අපට එරෙහිව අපි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය එක්ක නැවතත් සිංහල ජාතියට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකෙරෙන්න පටන් අරන්.

අපට ඕනෑනම් මුළු ලෝකයම ඉන්නේ අපට කෙළවන්නය කියා සිතාගෙන ඉන්න පුළුවන්. ඒත්, ලෝකයට එතරම් අමාරුවක් තිබෙන්නේ ඇයිද කියා ගැඹුරින් සිතුවොත් එම සිතුවිල්ලේ හිස්කම පෙනේවි. ලෝකයේ වැඩිදෙනෙක් ඇත්තම කීවොත් ලංකාව කියා රටක් තිබෙනවාද කියාවත් දන්නේ නැහැ. දැන් නිකම් හිතන්නකෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගැන. සමහරු හිතනවා මේ එක් රටක්ය කියා. අපි වැඩිදෙනෙක් දන්නේ නැහැ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තිබෙන රාජ්‍ය මොනවාද කියා. ලංකාව ගැන ලෝකයේ දැනුමත් ඔය වගේ තමයි.

අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් මේ කරදිය වළල්ල තරණය කරලා නැහැනේ. ඒ නිසා හරි ලේසියි හිතන්න මේ රටේ මාර දේවල් තිබෙනවා, ලෝකෙම මේක කන්න බලා ඉන්නේ ඒ නිසා කියලා. ලංකාව හොඳ රටක් බව ඇත්ත. ඒත් ඉතින් හොඳම රට වෙන්නනම් තව බොහෝ දේ අවශ්‍යයිනේ. ඒ වුණාට අපි ඉතින් අපේ රටට ආදරය කිරීමේත් වරදක් නැහැ.

අපි පුංචි රටක්. සිංහලයෝ ප්‍රමාණාත්මකව පුංචි ජන කොට්ඨාසයක්. නූතන ලෝකය කියන්නේ සෑහෙන්න එකට බැඳුණු තැනක්. එහි හුදකලා වෙන්න අමාරුයි. අපි නම් වසර දහස් ගණනක සිටම ලෝකය එක්ක බැඳී ජීවත් වන ජන කොටසක්.ඒ බවට ඓතිහාසික සාධක අනුරාධපුර යුගයෙනුත් හමුවෙනවා.

අපි ලෝකයෙන් ණය, ආධාර අරගෙන තිබෙනවා. දැනුම, තාක්ෂණය අරගෙන තිබෙනවා. කලාවන්, සංස්කෘතීන් අරගෙන තිබෙනවා. ලෝකයට දේවල් දීලාත් තිබෙනවා.

සුනාමි ව්‍යසනය වෙලාවේ ලෝකය අපි වෙනුවෙන් වැළපුණා. අපට යළි ගොඩඑන්න ආධාර කළා.

ලෝකය කියන්නේ රාජ්‍ය විතරක් නොවෙයි. ලෝකය සමන්විත වන්නේ මිනිසුන්ගෙන්. අපි හැමෝම ලෝකවාසීන්. ඒ නිසා එකිනෙකා ගැන අපට වගකීමක් තිබෙනවා.

ඇමරිකාවට ලෝකෙට චන්ඩියා වෙන්න අවශ්‍ය යුද බලය තිබෙනවා. ඒත්, ලෝකයේ ප්‍රගතිශීලී ජනතාව එයට විරුද්ධයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පිළිවෙත්වලට එරෙහිව ඇමරිකානුවෝ විශාල අරගලයක් කරනවා. වියට්නාම් යුද්ධයට එරෙහි වී මොහොමඩ් අලි කළ අරගලය ලෝක ප්‍රසිද්ධයි. ඇමරිකන් හමුදාවට බැ‍ඳෙන්න  ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට බොක්සිං ක්‍රීඩාවත් අහිමි කළා. 

ඇමරිකාවට ලෝකයේ සෙසු රටවලට චන්ඩිකම් කරන්න පුළුවන්නම් ඇයි අපට බැරි කියලා අහන අය ඇත්තටම කරන්නේ ඇමරිකාවට චන්ඩිකම් කිරීම නොවෙයි. තමන්ට වඩා දුබල අය තෝරාගෙන චන්ඩිකම් කිරීමයි. 

ලංකාවේ දිග්ගැහුණු යුද්ධය සිදුවුණේ සිංහල මහජාතියේ ස්වෝත්තමවාදයේත්, දෙමළ ජාතියේ සුළුතර ජාතිවාදයේත් ප්‍රතිඵලයක් ලෙසයි. ජාතිවාදී පදනමින් අනෙක් ජාතිය යටපත් කරගැනීමට මාන බැලුවා මිස මේ දෙජාතියේම අධිපති ව්‍යාපාර දෙජාතියටම පොදු පුළුල් දේශපාලන අනන්‍යතාවක් හා ඒ හා සමපාත වන ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් සටන් කරන්න සූදනමක සිටියේ නැහැ.

අවසානයේදී රාජ්‍ය බලය හිමි සිංහල ජාතිවාදීහු දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමට සමත් වුණා. එය සිදු වුණේ අතිශය කෲර යුද්ධයක් තුළයි. මෙහිදී දෙපාර්ශ්වයම සීමාන්තික ලෙස යුද අපරාධවල යෙදුණා. 

යුද අපරාධවලට වගකිවයුතු එක් පාර්ශ්වයක් විනාශ වුණා. අනෙක් පාර්ශ්වය තමන් අතින් යුද අපරාධ සිදු නොවූ බව පෙන්වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙනවා.

පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලුවොත් ඉතිහාසය ඉදිරියට ගොස් තිබෙන්නේ මෙවැනි ජන සංහාර ඔස්සේ බව පැහැදිලියි. ඉතිහාසය කියන්නේ හැමවිටම යුක්තිය මත පදනම් වූ ක්‍රියාවලියක් නොවෙයි. අද අප ඉතිහාසයේ කැපී පෙනෙන පුද්ගලයන් හෝ වීරයන් ලෙස සලකන බොහෝදෙනෙක් ඇත්තෙන්ම යුද අපරාධකාරයෝ තමයි. බරක් ඔබාමා වුණත් ‍එහෙමයි. ඒ නිසා යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්නට යන එකේ ගැටලුවක් තිබෙනවා. ඒ දඬුවම් කිරීම සඳහා අපරාධකරුවන් තෝරාගන්නා පදනම කුමක්ද යන්නයි.

දැන් රාජපක්ෂ පවුලේ අය හා ඔවුන්ට යුද සමයේ හිතවත්ව සිටි අය යුද අපරාධවලට වගකිවයුතු නිසා ඔවුන්ව දංගෙඩියට ගෙනයන්න දෙමළ ජාතිවාදීන් ලොකු උත්සාහයක් ගන්නවා. ඔවුන්ගේ බලපෑම් කිරීමේ ශක්තිය සුළු එකක් නොවෙයි. එත්, එය ඒ තරම් මහා බලයකුත් නොවෙයි. මන්ද, පැහැදිලි සාක්කි තිබියදීත් ඔවුන්ට පුළුවන් වෙලා නැහැ, ලෝකය තීරණාත්මක ක්‍රියාමාර්ගයකට තල්ලු කරන්න. ඇත්තෙන්ම කිව්වොත් ඔවුන් අසාර්ථකයි.

ඒත්, දිනෙන් දින රාජපක්ෂ පවුල වටා එළා ඇති දැල ශක්තිමත් වෙන බවක් පෙනෙනවා. ලංකාව ඇතුළේ සිංහල ජාතිවාදය තවදුරටත් ශක්තිමත් කළාම ඔවුන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ය කියා ඔවුහු සිතනවා. ඒත්, ඔවුන් කරන දෙයින් ජාතිවාදය කරපින්නාගත් වෙනත් පිරිසක් බලවත් වෙන එක ඔවුන්ට වළක්වන්න අසීරුයි. ඒ බලවත් වෙන පිරිස ඇත්තෙන්ම ඔවුන්ගෙන් බලය ඩැහැගන්න මාන බලන උන්නතිකාමීහු පිරිසක්. 

රාජපක්ෂ පවුලේ ඇත්ත ගැලවීම තිබෙන්නේ ලෝකය සමග සංහිඳියාවකට යාම තුළයි. ඒ සඳහා රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩනැඟීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසි. ඒත්, ඔවුන්‍ට තිබෙන මූලික ගැටලුව වන්නේ එවැනි වෙනසකට අවශ්‍ය දැක්මක් කිසිසේත්ම ගොඩනඟාගැනීමට බැරි ආකාරයේ පවුල්වාදයක් තුළ ඔවුන් සිරවීමයි.

යහපාලනයකින් තොර ඒකාධිපතිවාදයක් තුළ නිර්මානය වුණ, සැබැවින්ම අරාජිකත්වයක් වන මේ තත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාව ආර්ථික, දේශපාලන හ සමාජයීය වශයෙන් තවතවත් අගාධය දෙසට යොමුවීමයි.

මේ තත්වය හමුවේ අවශ්‍ය වන්නේ එක් එක්කෙනා දංගෙඩියට යවන්න හෝ බේරාගන්නට හෝ මැදිහත්වන ව්‍යාපාර නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතික සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මහින්ද මහත්තයට, චන්ඩි මහින්දගෙන් එළියට ඇවිත්. අඩුම ගානේ මහතීර් මොහොමඩ් කෙනෙක් වත් වෙන්න පුළුවන්නම්..... තාම ඉඩ තියෙනවා. චන්ඩාශෝක, ධර්මාශෝක උනේ... දුටුගැමුණු, මහා පින්වතෙක් උනේ...

    ReplyDelete
    Replies
    1. උඹ හිතන් ඉන්නෙ මහින්දගෙන් දෙවි කෙනෙක් පහල වෙයි කියලද? කඩේ යන්න එපා ගොනෝ.... වැසිකිලියක් කාපන් මාතලන්.....

      Delete
    2. ඇයි උඹ කන්නෙ ඒවද...? රහද...?

      Delete
  2. කොහොමත් ප්‍රශ්න තව තවත් උඩු දුවන බව පමණයි පෙනෙන්න තිබෙනුයේ.

    ReplyDelete
  3. ඔච්චර කතා කරන්න දෙයක් නැහැ.. අපි චීනෙත් එක්ක තියෙන දීගේ අද නැවතුවොත් හෙට අපි සන්තුවරයෝ !

    ReplyDelete
  4. නමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කිව්වට අපි තවමත් ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ. ජනාධිපතිවරයා ජනප්‍රිය වෙනකොට 'මහ රජ්ජුරුවෝ' කියලා හඳුන්වන ජනතාවක්නෙ ඉන්නේ. ඉතින් ජනතාව මහරජ්ජුරුවෝ දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්නවා. රටක දේශපාලනය හැසිරවීමේ සැබෑ අයිතිය සහ වගකීම තමන් සතුයි කියන එක ජනතාව තේරුම් නොගැනීම තමයි අපේ රටේ තියන ලොකුම අවුල. මේවා ජනතාවට පෙන්නලා දෙන්නත්, ඒ හැකියාව තියන නායකයින් බිහිවිය යුතුයි. දැනට නම් එහෙම නායකත්වයක් නෑ...

    අපි අද ඉන්නේ අමුතුම තැනක... රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නාස්තිය, දූෂණය වගේ දේවල් ගැන රජය කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැගෙමින් තියන අතරම, ජාත්‍යාන්තර බලපෑම්වලින් රට බේරාගත හැක්කේ ද ආණ්ඩුවට පමණක් බව විස්වාස කරනවා. තමන්ගේ අයිතීන්, නිදහස, ජීවත්වීමේ තත්වය පහත හෙලන ආණ්ඩුවේ හිතුවක්කාර, චන්ඩි ස්වභාවයම ජාත්‍යාන්තර බලපෑම් වලින් අපිව බේරාගනියි කියන තැන තමයි මිනිස්සු ඉන්නේ.

    ReplyDelete
  5. මහන්සි වි ලියා ඇති මේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර මදිය. සිංහල බ්ලොග් අවකාශයේ සමහර සම්ප්‍රප්‍රලාප වලට කොමෙන්ට් සිය ගණන් ලැබෙද්දී කාගේ කාගේත් තමන්ගේම ජීවිතය සහ තමන්ගේම අනාගතය පිලිබඳ සාකච්චාවට බඳුන් වෙන මෙවැනි වැදගත් දේට අඩු අවධානයක් යොමුවීම කණගාටුදායකය. මගේ අදහස නම් බටහිරයන් අපිට හතුරුකම් කරන්න සහ අපට කෙළවන්න බලාගෙන ඉන්නවා යැයි සිතීම විකාරයක් මෙන්ම සමහර මහත්වරුන් සිතන පරිදි බටහිරයන් අපිව බේරගන්න බලාගෙන ඉන්නවා යන්නද වැරදි අදහසකි. අපේ රටේ හමුදා පාලනයක් ආවත් බටහිර සුද්දන් පැමිණ අපිව බේරා ගන්නේ නැත,.
    අපේ ප්‍රශ්න අපි විසඳාගත යුතුය.
    බටහිර සුද්දන් කළු කැත සරම් අදින පුංචි මිනිසුන් වන දෙමල ජනතාවට දිනාදෙන මානව හිමිකමක් නොමැති බව ලකාවේ දෙමල ජනතාවද ඉක්මනින් තේරුම් ගත යුතුය. සුද්දන්ගේ පස්සේ නොයා ජාතිවාදී නොවන, සිංහල මිනිසුන් සමග එකතුවී තම අයිතීන් අයිතීන් අහිමි වී සිටින මිතුරු සිංහල ජනතාවද සමග එකට එකතු වී හැමෝම දිනා ගත යුතු බව තේරුම් කරදීමට දෙමළ දේශපාලන නායකයෙකු නැතිවීම අභාග්‍යයකි.
    දෙමල ජනයාට අයිතීන්, නීතියේ සමානතාවය නොදී අපිට විතරක් දිනා ගත හැකියයි සිතන සිංහලයා ද මෝඩයෙකි.
    ජාතින් එකමුතුවී විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දම්රුවන්February 28, 2013 at 11:32 AM

      @උදිත,
      //මහන්සි වි ලියා ඇති මේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර මදිය. සිංහල බ්ලොග් අවකාශයේ සමහර සම්ප්‍රප්‍රලාප වලට කොමෙන්ට් සිය ගණන් ලැබෙද්දී කාගේ කාගේත් තමන්ගේම ජීවිතය සහ තමන්ගේම අනාගතය පිලිබඳ සාකච්චාවට බඳුන් වෙන මෙවැනි වැදගත් දේට අඩු අවධානයක් යොමුවීම කණගාටුදායකය. //
      එහෙම කමෙන්ට් වැටෙන්න පැරා ඔය බ්ලොග්කරුවන්ගෙ කල්ලියක සාමාජිකයෙක් නෙවෙයිනෙ. අනික ඉතිං ඒ කමෙන්ට්වලත් වැඩි හරියක් තියෙන්නෙ මොන කුනුහබ්‍බයක් ලියල තිබ්බත් අන්තර්ගතේ නොබල යාළු මිත්‍රකමට දාන "ෂා.. මාරයි" "ෂෝක් අනේ හි..හි.." "මං එක" වගේ වචන සෙට් එකක්නෙ. අනික ඒ බ්ලොග්වලත් වැඩකට ඇති කමෙන්ට් එකක් දාන්නෙ ඔයා, බුවා වගෙ කිපදෙනෙක්නෙ.. අනික්වා සේරම නිකං පි‍ට කැහිලි.

      Delete
    2. @ දම්රුවන්

      ++++++++++

      Delete
    3. කතාව බොහොම ඇත්ත උදිත. දෙමළ ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ සිංහල බහුතරය අතේ බව ඔය ඩයස්පොරාවවත් ලංකාවේ ඉන්න දෙමළ නායකයෝවත් තවම තේරුම්ගෙන නැතිවද? එසේත් නැතිනම් අන්තර්ජාතික ප්‍රජාවගේ බලපෑම් මත තම මස් රාත්තලම ලබාගැනීමේ උත්සාහයක්ද කියලා හිතෙනවා. ප්‍රබාකරන් ෂයිලොක් කරපු ලොකුම මෝඩකම සිංහල ආණ්ඩු දීපු හැම දෙයක්ම ප්‍රතික්ෂේප කර තම මස් රාත්තල පස්සේ දිවීම. අන්තිමේ ඔහුට තම ජීවිතයෙනුත් සහ තවත් දහස් ගණනකගේ ජීවිත වලිනුත් වන්දි ගෙවන්න වුනා. ලංකාවේ ආණ්ඩුව පැත්තෙන්වත් මේ පණිවිඩය දෙමල මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නැතිකම තමයි ලොකුම අවාසනාව.

      Delete
    4. මට තියෙන පුරස්නෙ ඇයි ධනවාදියො වාමාන්ශිකයින්ට කඩේ යන්නෙ කියල....

      Delete
    5. @AnonymousFebruary 28, 2013 at 3:33 PM
      ධනවාදියා සතුරන් ඇතිකර ගන්නේ නැත. සතුරන් ඇතිකර ගැනීම අනොන්‍ය ලෙස එකිනෙකා අතර අර්ථලාභ, ඵලප්‍රයෝජන,ශුභසිද්ධිය සහ යහපත සලසා ගතහැකි නිදහස් වෙළඳාමට බාධාවකි.
      ඔහු ලඟ මට අවශ්‍ය යමක් තිබේ නම් . මා ළඟ ඔහුට අවශ්‍ය යමක් තිබේනම් දෙදෙනා අතර සිදුවන ගනුදෙනුව ගැන කවුරුවත් ඇඟිලි නොගැසීම ධනවාදයේ පදනමයි. ඔබ එය ප්‍රශ්නයක් කර ගන්න එපා.

      Delete
    6. BUdunOZ
      "කතාව බොහොම ඇත්ත උදිත. දෙමළ ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ සිංහල බහුතරය අතේ බව ඔය ඩයස්පොරාවවත් ලංකාවේ ඉන්න දෙමළ නායකයෝවත් තවම තේරුම්ගෙන නැතිවද"

      අනේ යකෝ බොලාගේ ප්‍රශ්නවලටවත් බොලාට උත්තර හොයාගන්න බැරි එකේ කොහෙමෙයි දෙමලුන්නේ ප්‍රශනවලට උත්තර දෙන්නේ?




      "එසේත් නැතිනම් අන්තර්ජාතික ප්‍රජාවගේ බලපෑම් මත තම මස් රාත්තලම ලබාගැනීමේ උත්සාහයක්ද කියලා හිතෙනවා. ප්‍රබාකරන් ෂයිලොක් කරපු ලොකුම මෝඩකම සිංහල ආණ්ඩු දීපු හැම දෙයක්ම ප්‍රතික්ෂේප කර තම මස් රාත්තල පස්සේ දිවීම."

      දැන් ප්‍රභාකරන් නෑනේ ! ඇයි ඔය දෙන්න හදපුවා දැන් දෙන්න බැරි? වැඩිය ඕනේ නැහැ, ඔය පාලකයෝ සිංහලයට දීලා තියෙන පොරොන්දු එහෙම නැත්නම් "දෙන්න හදපු දේවල" දීලා තියෙනවාද? මෝඩ තර්ක ගෙනල්ලා නිකම් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බං.




      අන්තිමේ ඔහුට තම ජීවිතයෙනුත් සහ තවත් දහස් ගණනකගේ ජීවිත වලිනුත් වන්දි ගෙවන්න වුනා. ලංකාවේ ආණ්ඩුව පැත්තෙන්වත් මේ පණිවිඩය දෙමල මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නැතිකම තමයි ලොකුම අවාසනාව.

      Delete
    7. BUdunOZ
      "කතාව බොහොම ඇත්ත උදිත. දෙමළ ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ සිංහල බහුතරය අතේ බව ඔය ඩයස්පොරාවවත් ලංකාවේ ඉන්න දෙමළ නායකයෝවත් තවම තේරුම්ගෙන නැතිවද"

      අනේ යකෝ බොලාගේ ප්‍රශ්නවලටවත් බොලාට උත්තර හොයාගන්න බැරි එකේ කොහෙමෙයි දෙමලුන්නේ ප්‍රශනවලට උත්තර දෙන්නේ?




      "එසේත් නැතිනම් අන්තර්ජාතික ප්‍රජාවගේ බලපෑම් මත තම මස් රාත්තලම ලබාගැනීමේ උත්සාහයක්ද කියලා හිතෙනවා. ප්‍රබාකරන් ෂයිලොක් කරපු ලොකුම මෝඩකම සිංහල ආණ්ඩු දීපු හැම දෙයක්ම ප්‍රතික්ෂේප කර තම මස් රාත්තල පස්සේ දිවීම."

      දැන් ප්‍රභාකරන් නෑනේ ! ඇයි ඔය දෙන්න හදපුවා දැන් දෙන්න බැරි? වැඩිය ඕනේ නැහැ, ඔය පාලකයෝ සිංහලයට දීලා තියෙන පොරොන්දු එහෙම නැත්නම් "දෙන්න හදපු දේවල" දීලා තියෙනවාද? මෝඩ තර්ක ගෙනල්ලා නිකම් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බං.

      Delete
    8. ඒ කතාවත් හරි. ඔය කතාව මම මීට කලිනුත් අහලා තියෙනවා. සිංහල අපිට අපේ ප්‍රශ්න විසඳගන්න බැහැ. දෙමළ අයට හොඳට ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ නිසා දෙමළ අයට ඒගොල්ලන්ගේ ප්‍රශ්ණ ඒගොල්ලන්ටම විසඳගන්න රට බෙදලා දෙන්න ඕන.
      ප්‍රභාකරන්ගේ අන්තවාදී වියරුව ලංකාවේ දෙමල මිනිස්සුන්ට දීපු විසඳුම මොකක්ද?

      Delete
  6. Please someone, print this and send to Mr President..
    He should feel ashamed of himself..

    ReplyDelete
  7. ඇත්තටම මෙවැනි අදහසක් ලංකාවේ කිසිම ජනප්රි ය මුද්රනත මාධ්ය ක පලවෙන් නැහැ.ජනතාවවගේ ඔලු කුහර පුරවන්නේ ITN,SIRSA.HIRU.RUPAVAHINI උන් උන්ගේ මගුල් මාර්කට් කරන්නේ . අපේ ජනතාව තව තවත් දීනයෝ වෙනවා.

    ReplyDelete
  8. ජාතින් එකමුතුවී විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න පුළුවන්. උදිත කියන මේ මතයට මාත් එකගයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා