කුමාර් රූපසිංහ වැනි පීස්නික්වරුන්ගේ සාම ව්‍යාපෘති හා සාම දේශපාලනය
සාම ව්‍යාපෘති සඳහා නෝර්වේ ආණ්ඩුව විසින් ලබා දීමට පොරොන්දු වූ අරමුදල් ඉල්ලා සහජීවන පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන කුමාර් රූපසිංහ නඩු පවරා තිබේ.
කුමාර් රූපසිංහ නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලා සිටින මුදල රු. මිලියන 94ක් පමණ වේ. එය දැවැන්ත මුදලකි. නඩුව ගැන විස්තර අවශ්‍ය නම් මෙතැනින් කියවන්න.
අපට වැදගත් වන්නේ මේ නඩුව නොවේ. මේ වනාහි 1983 සිට සාම රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන ලද කාර්යයන් පිළිබඳ යළි විමසා බැලීම සඳහා නිමිත්තකි. සාම ව්‍යාපෘති සඳහා යුරෝපා රටවලින් පසුගිය කාලයේ විශාල වශයෙන් මුදල් යෙදවිණි. ඒවායින් යමක් සිදු වී තිබේද?
සාම රාජ්‍ය නොවන ව්‍යාපෘති යුද්ධය කාලයේ ඉහළ වැටුප් සහිත ආකර්ශනීය රැකියා පිරිනමන ආයතන විය. සත්‍ය වශයෙන්ම මෙම ව්‍යාපෘති මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වැය වුණේද වැටුප්, කාර්යාල කුලී, ප්‍රවාහන වියදම් ආදිය සඳහාය. ඒ ඔස්සේ වරෙක ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් පීස්නික්වරුන් ලෙස හඳුන්වන ලද අමුතු වෘත්තික පංතියක්ද බිහි විය. සුමනසිරි ලියනගේම මේ පීස්නික්වරුන් සඳහා නිදර්ශනයකි.
පීස්නික්වරු ඉහළ වැටුප් සඳහා ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට මාරු වෙමින්, සුඛෝපභෝගී ජීවිත ගෙවමින් සමාජයේ වැජඹුණු කාලයක් තිබිණි.
කුමාර් රූපසිංහ වැනි අය විසින් පවත්වාගෙන යන ලද සාම ව්‍යාපෘතිවලින් ඇත්තටම සිදුවුණේ කුමක්ද?
මේ කාලයේ මේ සංවිධාන විසින් කරන ලද මූලික කාර්යයක් වූයේ බලය බෙදීම පිළිබඳ පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමයි. පුහුණුකරුවන් සඳහා වූ මේ වැඩමුළු බොහෝවිට පැවැත්වුණේ හෝටල්වලයි. ඒවාට සහභාගි වූ අයට ගෙවීම්වලට අමතරව ඉහළ මට්ටමේ ආහාර, මත්පැන්, නවාතැන් ආදියද ලැබිණි.
සම්මන්ත්‍රණවලට, උද්ඝෝෂණවලට පුද්ගලයන් සහභාගි කරවීම සඳහා ගමන් ගාස්තු සපයන ලදී. සහජීවන පදනම වැනි මහා රාජ්‍ය නොවන සංවිධානවලින් යැපුණ තවත් රාජ්‍ය නොවන සංවිධාන රැසක් ප්‍රාදේශීය මට්ටමෙන්ද බිහි විය. මෙවැනි සංවිධාන ගොඩනැඟීම රාජ්‍ය නොවන සංවිධාන වාක්කෝෂයේ හැඳින්වුණේ ජාලගත කිරීම හෙවත් නෙට්වර්කිං කියාය. .
ගම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන එක්තරා විධියක මිනිස්බල හෙවත් මෑන් පවර් සප්ලයි ආයතන විය. මේ සංවිධාන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ වූ අතර සාම ව්‍යාපෘතිවලට අමතරව, පරිසර, සංවර්ධන, මැතිවරණ නිරීක්ෂණ ආදී ව්‍යාපෘතිවලද යෙදුණහ.
කොළඹ සාම ව්‍යාපෘතිවල පුහුණුවීම්වලට සහභාගි වූ අය ගම්වල වැඩමුළු මෙහෙයවූහ. කොළඹ කට්ටිය මේවා අධීක්ෂණය කරන්නට පැමිණියහ. මේ ගමන් බිමන් සඳහා ඒරියල් සවිකළ ෆෝ වීල් ඩ්‍රයිව් වාහන එහෙම අවශ්‍ය විය.
ඔය අව් අස්සේ 2006දී සුනාමියක්ද පැමිණි අතර, මේ රාජ්‍ය නොවන සංවිධාන සියල්ලටම පාහේ එය බලාපොරොත්තු රහිත මොහොතක ඇදුණු ලොතරැයියක් විය.
සාම සංවිධාන විසින් කරන ලද තවත් ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ බලය බෙදාගැනීම ගැන පොත් මුද්‍රණය කිරීමයි. ඇතැම් අය සුනාමි සල්ලිවලින්ද පොත් අච්චු ගැසූහ. සාම රාජ්‍ය නොවන සංවිධාන විසින් මුද්‍රණය කරන ලද පොත්වලින් වැඩිහරියක් යුද්ධය හා සාම ව්‍යාපෘති අවසානයේදී පරණ කඩදාසි කඩයට ගියේය.නැතිනම් බලය බෙදීම ගැන ලියැවුණ කොළවලින් ලංකාවම පොරවන්නට තරම් පොත් රාජ්‍ය නොවන සංවිධාන විසින් පළ කරන ලදී.
යුද්ධය සමගම සාම ව්‍යාපෘතිද අවසන් වීම අපූරු සංසිද්ධියකි. යුද්ධයක් නිම වූ පළියට සාමය ගොඩනැඟෙන්නේ නැත. දැන් තිබෙන්නේ එවැනි යුද්ධයකුත්,සාමයකුත් නැති අසහනකාරී සමාජ තත්වයකි. තිරසාර සාමයක් ගොඩනැඟිය යුතුව තිබේ. එහෙත් දැන් ව්‍යාපෘති නැත. ජයග්‍රාහී රාජපක්ෂවරුන් සමග සාම ව්‍යාපෘති පහසු නැත.
පසුගිය කාලයේ සිටි පීස්නික්වරු හෙවත් සාම වෘත්තිකයෝත් දැන් ආගිය අතක් නැත. ඔවුන් වෙනත් රැකියා සොයාගන්නට ඇත.
අපි එදාත් බලය බෙදාගැනීම පිළිබඳ උද්ඝෝෂණයක යෙදුනෙමු. යුද්ධය දිනා කට්ටිය කිරිබත් කද්දීත්, කිරිබත් දිරවා හමාර වී තිබෙන අදත් අපි ජාතීන්ගේ ප්‍රශ්නය ගැන බලය බෙදාගැනීම ඔස්සේ හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම ඔස්සේ විසඳුම් සෙවීම පිළිබඳ උද්ඝෝෂණය කරමු.
සාම ව්‍යාපෘතිත්, සාම දේශපාලනයත් අතර වෙනස එයයි. සාමය ගොඩනැඟීම රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති නොවී දේශපාලනය විය යුතුය.
සාම දේශපාලනය සඳහා සාම ව්‍යාපෘති විසින් දක්වන ලද්දේ අවම දායකත්වයකි.
සාම රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවල දූෂිත තත්වය නිසා හා ඒවා විසින් කරන ලද දෙබිඩි වැඩ නිසා ඒවාට එල්ල වූ සමාජ විරෝධය අවසානයේදී සාම දේශපාලනය පිටින්ද ගියේය. සාම දේශපාලනය කළ අය පරිප්පු කෑහ. සාම ව්‍යාපෘති කළ බොහෝ දෙනෙක් පිටරට ගියහ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

හැම තැනටම වෙන දේ ඔවුන්ටද වී ඇත.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
කුමාර්ට වැලේ වැල් නැතිවද දන්නේ නැහැ නඩු දාල සල්ලි ඉල්ලන්නෙ.නඩුව දිනුවත් සල්ලි නම් අතට ගන්නවා බොරු,කපුටෙක්වත් ඉහට උඩින් පියා සලන්න බැරි කස්ටියගෙන්.ඔන්න ඔය නඩුව ඉල්ලල අස්කරගෙන ලංකාවට විරුද්ධව කෑගහන රටකට වෙලා,එයාලගෙ උද්ගෝෂණවලදී බැනර් එකක් උස්සගෙන ඉදල දෙන දෙයක් [dole]අරගෙන,වෙන දෙයක් බලාගෙන ඉන්න කුමාර්.
ReplyDeleteලංකාවෙ දැන් නැගලම යන ව්‍යාපෘතිය තමයි "මංකොල්ල ව්‍යපෘති"ය.අවශ්‍ය කරන්නෙ පුද්ගලයො දෙන්නයි,ගිනි අවි දෙක සහ රතු නොම්මරය සහිත කළු ඩිපෙන්ඩර් රථයක් පමණි.උප කාර්යාල නොමැත ප්‍රධාන කාර්යාල බෙරේ වැව අසල.සියලු මංකොල්ලකෑම් අධි ආරක්‍ෂිත කලාපවල සිදුවෙන බැවින් මංකොල්ලකරුවන්ගේ ජිවිතවලට අනතුරක් නොමැත.කොල්ල කන්නේ "නැති බැරි"අයගෙන් නොව "ඇති හැකි"අයගෙනි.එයිනුත් ලක්ෂ 99ට අඩු අය බිය විය යුතු නැත.ලක්ෂ 100 ට වැඩි අය ඕනේනම් බියවන්න.
ReplyDeleteකුමාර් රූපසිංහලා තවත් දෙයක් කලේය. ඒ ගනිකාවන් හා සුන්දර ළඳුන් වෙනුවෙන් අත් පය දිග හැර වියදම් කිරීමයි. අද ඒ දේවල් නැති කල නඩුවක් දමා හෝ බඩුවක් ගැසීමට පෙළබීම පුදුම සහගත කරුනක් නොවන්නේය. මේ සිවිල් සංවිධානයයි කියා ගන්නා උන් මෙරටට කළ කිසිම දෙයක් නැත්තේමය. කළ එකම දේ රජවරුන් මෙන් ජීවත් වීම පමණි. සමහර උන් රට හැර ගියේය. සමහර උන් සිරෝසීස් හැදි මළේය. සුළු පිරිසක් තවමත් බයිලා ගසමින් සිටින්නේය.
ReplyDelete"පසුගිය කාලයේ සිටි පීස්නික්වරු හෙවත් සාම වෘත්තිකයෝත් දැන් ආගිය අතක් නැත. ඔවුන් වෙනත් රැකියා සොයාගන්නට ඇත. "
ReplyDeleteතවමත් ඔවුන්ට කරන්නට දේ ඇත. යුධ අපරාධ, නැවත පදිංචි කරවීම, මානව හිමිකම් බිඳීම වැනි දේය.