සමාවෙන්න!

අප විසින් මෙම බ්ලොග් අඩවියෙහි පළ කරන ලද හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු නම් ලිපිය ජනරළ පුවත්පත විසින් අපගේ නිසි අවසරය ඇතිව එම පුවත්පතේ මේ සතියේ කලාපයෙහි පළ කර තිබේ. 

ඔවුන් විසින් එම ලිපිය පළ කිරීමේදී අපගේ මාතෘකාව වෙනුවට 'හලාල්' නම් මාතෘකාව යොදා ඇති අතර අප විසින් දන ලද මාතෘකාව වැරදීමකින් ලිපියේ මුලට එක් වී තිබේ. 

එමගින් ලිපියේ පළමු වාක්‍යයේ අර්ථය වෙනස් වී තිබේ. එයින් අප කීමට අදහස් නොකළ දෙයක් චම්පික රණවක ඇමතිවරයා පිළිබඳ කියැවී තිබෙන බැවින් අපි ඒ පිළිබඳ සමාව අයදිමු. 

අජිත් පැරකුම් ජයසිංහ - සංස්කාරක W3Lanka

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඔය සමහර පත්තරවල සමහර සංස්කාරකවරු නිකම්ම කට් ඇන්ඩ් පේස්ට් කරන පිරිසක්.

    සංසකරණය කළත් කරන්නේ ඡේද පිටින් කපන එකයි, ඡේද අතර සම්බන්ධය ගැන නොසලකා.

    හෙඩින් සහ සබ් හෙඩින් දාන තරමක් මංඥං ඒවා!

    ඇයි ඔබ සමාව අයදින්නේ. මේක ඔබේ වරදක් ද?

    ReplyDelete
    Replies
    1. මට වැරදිලා!

      මේක සමාව අයැදීමක් ම නොවෙයි.

      Delete
  2. අනුන් කල වරදකට උඹ සමාව අයදින්නේ. මඤ්ඤංද......?

    එයා එක සැරයක් ගාල්ලෙ අර ම්නිහෙක් මහ දවාලේ පාරේ කපපු එක දාපු මාධ්‍යවේදියෙක්. එයාලගේ දැක්ම ඒකෙන් පේනවා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ හිට්ස් වැඩි කර ගන්න ගෑනුන්ගේ නිරුවත සේල් කරන මාතලන්ට තමා හොඳම දැක්ම තියෙන්නේ.

      Delete
    2. අනේද ඉයන්නේ මාතලන් දේශපාලනිකව ඉන්න වංක ගිරිය දැකල ( උදා හලාල් ප්‍රශ්නය, බලචන්ද්‍රන්ගේ සේයාරුව හා ජාතිවාදය) මතලන්ගේ දැක්ම ගැන මටනම් තියෙන්නේ මාර පැහැදීමක්. මේකට සුරන්තයයි, ජන්ගියි, පැන්ටියි 18+ කතාටිකයි එකතු උනාම මතලන්ගේ දැක්ම දිගින් පළලින් උසින් ත්‍රිමාණව විස්තාරණය වෙනවා. අනේ බන් !

      Delete
    3. හිට්ස් නැති උනාට අපි මක් කරන්නද....?

      රිසියාවට වඩා ළොකුයි ඉරිසියාව...

      මේ සංවාදය අතරේ ඒකත් පැහැදිලිවම පේනවා. මේ ඇනෝවරුන් නොවේ බ්ලොග් ලියන්නන්..

      අපි කුමක් කරමුද...? ඇයි උඹලයි පවුල් වල උන් යටට අඳින්නෙ නැද්ද...?

      Delete
    4. අනේ කතන්දර ගිහින් චු කතාවක් ලියාගෙන හිටපන් බන් මාතලන් ට බනින්නේ නැතුව

      Delete
  3. "හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ".- වැරැද්දක් නැනේ ඔය හරියටම කියල තියෙන්නේ."දේශපාලනිකව උමතු" වගේ උනානම් වඩාත් හොදයි. මොකද සුදු වැන් එකක්වත් කැරකුනද? නැත්නම් ඔයාගේ කවුරුහරි විද්‍යා හා පරීක්ෂණ අමාත්‍යංශයේ වැඩ කරනවද?

    ReplyDelete
    Replies
    1. 89 පරණ යාළුවෙක් හිහ්

      Delete
    2. 89 දී මම අවරුදු 5ක පොඩි එකෙක්, පළමු වතාවට අම්මයි තාත්තයි එක්ක සත්තු වත්ත බලන්න යනකොට කටුකුරුන්දේ දී ටයර්උඩ දැවුණු සිරුරු දැකල එමොනවද කියල අහපු වෙලාවේ ඔවුන් නිරුතර උන අයුරුත්, ඒ දැවුණු සිරුරුත් තාම මතකයි. පසුකාලීනව ‍චම්පික රණවකගේ හා දැවුණු දහස් ගණන් සිරුරු අතරසම්බන්දය ගැන දැනගත් විට බොහොම ගුජුප්සවයි. නමුත් මට එකට හිනයන්නේනම් නැ.

      Delete
  4. මම දන්න තරමින් මාතලන් ගෑනු නිරුවත ගන ලිවෙ නෑ . ඔනනම් බනපන් මන් ඌට කඩෙ යනව කියල. Naugty amerika බලන අපිට බලොග් වල අකුරු ආතල් ඔන නෑ බන්.

    ReplyDelete
  5. මම හිතන්නෙ අජිත් ජනරලට ස්තුති කලයුතුයි සහ බ්ලොගය කියවන්නන්ගෙන් සමාව අයැදිය යුතුයි ඉතාම නිවැරදි වාක්‍යයක් මැදින් දෙකට කඩා මාතෘකාවක් ලෙස යෙදීම ගැන..

    - Dimithri

    ReplyDelete
  6. මේ වැඩේ ඇත්තටම අහඹු සම්පාතනයක්මද ( Random coincidence ) ? :) :)

    ReplyDelete
  7. ජනරලට ස්තුතියි පැරකුම්ගේ ලිපිය නිවැරදිව පලකිරීම ගැන

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා