Posts

Showing posts with the label කුමාර් රූපසිංහ

කුමාර් රූපසිංහ වැනි පීස්නික්වරුන්ගේ සාම ව්‍යාපෘති හා සාම දේශපාලනය

Image
සාම ව්‍යාපෘති සඳහා නෝර්වේ ආණ්ඩුව විසින් ලබා දීමට පොරොන්දු වූ අරමුදල් ඉල්ලා සහජීවන පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන කුමාර් රූපසිංහ නඩු පවරා තිබේ. කුමාර් රූපසිංහ නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලා සිටින මුදල රු. මිලියන 94ක් පමණ වේ. එය දැවැන්ත මුදලකි. නඩුව ගැන විස්තර අවශ්‍ය නම් මෙතැනින් කියවන්න. අපට වැදගත් වන්නේ මේ නඩුව නොවේ. මේ වනාහි 1983 සිට සාම රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන ලද කාර්යයන් පිළිබඳ යළි විමසා බැලීම සඳහා නිමිත්තකි. සාම ව්‍යාපෘති සඳහා යුරෝපා රටවලින් පසුගිය කාලයේ විශාල වශයෙන් මුදල් යෙදවිණි. ඒවායින් යමක් සිදු වී තිබේද?  සාම රාජ්‍ය නොවන ව්‍යාපෘති යුද්ධය කාලයේ ඉහළ වැටුප් සහිත ආකර්ශනීය රැකියා පිරිනමන ආයතන විය. සත්‍ය වශයෙන්ම මෙම ව්‍යාපෘති මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වැය වුණේද වැටුප්, කාර්යාල කුලී, ප්‍රවාහන වියදම් ආදිය සඳහාය. ඒ ඔස්සේ වරෙක ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් පීස්නික්වරුන් ලෙස හඳුන්වන ලද අමුතු වෘත්තික පංතියක්ද බිහි විය. සුමනසිරි ලියනගේම මේ පීස්නික්වරුන් සඳහා නිදර්ශනයකි. පීස්නික්වරු ඉහළ වැටුප් සඳහා ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට මාරු වෙමින් , සු ඛ ෝප භ ෝගී ජීවිත ගෙව...

ෆෙඩරල්වාදය මේසය උඩ; ෆෙඩරල්වාදියෝ මේසය යට | Federalism on the table in Sri Lanka while federalists gone to hiding

Image
අජිත් පැරකුම් ජයසිංහ -  '16වන සියවසේදී බටහිර බලවතුන් පැමිණෙන්නට පෙර, ලංකා දිවයිනේ රාජධානි තුනක් තිබිණි. උතුරේ පිහිටා තිබුණු ඉන් එකක් දෙමළ ජනයාට හිමි විය. කන්ද උඩරට රාජධානිය අවසානයට ම 1815දී බ්‍රිතාන්‍යයන් අතට පත් විය. 1833දී බ්‍රිතාන්‍යයන් පරිපාලන පහසුව තකා මෙම දේශයන් තුන එක් කළ අතර එයින් ලංකාව එක් භූමියක් බවට පත් විය. 1848දී යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් ලබා ගනිද්දී යටත් විජිත රජය සාමාන්‍ය බහුතර පාලනයක් සහිත ඒකීය ස්වරූපයේ ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළේය.' මේ දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන ආකාරයයි. දෙමළ ජාතික සන්ධානයේ සිදු වී තිබෙන බෙදීම දේශපාලනික එකකි. එමෙන් ම එය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස ද දැකිය හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි. දෙමළ ජාතික සන්ධා...