියනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බලපෑමට ලක් වීමයි.  පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සිය සැමියාගේ ප්‍රහාරයකට ලක් ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ ආදරවන්තයින්ගේ දිනයේ ඇය ජැයික් හිල්ටන් හෝටලයේදී තවත් නළුවකු සමග නැටුමක යෙදීම නිසා ඇගේ නීත්‍යනුකූල සැමියා ඇය කෙරෙහි ඇති කර ගත් ලිංගික ඊර්ෂ්‍යාවකි. පහර දීම් හේතුවෙන් මේ වන විට ඇය ශල්‍යකර්මයකට පවා ලක් කර තිබේ.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වුවත්, ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර නැත. එහෙත්, පොලිසිය දැන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මන්ත්‍රීවරියගේ සැමියා පොලිසියට අවශ්‍යව ඇති මුත් මේ වන විට ඔහු කට්ටටි පනිමින් සිටින බව වාර්තා වේ.  උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා නම් ටෙලි නාට්‍ය නිළිය...

ප්‍රජාතන්ත්‍රවාදය සටන් පාඨයක් නො ව ජීවන භාවිතාවකි

Image
(2011 පෙබරවාරි 12,  W3Lanka ) ලේඛකයා අරාජිකවාදියකු වන්නට පෙර, ඔහු වැඩ කළ එක් වාම දේශපාලන කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් ව්‍යාපාරයක් බවට පත් විය යුතු බව ඔහු යෝජනා කළේ ය. එහිදී, ඔහු සහ තවත් පිරිසක් යෝජනා කළේ ඒ වන විට එම ව්‍යාපාරය වටා ගොනු වී සිටි පිරිස් තීරණ ගන්නා ව්‍යූහයන් සමග සම්බන්ධ වන නිශ්චිත ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි. ඒ පිළිබඳ සංවාදයේදී එම කණ්ඩායමේ නායකත්වය විසින් මතු කරන ලද ප්‍රශ්න කීපයක් මෙසේ ය. තීරණ ගැනීමේ ව්‍යූහවලට ඇතුළත් කර ගන්නට තරම් අප යෝජනා කළ ක්‍රියාකාරිකයන් විශ්වාසවන්ත ද? විශ්වාසවන්ත යයි යම් පිරිසක් නිශ්චය කර ගන්නේ කවුරුන් විසින් ද? එසේ තීරණය කරන පිරිස ද ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණ පිරිසක් නොවෙයි නේ ද? කුමන අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වුව කිසියම් සුවිශේෂ පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා නේ ද? උවමනාවට වඩා විවෘත වුවහොත් අරමුණුවලට පටහැණිව ක්‍රියා කරන සංවිධානාත්මක පිරිසකට සංවිධානයේ බලය අල්ලා ගත හැකි වනවා නේ ද? අවසානයේදී නායකත්වය විසින් මතු කරන ලද තර්කය වූයේ සංවිධානය යනු කිසියම් දැනුවත් පිරිසක් විසින් මෙහෙයවනු ලබන්නක් බවයි.ඕනෑ නම් මෙය ප්‍ර...

ප්‍රජාතන්ත්‍රවාදයට බය පක්ෂවල සම්මේලන

Image
(2011 පෙබරවාරි 10,  W3Lanka ) ජවිපෙ සිය සතළිස් වසරක ඉතිහාසයේ සයවන ජාතික සමුළුව අද පවත්වයි. ජවිපෙ ජාතික හා දිස්ත්‍රික් සම්මේලන වනාහි තවත් මැතිවරණ ප්‍රචාරක සංදර්ශන වර්ගයකි. මැතිවරණ සඳහා පක්ෂ අභ්‍යන්තර ශක්තිය ගොනු කර ගැනීම පිණිස මෙම සමුළු උපයෝගී කර ගැනේ.  එසේ ම, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව ප්‍රදර්ශනය කිරීරීම පිණිස ද සම්මේලන ඉවහල් වේ.  මේ සම්මේලනවලදී ඇත්තෙන්ම සිදු වන්නේ පක්ෂය මෙහෙයවන බලවත් සුළු පිරිස විසින් තීරණය කරන ලද පිරිසක් සාමාජිකයන් විසින් නායකයන් ලෙස පිළි ගැනීමයි. ජවිපෙ නම් බොහෝ විට මෙම නායක මණ්ඩල ඇත්ත නායකත්වයෙන් වෙනස් වේ. ඒ වනාහි ගරිල්ලා ව්‍යාපාරයක ශේෂ ලක්ෂණයකි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල පවා සම්මේලන පැවැත්විය යුතු ආකාරය ව්‍යවස්ථාවෙන් දක්වා තිබේ. ඒ අනුව, යම් පුද්ගලයකු පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා හා පක්ෂ තනතුරුවලට පත් වන ආකාරය විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කිරීමට ක්‍රමවේදයක් සකසා තිබේ.  වාර්ෂිකව පක්ෂ සම්මේලන පවත්වන නව සමසමාජ පක්ෂය වැනි පක්ෂවල පවා මෙම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. බලවත් සමාජවාදී රටවල මෙන් ...

යුද අපරාධ චෝදනාවෙන් රාජපක්ෂවරුන් ගලවා ගත හැක්කේ කෙසේ ද?

Image
( 2010 දෙසැම්බර් 05,  W3Lanka )  යුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්‍රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ.  කොටි සංවිධානය විනාශ කර දැමීම පිළිබඳව බටහිර බලවතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කෘතවේදී වන මුත්, බටහිර විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ එය සිදු නො වීම නිසා එයට වගකීමට රාජපක්ෂවරුන්ට සිදු වී තිබේ. මේ රාමුව බටහිර බලවතුන් විසින් ම ඕනෑ තරම් කඩා බිඳ දමා ඇති මුත් දේවාලයේ මළ පහ කරන්නට පුළුවන් කපුවන්ට පමණක් වීම නිසා ඒ අවස්ථාව ඉල්ලා ලංකාව උද්ඝෝෂණ කරන්නට යාම තේරුමක් නැත.  රාජපක්ෂවරුන් රටේ කලින් සිටි පාලකයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් ජාත්‍යන්තර දේශපාලනයේ දෙන ලද රාමුව බිඳ ගෙන කොටි සංවිධානය හඹා‍ ගොස් යුද්ධය ජය ගැනීමට සමත් වූ නිසා ය. එය පොතේ නිතිවලින් කළ යුද්ධයක් නො වේ. පොතේ නීති නො තැකූ කොටි සංවිධානයට අවසානයේදී පොතේ නීති නො තකන තමන් වැනි ම වූ සතුරකු මුණ ගැස්වූයේ රාජපක්ෂවරු ය.  රාජපක්ෂවරුන් ද ප්‍රභාකරන් මෙන් ම ඉතිහාසයේ නිර්මානයක් බව අප මීට පෙර ද ලියුවෙ...

ජවිපෙ ධෛර්යය හා විලි ලජ්ජා නැතිකම | Courage and the shamelessness of JVP

Image
( 2010 නොවැම්බර් 18,  W3Lanka )   සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ සහෝදරවරුන් පිරිසකට යාපනයේදී ගුටි කන්නට සිදු විය. ගුටි කෑවේ යාපනයේ හිටපු මන්ත්‍රිනී පද්මිනී සිදම්බරනාදන්ගේ ගෙදරදී ය.  මේ පද්මිනී එදා ජවිපෙට කොටි දෙනකි. මන්ද, ඇය කොටි සංවිධානයේ බහුජන අංශයක් වූ පොංගු තමිල් සංස්කෘතික කණ්ඩායමේ නායිකාවක වූ නිසා ය. කොටින්ට ද ඒ දිනවල ප්‍රධාන සතුරා වූයේ ජවිපෙ ය.  මේ දෙගොල්ලන් එදාත් යැපුණේ එකිනෙකාගෙනි. ඒ එකිනෙකා සතුරා කරගෙන ය. දැන් දෙගොල්ලෝ ම හාන්සි ය. ඒ නිසා උතුරේත්, දකුණේත් (සුළු ධනේශ්වර) පංති සමගිය සඳහා පසුබිම දැන් හැදී ඇති බව පෙනේ.  ජවිපෙ උද්ඝෝෂණය කරන්නේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ නම් හෙළි කරන්නැයි කියා ය.  කාලයක් ජවිපෙ පෙනී සිටියේ කොටි සංවිධානය සමතලා කර දැමීම වෙනුවෙනි. ජවිපෙ තමන් විසින් ම ගොඩනඟන ලද ආණ්ඩුවට මුලින් විරුද්ධ වුණේ ආණ්ඩුව යුද්ධය හරියට නො කරන බව කියමිනි. අන්තිමේදී ආණ්ඩුව යුද්ධය ජවිපෙ බලාපොරොත්තු වූ අන්දමින් කළේ ය. අතුරුදහන් වීම් එහි අතුරු ඵල වේ. මේ අන්දමින් දෙමළ අරගලය මර්දනය කරන්නැයි ඉල්ලා සිටි අය අතුරුදහන් වූවන්ගේ නම් හෙළිදරව් කරන්නැයි කියා අතුර...